IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලොක්කෙකුට ගූඩ් මෝනින් කියා සේවකයාට බර අදින්න වෙලා

හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
අසනීප තත්ත්වයක් හේතුවෙන් සැහැල්ලු‍ රාජකාරිවල යොදවා සිටි සේවකයකු උදෑසන හමුවූ අවස්ථාවේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකු කොහොමදැයි විමසද්දි සේවකයා දුන් පිළිතුර අනුව සුපුරුදු බර වැඩ රාජකාරියට යෙදවීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
හදිසි අනතුරකට මුහුණපෑම හේතුවෙන් අසනීප වූ සේවකයකු සිය ආයතනයේ ඇති සැහැල්ලු‍ රාජකාරින් සඳහා යෙදවීමට පාලන අධිකාරිය කටයුතු කළේය. දිවා රාත්‍රී ලෙස සේවා මුර ක්‍රම දෙකක් මෙම ආයතනය තුළ ක්‍රියාත්මක වුවද අසනීප තත්ත්වය නිසා මෙම සේවකයාට දිවා කාලයේ පමණක් රාජකාරි පැවැරුණේය. 


දක්ෂ සේවකයකු වූ ඔහු අසනීප වීමට පෙර යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස දැඩි කැපවීමකින් සිය අයතනය වෙනුවෙන් සේවය කළේය. දිවා සේවා මුරය ආරම්භ වීමට විනාඩි තිහකට පෙර ආයතනයට පැමිණීම පුරුද්දක් ලෙස ඔහුගේ දින චර්යාවට එකතු වී තිබුණි. ආයතනය තුළ හමුවන සියලු දෙනාටම සුබ උදෑසනක් යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ද ඔහුගේ පුරුද්දක් වී තිබුණි.
පසුගිය දිනක උදෑසනම සේවයට පැමිණි සේවකයා තම අංශය වෙත ගමන් කරමින් සිටිය දී මාණ්ඩලික නිලධාරියෙක් ඔහුගේ පෙර මගට පැමිණියේය. සුපුරුදු පරිදි සුබ උදෑසනක් සර් යැයි සිය මාණ්ඩලික නිලධාරියා ආමන්ත්‍රණය කිරීමට ඔහු අමතක නොකළේය. නිලධාරියා ද සුබ උදෑසනක් යනුවෙන් පවසා දැන් කොහොම ද යැයි විමසීය. හොඳින් ඉන්නවා සර් යනුවෙන් පවසා සේවකයා සිය වැඩ අංශය දෙසට ගමන් කළේය.
සති අන්තය නිමවී සඳුදා දින සේවය පැමිණි සේවකයාට තමන් නැවත යන්ත්‍ර ක්‍රියා කරවීමට යොදවා ඇති බවට සැලවීමෙන් පසු ඔහුට කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයක් ඇති විය. යන්ත්‍ර සූත්‍ර අංශයට පැමිණි තම පැරණි සගයා දුටු මිතුරන්ට සතුටක් මෙන්ම දැඩි කනගාටුවක් ද ඇති විය. 


අසනීපය සුවවීමට පෙර නැවත බර වැඩට යෙදීම පිළිබඳ කතාව ආයතනය තුළ ලැව්ගින්නක් සේ පැතිර ගියේ දක්ෂ සේවකයකුට  සැලකීම පිළිබඳව ඇති වූ කලකිරීම ද සමගය. 
පැය කීපයක් ගතව යද්දී ආයතන ප්‍රධානියාට ද සිද්ධිය සැලවූ අතර ඔහු යක්ෂාරූඪ වී යන්ත්‍ර සූත්‍ර අංශයට ගියේය. සිද්ධිය පිළිබඳව විමසා බැලීමේ දී ආයතන ප්‍රධානියාට ද ඉබේටම සිනා ගියේය. 
හොඳින් ඉන්නවා යැයි කීම නිසා එම මාණ්ඩලික නිලධාරියා සිදුකළ වැඩක් බව දැනගත් ප්‍රධානියා ඔහු එම ස්ථානයට කැඳවා සේවකයන් ඉදිරියේම ලු‍ණු ඇඹුල් සහිත දේශනාවක් සිදුකළේය. මාණ්ඩලික නිලධාරියා සේවකයාගෙන් කොහොමදැයි කියා විමසා ඇත්තේ ඔහුගේ සුව දුක් දැන ගැනීමේ අරමුණෙන් බව ද හෙළි විය. එදින පටන් ඔබට කොහොමද වදන එම ආයතනයේ ජනප්‍රිය වූ අතර මාණ්ඩලික නිලධාරියාට වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ද ලැබුණු බව පැවසේ. 

 



අදහස් (0)

ලොක්කෙකුට ගූඩ් මෝනින් කියා සේවකයාට බර අදින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site