තම ආයතන ප්‍රධානියා අලුතින් මිලදී ගත් මෝටර් රථය වටේට කොළ අතු එල්ලා සිය සතුට පළ කළ සේවක පිරිසක් පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
එය පළාතේ ගම්බද ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි.
ලොකුකමින් හිස උදුම්මා නොගත් ආයතන ප්‍රධානියා එහි ඉහළම සේවකයාට මෙන්ම පහළම සේවකයාට ද සැලකුවේ තමන්ගේම සහෝදරයන්ට මෙනි.
ඒ නිසාම එහි සියල්ලෝද සිය ප්‍රධානියා සමඟ බෙහෙවින් කුලුපග වූ අතර ඔහුට ඉතා ආදරයෙන් සලකන්නටද වූහ.
ඒ නිසාම ඇතැම් අවස්ථාවල ඔවුන් ඔහු සමඟ විහිළු තහළු කරන්නට පවා පුරුදු වී සිටියේ ආයතන ප්‍රධානියාගේ නිලය පවා අමතක කරමිනි.
පසුගිය දිනක ඔහු තමුන් සතුව තිබූ මෝටර් රථය විකුණා දමා අලුත්ම වර්ගයේ මෝටර් රථයක් මිලදී ගත්තේ වැටුපෙන් ඉතිරිකරගත් මුදලක්ද ඊට යොදවමිනි.
ආයතනය ඉදිරිපිට නවතා තිබූ සිය ප්‍රධානියාගේ අලුත්ම අලුත් මෝටර් රථය දුටු සේවක පිරිසක් ඔහුට විහිළුවක් කිරීමට සිතා මෝටර් රථයේ බඳ වටා කොළ අතු ආදිය එල්ලා සිය සතුට පළ කළේ ආයතනයේ සෙසු සේවක පිරිසද ඊට එක්කර ගනිමිනි.
දෛනික කටයුතු නිම කළ ප්‍රධානියා කිසියම් කටයුත්තක් සඳහා නගරයට යෑම සඳහා මෝටර් රථය අසලට පැමිණෙන විට එය කොළ පැහැති අතුවලින් වසා තිබෙනු දකිද්දී ඔහුට දෙලොව රත්වූයේ අලුත්ම මෝටර් රථයට කිසියම් විනාශයක් සිදුව ඇතැයි සිතුණ නිසාය.
එහෙත් එය තම ආයතනයේම සහෝදර සේවක පිරිසගේ කවට කමක් බව ඔහුට වටහා ගැනීම එතරම් අපහසු නොවිණි.
‘‘උඹලා ඕනේ එකක් එල්ලුවට කමක් නෑ. හැබැයි පුතෝ ඕකේ අතු එල්ලන්න ගිහින් හීරුවොත් නං මම නරකයි කියන්න එපා‘‘ යැයි සිනහ මුසු මුහුණින් පැවසූ ප්‍රධානියා කැලෑ අතු ටික එහාට මෙහාට තල්ලු කර දමා සිය ගමන පිටත් වූයේ ඈත සිට බලා සිටි සේවක පිරිසට සවසට හමුවෙමු යැයි හස්ත සංඥාවක්ද කරමිනි.
(වියලුව වාර්තාකරු)
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලොක්කාගේ අලුත්ම මෝටර් රියට අමුතු ඇඳුමක්