(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
පොල් වත්තක සිටින රිළා රංචුවක් වායු රයිෆලයක් පෙන්වා එළවමින් සිටිය දී එක් රිළවෙක් කුරුම්බා කෝම්බයක් වයෝවෘද්ධ පුද්ගලයකුගේ හිසට දමා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල නගරයට තරමක් දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයට අයත් ගමකි. මෙම ගම්මානයේ 78 හැවිරිදි සිව් දරු පියෙක් වයෝවෘද්ධ බිරිඳ සමග ජීවත් වෙමින් සිටියි.
මෙම සිව් දරු පියාගේ දරුවෝ තිදෙනෙක් විවාහ වී පිට පළාත්වල ජීවත් වෙති. බාල පුතා මහ ගෙදරට ආසන්න නව නිවසක් තනාගෙන බිරිඳ දරුවන් සමග ජීවත් වන අතර. මහ ගෙදර නිවසේ පදිංචිව සිටින්නේ වයෝවෘද්ධ යුවළ පමණි. මෙම යුවළ පදිංචිව සිටින ඉඩම අක්කර 4 ක පමණ පොල් ඉඩමකි. ඉඩමේ සාමාන්‍යයෙන් පොල් ගස් 160 ක් පමණ මෙම වයෝවෘද්ධ පුද්ගලයා තරුණ අවධියේ දී සිටුවා තිබුණි.
මෙම පොල් ඉඩමේ ගස්වල කුරුම්බා ගෙඩි කෑමට දිනපතා 40ක් පමණ සමන්විත රිළා රංචුවක් පැමිණෙති. මෙම රිළා රංචුව එළවා දැමීමට දින පතා වයෝවෘද්ධ පුද්ගලයා විශාල මුදලක් වැය කර අහස් කූරු, රතිඤ්ඤා, දල්වා පත්තු කර විසි කර දමා තරමක් දුරට අසල්වැසි වතුවලට රිළා රංචුව එළවා දමයි.
මීට දින කිහිපයකට පමණ ඉහතදී උදේ පාන්දර ආ රිළා රංචුව එළවා දැමීමට වයෝවෘද්ධ පුද්ගලයාට අහස් කූරු හෝ රතිඤ්ඤා නොතිබුණි. කීප වරක් කෑ ගසා රිළවු රංචුව එළවා දැමීමට උත්සාහ කළ ද කිසිම පලක් නොවීය. අල්ලපු නිවසේ තිබුණු වායු රයිෆලයක් ඉල්ලා ගත් වයෝවෘද්ධ පුද්ගලයා වායු රයිෆලය කර තියාගෙන යළි පොල් වත්තට පැමිණියේය. වායු රයිෆලය රිළවකු දෙසට එල්ල කරන අවස්ථාවේ දී එක් රිළවෙක් කා අතේ තිබුණු කුරුම්බා කෝම්බයක් බිමට විසි කර දැමීය. කෝම්බය වයෝවෘද්ධ පුද්ගලයාගේ හිසේහි වැදුණි. ඔළුව අත ගගා ළඟ තිබුණු පොල් ගස දෙස බලන විට එක් රිළවකු වයෝවෘද්ධ පුද්ගලයා දෙස ඇස් දෙක ලොකු කරගෙන බලා සිටින අයුරු දුටුවේය.
වයෝවෘද්ධ පුද්ගලයා ඔළුව අත ගාමින් යළි වායු රයිෆලය ද කරේ තියාගෙන නිවෙසට ගොස් සිදු වුණු ඇබැද්දිය පිළිබඳ වයෝවෘද්ධ බිරිඳට පැවැසුවේ දැඩි වේදනාවෙනි.
බිරිඳ කහට කෝප්පයක් පානය කිරීමට සලස්වා දී වයෝවෘද්ධ සැමියාගේ හිසේ වේදනා ආලේපයක් ගා පිරි මදිද්දී යළි රිළවුන් එළවීමට නොයන ලෙසත් තිබෙන පොල් ගෙඩියක් කා ජීවත් වෙමු යැයි වයෝවෘද්ධ බිරිඳ තිදරු පියාට යෝජනා කර ඇතැයි ද වාර්තා වෙයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රිළවාට කොකා පෙන්නුවාම රිළවාත් නියම ගේමක් දීලා