IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රෙද්දේ ගඳ ඉවසන්න බැරිව සැකකරුට ක්ලාන්තය හැදිලා

සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ආරක්ෂිතව අධිකරණයට රැුගෙන ආවේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහාය.
නඩුව අධිකරණයේ කැඳවන තුරු සැකකරු වෙනම ස්ථානයක වෙනම රඳවා තැබුවේ මුළු ශරීරයම ආවරණය වන ලෙසය. දුර්වර්ණ වූ රෙද්දකින් මුළු ශරීරයම වසා තිබිණි.
අධිකරණ සම්ප‍්‍රදාය අනුව සැකකරු සමග සාමාන්‍ය පුද්ගලයන් අට දෙනකුද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරේ.
ඒ සඳහා අවශ්‍ය අට දෙනකුද සොයාගෙන පෙරෙට්ටුව ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කළ පොලිසිය විසින් සැකකරු අධිකරණයට රැගෙන ඒම සඳහා ඔහු රඳවා සිටි ස්ථානයට ගියේය. සැකකරුට කලාන්තය හැදී තිබිණි
පොලිසිය කලබලයට පත්විය.
ඔහුට සිහිය ආ පසු පොලිසිය ඔහුගෙන් ක්ලාන්තය ඇතිවීමට හේතුව විමැසීය.
ලෙඩක් ඇද්දැයි පොලිසිය ඔහුගෙන් ඇසීය.
තමා ආවරණය කර තිබූ රෙද්දේ ගඳ ඉවසාගත නොහැකිව ක්ලාන්තගතියක් සැදුණු බව සැකකරු පවසා ඇත.
කොළඹ දිස්ත‍්‍රික්කයේ අධිකරණයකින් මෙම සිද්ධිය වාර්තා විය.



අදහස් (0)

රෙද්දේ ගඳ ඉවසන්න බැරිව සැකකරුට ක්ලාන්තය හැදිලා

ආනන්ද ආර් Wednesday, 05 June 2013 01:13 PM

දැන් දන්නවා කොහොමද සැකකරු හඳුනාගන්නේ කියලා. කිලිටු රෙද්දෙන් වහල හිටපු කෙනා පෙන්නුවම හරි.(නදී)

:       0       0

ලක්මාල් Wednesday, 05 June 2013 01:14 PM

නියම කථාව. අදනම් ඇත්තටම හිනා ගියා.(ස)

:       0       0

රංජනී Thursday, 06 June 2013 01:12 AM

මේවා අහලා අපටත් කලන්තේ වගේ.(නදී)

:       0       0

රන්දිල් Wednesday, 05 June 2013 04:57 PM

ඔය රෙද්ද තියලා තියන්නේ පොලිසියේ නම් මේ ගද ඉවසන්න පුළුවන් නිලධාරීන් කීදෙනෙක් සමත්ද?(නදී)

:       0       0

දිසානායක Sunday, 09 June 2013 11:35 AM

හෝදන්න 'මිස් වුන' රෙද්දක්ද කොහෙද? (නි)

:       0       0

නිල්මිණී Wednesday, 05 June 2013 05:03 PM

මොන අධිකරණයේද ඕක උනේ.(නදී)

:       0       0

තිලින Wednesday, 05 June 2013 01:31 PM

අනේ පව් අහිංසක හොරා. දඩුවම අඩු කරන්න වටිනවා. රෙද්දේ ගද ඉවසන්න උන නිසා.(නදී)

:       0       0

චන්දි Thursday, 06 June 2013 02:08 AM

හේරත්,මහත්තයෝ.. කතාව නම් නියමයි!,හහ්,හහ් ,හහ්,හාහ්!!!!(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 05 June 2013 09:31 AM

හොරු කියන්නේ ගඳ වැඩ කරන පිරිසක් .හොරකමට ගිහාමත් ගද ,සුවඳ බලනවද ?හැදුනයි කියන ක්ලාන්තය නම් උප්පරවැට්ටියක් !

:       0       0

චන්ද්‍ර Friday, 07 June 2013 11:44 AM

විමල් ගේ ප්‍රතිචාරය සදාචාරාත්මක නොවේ. අධිකරණ තීන්දුව ලැබෙන තෙක් සැකකරුවෙක් වරදකරුවෙක් නොවේ. (නි)

:       0       0

සිසිර Wednesday, 05 June 2013 05:52 PM

නොදන්නාකමට අහන්නේ. ඔය පෙරට්ටුවට තියන අනිත් අයගේ මානව අයිතිවාසිකම් කැඩෙන්නේ නැද්ද, ඔහොම බලෙන් පෙරට්ටු වලට තිබ්බහම? (නි)

:       0       0

ඉෂාන් Wednesday, 05 June 2013 06:06 PM

හහ් හහ් හා!! (නි)

:       0       0

දම්මි Wednesday, 05 June 2013 06:06 PM

මේක රෙද්දේ ගදද පොලිස් ගදද දන්නෙ නැහැ (නි)

:       0       0

හේරත් Wednesday, 05 June 2013 06:08 PM

ඕක නේ සකලබුජන් ආතා කියන්නේ ඉඳල හිටලාවත් වහලා තියෙන රෙද්ද උස්සලවත් බලන්න කියලා? (නි)

:       0       0

ඉසාම් Wednesday, 05 June 2013 10:02 AM

පිරිසිදුවට ඉන්න හොරක් වන්න ඇති හොර ආදර්ශයට අරන්වත් ඔය රෙදි හෝදන්න දාන්න.හොර හොර කරාද කියලත් බලන්න. (ස)

:       0       0

අසීම් Thursday, 06 June 2013 06:35 AM

පොලීසියෙන් එහෙම අහපු එකත් පුදුමයි නේද? (නි)

:       0       0

රාජා Friday, 07 June 2013 12:40 PM

ඔකේ කැලි හොස්පිටල් වලට දුන්නනම් ශල්‍යාගාර වල ලෙඩුන් සිහිසුන් කරන්න එන්නත ඕනේ නැතිවේවි.(නදී)

:       0       0

මනෝජි Wednesday, 05 June 2013 02:14 PM

පොලිසිය ඉන්නේ අනුන්ගේ රෙදි හෝදන්නනේ , ඉතින් කොහෙද එයාලගේ රෙදි හෝදන්න වෙලාවක්? (නි)

:       0       0

සුරංග Wednesday, 05 June 2013 10:37 AM

හී හී කවදාවත් ඔය රෙද්ද හෝදලා නැතුව ඇති..(ස)

:       0       0

අශෝක Saturday, 08 June 2013 10:56 AM

කෙහෙළිය රබුක්වැල්ල කොහෙද ඉන්නේ?(නදී)

:       0       0

පද්මිණී Wednesday, 05 June 2013 10:49 AM

අපුල්ලන්න බැරි තරමටම ඔය රෙද්ද ගදයි. අපිටත් ඔය රෙද්දේ ගද ලගක ඉදල දැනෙනවා.(නදී)

:       0       0

විමල් Thursday, 06 June 2013 02:09 PM

හනේ බෝල ඌරන්ට මොන සෞඛ්‍යද !!(ස)

:       0       0

වරුණ Wednesday, 05 June 2013 11:08 AM

රෙද්ද රාළහාමිලා රෑට පොරවන්න ගන්නවද දන්නේ නැහැ නයිට් ඩියුටි කරනකොට උසාවියේ (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 12 June 2013 07:02 PM

ඇත්තටම මම අද හිනාවුණා (නි)

:       0       0

කිරිහාමි Wednesday, 05 June 2013 02:54 PM

ඕන රෙද්දකට පොලිසිය කිවුවලු (නි)

:       0       0

මර්වින් Wednesday, 05 June 2013 03:04 PM

මට මගේ මාලක පුතා මතක් උනා.(නදී)

:       0       0

දිසානායක Sunday, 09 June 2013 01:24 AM

ඔව් ඔව් කලිසමක ගද වගේ නෙමෙයි, රෙද්දේ ගද ටිකක් වැඩියි තමයි (නි)

:       0       0

ලලිත්-එස්.එල් Wednesday, 05 June 2013 08:45 PM

මේ යකා රෙද්දේ හොරෙක් නේ. ග්‍රීස් යකෙක්ද දන්නේ නැහැ රෙදි අරහන්.(නදී)

:       0       0

නන්ද Friday, 07 June 2013 09:06 PM

ඒ රෙද්ද පොලිස් කාරයෙක් ගෙදර අරන් යන්න ඇති. ඔය පාරේ ඉන්න හිගන්නෙක්ගේ එකක් ගෙනත් දාන්න ඇති.(නදී)

:       0       0

සිල්වා Wednesday, 05 June 2013 03:16 PM

රෙදි අපුල්ලන අය ඔය ඕනෑතරම් ඉන්නේ අර පැත්තේ. (නි)

:       0       0

සරත් Wednesday, 05 June 2013 09:04 PM

රෙද්දේ ගදට වඩා ඔලුවේ සිට රෙද්දකින් ආවරණය කරගෙන සිටි නිසා ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබෙන්න ඇති! එසේම ඇතුලත කාබන් ඩයොක්ෂයිඩ් සාන්ද්‍රණය වැඩි වීමත් හේතුවෙන්න ඇති! රෙද්දේ ගඳම පමනක්මනම් මෙලහකට මම මැරෙන්නම ඕනේ! මම හැමදාම පොරවන රෙද්දත් ඔයවගේ !(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 05 June 2013 11:38 AM

හොඳ වැඩේ හොරාට, හොරකම් ජිවිතේ අමතක නොවන සිද්දිය.(ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 05 June 2013 09:18 PM

ඈත්තම කතාවනම් පොලිසිය ඈඳගෙන ඉන්න රෙදිවල ගඳ සහ පොලිසිය ලඟ එන බුලත් විට ගඳ කාටවත් ඉවසන්න බෑ මතක් වෙද්දි මටත් කලන්තෙ වගේ.(නදී)

:       0       0

ඩිරාම් Wednesday, 05 June 2013 03:41 PM

පොලීසියේ රෙද්ද පෙරවගන කලන්තෙ හැදිල බේරුනානන් ලොකු දෙයක්, මැරිල වැටෙන්නෙ නැතිව.

:       0       0

විශ්මි Friday, 07 June 2013 10:11 AM

හොරෙක් වුනත් මනුස්සයෙක් නේ? නීතිය බව ඇත්ත. ඒත් අපි හොරෙකුටත් වැඩිය අමානුෂික විය යුතුද? (නි)

:       0       0

නාලක Wednesday, 05 June 2013 12:20 PM

සෙන්ට් පවුඩර් ගහපුවද ඉල්ලන්නේ.(නදී)

:       0       0

සංජය Wednesday, 05 June 2013 12:26 PM

මාර රෙද්දක් නේ.. (ස)

:       0       0

චන්දන Friday, 07 June 2013 03:23 PM

සරත් කොහොම වුනත් රෙද්ද සෝදාගන්න මාසෙකට සැරයක් වත්.(නදී)

:       0       0

අමිළ-කටුනායක Wednesday, 05 June 2013 12:25 PM

පොලිසියට නම් ඕන රෙද්දක්.(නදී)

:       0       0

හේරත් Sunday, 09 June 2013 09:25 AM

පව් අනේ මේ හොරා. ජීවිතේටම රෙද්දක් අස්සේ හිටිය පලවෙනි දවස වෙන්න ඇති නේද? (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 05 June 2013 12:39 PM

දවසේ කතාව. (ස)

:       0       0

චන්දන Wednesday, 05 June 2013 12:36 PM

ගද නැතුව තියෙයිද පොලිසියේ රෙද්දක්නෙ.(නදී)

:       0       0

කිර්ති Sunday, 09 June 2013 05:34 PM

විහිලුත් දැකලා තියෙනවා මෙන්න විහිලු (දී)

:       0       0

ජානි Wednesday, 05 June 2013 11:04 PM

ඔය හෝදන්නේ නැති රෙද්ද වෙනුවට පාවිච්ච්යෙන් පසු ඉවත් කල හැකි ආවරණ යොදා ගන්නවානම් මන් හිතන්නේ පරිසරයටත් හොඳයි අදාල පුද්ගලයාටත් හොඳයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 456 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 579 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1058 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 891 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2346 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 816 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 282 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site