හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
මධ්‍යම රාත්‍රී දොළහට පමණ කසිප්පු බෝතලයක් බී පෙම්වතියට පරුෂ වචනයෙන් දුරකථනයෙන් බැන වදිමින් සිටි පෙම්වතකුට පොලිස් කූඩුවේ ලගින්නට වීමේ සිද්ධියක් වාර්තා වේ.
කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පසුගියදා රාත්‍රී කාලයේ මුර සංචාරයේ යෙදී සිටියදී මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ ත්‍රිරෝද රථයක් තුළ සිටි පුද්ගලයකු පරුෂ වචනයෙන් බනිමින් සිටිනු දැක ඒ ගැන සොයාබලා තිබේ.
එහිදී පොලිස් නිලධාරීන්ට දැක ගන්නට හැකිව ඇත්තේ බෝතලයක පුරවා ගත් කසිප්පු බොමින් මෙම පුද්ගලයා දුරකථනය ඔස්සේ පරුෂ වචනයෙන් බැන වදිමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ අවුරුදු 30ක් පමණ වන ඔහු සිය පෙම්වතිය හමුවීම සඳහා ඇයගේ නිවෙසට රාත්‍රී කාලයේ පැමිණ ඇති බවත් ඒ අවස්ථාවේ ඔහු අධික ලෙස කසිප්පු බී සිටි බැවින් පෙම්වතියගේ සොහොයුරන් ඔහු පන්නා ගෙන තිබෙන බවත්ය.
ඉන් පසුව ඔහු පැමිණි ත්‍රිරෝද රථය මාර්ගයක් අයිනේ නවත්වා පෙම්වතියට දුරකථන ඇමතුමක් ගෙන බෝතලයේ ඉතිරිව තිබූ කසිප්පු බොමින් පෙම්වතියට සහ ඇගේ සොහොයුරන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් සිටියදී පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ.
සැකකරු ළඟ තිබූ ලීටර් දෙක හමාරේ බෝතලයේ කසිප්පු මිලිලීටර් 750ක් ඉතිරිව තිබී ඇති අතර නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනුණ අතර සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා ඇතුළු නිලධාරීහු මෙම සැකකරු අත්අඩංගුවට ගත්හ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රැ දොළහට පෙම්වතියට කෝල්කර පොලිස් කුඩුවෙත් ලගින්න වෙලා