මහනුවර සිට බදුල්ල දක්වා දිවෙන රන්දෙණිගල මහවැලි රජ මාවත මාර්ගයේ කීර්තිබණ්ඩාරපුර, සේරුපිටිය ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේම ඇති හෙළ බොජුන් හලේ සිය කෑම බීම සදා සකස් කර අලෙවි කර මුදල් දමන පෙට්ටිය හෙළ බොජුන් හලට කෑම බීම සොයා ගෙන පැමිණෙන රිළා රංචුවක රිළවකු විසින් මුදල් ද සමග පැහැර ගෙන ගිය බව එම හෙළ බොජුන්හලේ කෑම බීම සාදා සකස් කර අලෙවි කරන කාන්තාවක් කීවාය.
මධ්‍යම පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන මෙම හෙළ බොජුන් හලේ ප්‍රදේශයේ කාන්තාවන් කීප දෙනකුම කෑම බීම සාදා හෙළ බොජුන් හලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කරමින් සිය ජීවිකාව ගෙන යන අතර, ඉකුත් දිනක හෙළ බොජුන් හල අසලට දිනපතා කෑම බීම සොයාගෙන පැමිණෙන රන්දෙණිගල රන්ටැඹේ අභය භුමියේ සැරිසරමින් සිටින රිළා රංචුවක රිළවකු හෙළ බොජුන් හලේ කාන්තාවක කෑම බීම සාදා අලෙවි කර මුදල් දමන පෙට්ටිය මෙසේ මුදල් ද සමග පැහැර ගෙන ගොස් ඇත.
මහනුවර බදුල්ල රන්දෙණිගල මහවැලි රජ මාවත මාර්ගය ඔස්සේ දිනපතා මෙන්ම සති අන්තයේ දෙස් විදෙස් සංචාරකයන් විශාල ලෙස කතරගම, මහියංගණය, බදුල්ල, අම්පාර, මඩකලපුව, මොණරාගල, පොලොන්නරුව ආදි ප්‍රදේශ ගණනාවක් කරා ගමන් කරන අතර එසේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන් මෙම බොජුන් හලට පැමිණ කෑම බීම ලබාගෙන යන අතර එසේ දෙස් විදෙස් සංචාරකයන් කෑම බීම ලබාගැනීමෙන් පසු ඒවාට ගෙවන මුදල් දමන පෙට්ටිය රිළා රංචුවක රිළවෙකු විසින් මුදල් ද සමග ඉකුත් දිනක පැහැර ගෙනයාමෙන් පසු මේ වනතෙක්ම සොයා ගැනීමට නොහැකි වී ඇත.
රන්දෙණිගල රන්ටැඹේ අභය භූමියේ සැරිසරමින් සිටින රිළා රංචු දිනපතාම මෙම බොජුන්හලට කෑම බීම සොයාගෙන පැමිණෙන අතර, එසේ පැමිණෙන රිළා රංචු බොජුන් හලේ කෑම බීම සාදා දෙස් විදෙස් සංචාරකයිනට අලෙවි කරන කාන්තාවන් සමග හිතවත්වී කෑම බීම පවා ලබාගන්නා බවත් එහෙත් මෙම රිළා රංචු අතර සිටින සමහර රිළා රංචුවල රිළවුන් හෙළ බොජුන්හලේ කෑම බීම සාදා සකස් කර අලෙවි කරන කාන්තාවන්ගේ ඇඟ මතට කඩා පැනීමට පවා සූදානම් වන නිසා තමන් මහත් බියට පත්ව සිටින බව එම බොජුන්හලේ කෑම බීම සාදා අලෙවි කරන කාන්තාවෝ පවසති.
එම නිසා මෙම හෙළ බොජුන්හල අසලට කෑම බීම සොයාගෙන රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමියේ සිට පැමිණෙන රිළා රංචුවල සිටින සමහර රිළවුන්ගෙන් තමන්ට අනතුරක් විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස අදාළ ආයතනවලින් මෙන්ම වගකිව යුතු බලධාරින්ගෙන් මෙම බොජුන්හලේ කෑම බීම සාදා අලෙවි කරන කාන්තාවෝ ඉල්ලා සිටිති.
වලපනේ අරුණ ඩයස්
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රිලවා හෙළ බොජුන් හලේ සල්ලි පෙට්ටයට විදලා