IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


රිළවු පන්නන්න ගිහින් බඩගාගෙන එන්න වෙලා

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්


දකුණු පළාතේ පිටිසර ගමක වත්තක් මැද පිහිටි නිවසක ජීවත්වන කාන්තාවක රිළවුන් එළවා දැමීමට ගොස් සිදු වූ සිද්ධියක් පිළිබඳ අපුරු පුවතකි.
කලක සිට වන සතුන්ගෙන් සිදුවන නොයෙකුත් කරදර මෙන්ම අස්වැන්න විනාශ කිරීම නිසාද ජනතාව ඉතා අපහසුතාවට පත්ව සිටිති. මෙම කාන්තාවටද තම ප්‍රදේශය තුළ බහුලව සිටින රිළවුන් නිසා ගැටලු‍ රාශියකට මුහුණදීමට සිදුවිය.
තම ගෙවත්තේ සිදුකරන වගා හානි නිසා සිත් තැවුලට පත්ව සිටි ඇය රිළවුන් එළවා දැමීමට නොයෙකුත් උපක්‍රම යෙදුවද එය නිෂ්ඵල විය. පසුගිය දිනෙක නිවෙසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක වහලේ උළු කැට පොඩිකර කරන ලද විනාශය නිසා ඇය ඉතා කෝපයට පත් වූවාය.
දිනක් නිවෙසට පැමිණි පුද්ගලයෙකු කියා සිටියේ රිළවුන් බියකර පලවා හැරිය හැකි වෙස් මුහුණක් නගරයෙන් මිලදී ගත හැකි බවයි. එය පැලඳ කළු රෙද්දක් පොරවා ගත් විට රිළවුන් බියට පත්ව මොරදී පලා දුවන බවයි. මෙය ඇයට මහත් සතුටුදායක ආරංචියක් විය. පසුදාම නගරයට ගිය ඇය එම වෙස් මුහුණක් මිලදී ගත්තාය.


එදින නිවසට පැමිණෙන විටත් ගෙවත්තේ රිළවුන් රංචුවක් ගැවසෙනු ඇය දුටුවාය. ඉක්මනින් වෙස් මුහුණ පැලඳ කළු රෙද්දක් පොරවා මිදුලට බැස්සේ රිළවුන් බියට පත්වන අයුරු දැක බලා ගැනීමට හා තමාට සිදුව ඇති කරදරයෙන් මදක් හෝ සහනයක් ලැබෙන බව සිතාගෙනය.
එක්වරම දුටු මෙම අමුතු සතා නිසා නිවසේ වෙසෙන බල්ලා බියට පත්ව වේගයෙන් දුවවිත් ඇයගේ ඇඟට පැන්නේය. නොසිතූ මොහොතක සිදු වු දෙයින් කිසිවක් සිතා ගැනීමට නොහැකි වු ඇය කරකැවී ගොස් මල් පෝච්චියක්ද පෙරළාගෙන බිම පතිතවිය. කාන්තාවගේ කෑ ගැසීම නිසා බියට පත් වු බල්ලා දුවගිය අතර ඇය බොහෝ අපහසු‍වෙන් ගෙතුළට බඩගාගෙන පැමිණියේ නැගිට ගැනීමට අපහසු වු බැවිනි.
බල්ලා සපාකෑම නිසා බෙහෙත් විදගත් ඇය කකුලේ ඇති වු උළුක්කුවට දින කිහිපයක්ම වෙද ගෙදර යාමට සිදු වීමෙන් ගම පුරා මෙම පුවත ප්‍රචාරය වු අතර කකුලේ වේදනාවට වඩා සිතේ වේදනාව වැඩි වුයේ දකින අය රිළවුන් එළවීමේ වෙස් මුහුණ ගැන විමසීම නිසාය.

 



අදහස් (1)

රිළවු පන්නන්න ගිහින් බඩගාගෙන එන්න වෙලා

රිතික් Thursday, 02 January 2025 02:07 PM

මෙම සිද්ධිය දැනගත් ගමේ කටකාර කොල්ලො කුරුට්ටන් ඇය පාරේ යනවිට "නැන්දේ රිලව් එලෙව්වාදැයි" අසනවිට ඇය හොඳ ලුණු ඇඹුල් ඇතුව ඔවුන් අමතනවාලු.

:       3       4

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

උදව්වට ගිහින් අමාරුවේ වැටිලා
2025 ජනවාරි මස 03 572 0

මහ රෑ මහමගදී හමුවූ සුදු නංගිට උදව් කරන්න ගොස් අලි අමාරුවක වැටුණ කළු අයියා කෙනෙකු පිළිබඳව අපූරු කතාවක් රෑ කඩවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. එම නගරය


රිළවු පන්නන්න ගිහින් බඩගාගෙන එන්න වෙලා
2025 ජනවාරි මස 02 907 1

දකුණු පළාතේ පිටිසර ගමක වත්තක් මැද පිහිටි නිවසක ජීවත්වන කාන්තාවක රිළවුන් එළවා දැමීමට ගොස් සිදු වූ සිද්ධියක් පිළිබඳ අපුරු පුවතකි.


‘සැන්ඩි’ සිහියෙන් අලි අමාරුවක වැටිලා
2025 ජනවාරි මස 01 863 1

මිතුරන් ගෙනා බෝතලය බොන්න සැන්ඩිවලට දෙයක් රැගෙන එන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව බලපිටියෙන් අසන්නට ලැබේ.


පඹයා නිරුවත් කරලා
2024 දෙසැම්බර් මස 31 889 0

කුඹුරට එන කුරුලු ආදී සතුන්ගෙන් වී අස්වැන්න බේරා ගැනීම සඳහා කුඹුර මැද සිටුවා තිබූ පඹයකුගේ කලිසම හා කම්සය හොරෙන් ගලවාගෙන යාමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ග


නින්ද ගිහින් අතින් තට්ටු වෙලා
2024 දෙසැම්බර් මස 30 683 0

පුද්ගලයකුට බස් රථයේදී නින්ද යාම හේතුවෙන් වැඩිපුර කිලෝමීටර් 15ක් ගොස් නැවත රුපියල් 100ක් ගෙවා වෙනත් බස් රථයකින් නිවෙසට යාමට සිදුවීමේ සිද්ධියක් හංවැල්ල ත


සුද්දා අන්දන්න ගිහින් තරු පෙනිලා
2024 දෙසැම්බර් මස 28 1015 0

සුද්දා අන්දන්න ගොස් තමන්ම ඇන්දුණු අපේ රටේ කළු සුද්දකු ගැන කතාවක් බලපිටිය මාදු ගඟ අවටින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 414 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site