හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
නිවෙසින් බැහැරට ගොස් රාත්‍රී කාලයේ නැවත පැමිණි දියණියගේ සැමියා හොරකු යැයි කෑගසා පොලිසියට අල්ලා දුන් නැන්දණියක පිළිබද අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
රූමත් දියණියක සිටින මැදිවිය පසුකරමින් සිටි අඹුසැමි යුවළකි. බිරිඳ නිවෙසේ සියලු කටයුතු පාලනය කළාය.
දියණිය පාසලට සහ උපකාරක පන්තිවලට යන එන සෑම අවස්ථාවකම මවද ඇය සමග ගියාය.
මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට යැයි දියණියට නවීන ජංගම දුරකතනයක්ද මවුපියෝ ගෙනවිත් දුන්හ.
විභාගය අවසන් වී සතියක් පමණ ගතවූ පසු දියණිය තරුණයකු සමග පැනගොස් අගනුවර ප්‍රදේශයේ ජීවත් වූ අතර මාස කිහිපයක් ගතවීමත් සමග තරුණිය සැමියා සමග නිවෙසට පැමිණියාය.
බිරිඳගේ මහගෙදර පදිංචියට පැමිණි තරුණ යුවළ මව්පියන් සමග සතුටින් ජීවත් වූ අතර තරුණ සැමියාට ප්‍රසිද්ධියේ නිවෙසින් බැහැරට යාමෙන් වැළකී සිටින ලෙස නැන්දණිය උපදෙස් දී තිබූ නිසා අසල් වැසියන් සහ ප්‍රදේශවාසීහු ආගන්තුකයා පිළිබඳව වැඩි දෙනෙක් දැන නොසිටියහ.
නිරන්තරයෙන්ම වාගේ සවස් කාලයේ නිවෙසින් පිටව යන තරුණ සැමියා රාත්‍රී කාලයේ නිවෙසට පැමිණියේය. සැමියා පිළිබද තොරතුරු ගමේ අයට හෙළිවේ යැයි බියට පත්ව තරුණ බිරිය සැමියාගේ ගමන් බිමන් වලට නිතරම විරෝධය පළ කරමින් සැමියා පිළිබද සැලකිලිමත් වූවාය.
ඒ මොනවා වුණත් තරුණ සැමියාගේ රෑ ගමන් නතර වන පාටක් නොවිණි.
එක් දිනක් නිවෙසින් පිටතට ගොස් සිටි තරුණ සැමියා රාත්‍රී කාලයේ පැමිණියේය. බිරිඳගේ නොසැලකිලිමත් බවට උරණ වී නැන්දම්මා ඇයට බැණ වදිමින් දැඩිව දෝෂාරෝපණය කරන්නට වූවාය. තරුණයාද විවිධ දේවල් මේ අතර පවසන්නට වූ අතර අන්තිමේදී නැන්දම්මා බෑනාට බැන වදිමින් සොරෙක් පැන්නා යැයි විලාප තැබුවාය.
කාන්තාවගේ කෑගැසීම නිසා අසල්වැසියන් පැමිණ නිවෙසේ සිටි තරුණයා සොරකු යැයි සිතා පොලීසියට බාරදුන්නේ හොඳවායින් දෙක තුනක්ද අනිමිනි.
පොලිසියට රැගෙන ආ තරුණයට පොලිස් කුඩුවේ ලගින්නට සිදුවූ අතර නැන්දම්මා මෙන්ම බිරියටද කරන්නට දෙයක් නොවීය. පසුදින සිද්ධිය විමර්ශනයට ලක්කළේය.
නිවෙසේ සිටි තරුණයා සොරෙකු නොවන අතර තරුණියගේ සැමියා වන බවත් පවුල් ආරවුලක් හේතුවෙන් බොරු චෝදනාවක් කර ඇති බව හෙළිවිය. තරුණියත් තරුණයාත් අඹුසැමියන් ලෙස ජීවත් වුවත් ඔවුන් නීත්‍යනුකූලව විවාහ වී නොමැති බවත් විමර්ශනයේ දී අනාවරණය විය.
පොලිසිය සියලු දෙනාට තරයේ අවවාද කරමින් පිරිස මුදාහළ අතර තරුණ සැමියා බිරිඳ හැර දමා ගෙදර ගියේ යළි කෙදිනකවත් පැත්ත පළාතක පස් නොපාගන බව පවසමිනි.
දින කිහිපයක් ගතවන විට සිද්ධිය ගම පුරා පැතිර ගිය අතර හොරු පැමිණ රැගෙන ගියේ මොනවාදැයි ගමේ තරුණයන් විමසීම නිසා තරුණිය සහ මව ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින බව ද සැලවේ.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෑ ගෙදරට ආ බෑනා හොරෙක් කියා පොලිසියට අල්ලා දීලා