IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රිළවුන් බයකරන්න ගිහින් තමන්ම බයවී තොවිලයකුත් කරලා

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
රිළවුන් එළවීමට තමන්ම ගොවිබිමේ සවි කළ වෙස් මුහුණකට බියවීම නිසා අත, කන, කර උගස් කිරීමට සිදුවීමේ අපූරු පුවතක් පසුගියදා වික්ටෝරියා රක්ෂිතයට ආසන්නයේ පිහිටි ගමකින් වාර්තා විය.


ගොවිතැනෙන් මූලික ජීවනෝපය සරිකරගත් පිරිසක් මෙම ගම්මානයේ විසූහ.


මෙම ගම්මානයේ ගොවිතැනට කාලාන්තරයක් තිස්සේ බලපාන ප්‍රධාන ගැටලුව වූයේ වනසතුන්ගෙන් තම වගාවන්ට සිදුවූ වගා හානිය වළක්වා ගැනීමය.


මෙසේ හානී සිදු කළ සත්ත්වයින් අතරින් රිළවුන්ගෙන් වූ හානි බහුල ලෙස වාර්තා විය. මෙම හානිය වළක්වා ගැනීම සඳහා විවිධ උපක්‍රම යෙදුවත් ඉන් ප්‍රතිඵලයක් නම් නොවීය.


එමනිසා මහනුවර නගරයට පැමිණි එක් ගොවියකු වෙස් මුහුණුක් සමග රාත්‍රී කාලයේ පැල් රැකීමේදී වෙහෙස නිවා ගැනීම සඳහා අති විශේෂ පානයක්ද රැගෙන ගියේය.


එදිනම වෙස් මුහුණ ගොවී බිමේ සවි කළ ගොවියා, සවස් කාලයේ මදු විතෙන් සප්පායම්වී තමන් විසින් යෙදූ උපක්‍රමය අනෙක් ගොවීන්ට ද පවසමින් තම වගා බිමට යන්නට විය.


එසේ එද්දි වෙනදා නොමැති පාළු දැනෙන්නට වූ අතර එක්වරම ඈතින් යම් ශබ්දයක් ඇසී ඒදෙසට යාමේදී ඈතින් දක්නට වූ දෙයින් ඔහු බියට පත්වී හොල්මනක්, යකෙක්, යකෙක් කියමින් ආපසු නිවස බලා  දිව යන්නටත් විය. ඒ අතරම ඔහු බිය වූ බව ආරංචිය ද ගමපුරා පැතිරෙන්නට විය.  පසුව පසුදා ගමේ තරුණයින් පිරිසක් ගොවි බිමට ගොස් බැලූ_ අතර කිසිදු හෝඩුවාවක් දක්නට නොලැබුණු අතර දක්නට ලැබුණු එකම දේ වූයේ ගෙවිබිමේ වූ වෙස් මුහුණ පමණි.


දින කිහිපයක් සිහි විකලෙන් පසුවූ ගොවියාට කළ සාත්තු කිසිවකින් සුවය නොලැබුණු තැන අවසානයේ අත, කන, කර උගස්කර පැවැත් වූ තොවිලයකින් පසු ඔහු සූවය ලද බවට වාර්තා විය.

 



අදහස් (0)

රිළවුන් බයකරන්න ගිහින් තමන්ම බයවී තොවිලයකුත් කරලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ගමේ බඩු ‘‘කූරියර්’’ කර එවලා
2024 නොවැම්බර් මස 26 128 0

පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලු‍ත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.


කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 580 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 984 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 903 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1172 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9516 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 749 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site