වියලුව වාර්තාකරු
තමුන්ගේ නිසි වයස සඟවාගෙන තම ආයතන ප්‍රධානියා මෙන්ම එකට වැඩ කරන සේවක පිරිසද අන්දවමින් විශ්‍රාම යායුතු වයස ඉක්මවා වසරක පමණ කාලයක් සේවය කරමින් වැටුප් හා දීමනා ලබාගත් සේවකයකු පිළිබඳව ඌව පළාතෙන් වාර්තාවේ.
ඔහු ඌව පළාතේ එක්තරා ආයතනයක සාමාන්‍ය සේවකයෙකි.
බොරු විශ්වාසයක් හා සුහදත්වයක් මවා පාමින් ඔහු ආයතන ප්‍රධානියාගේද සිත දිනාගෙන සේවය කළේ ආයතනයේ සෙසු සේවකයන් නොකළ වැරැදිවලට පවා වරදකරුවන් කරමින් ආයතන ප්‍රධානියාට ගතු කේළම් පවසමිනි.
මේ හේතුව නිසාම ආයතන ප්‍රධානියා ද ඔහු කෙරෙහි අපමණ විශ්වාසයකින් පසුවූයේ ඔහු පැවැසූ බොහෝ දේ සත්‍යයැයි වටහා ගනිමිනි.
කෙසේ වෙතත් නිසි විශ්‍රාම වයසට වඩා වසරක පමණ කාලයක් මොහු සේවය කොට ඇති බව ආයතන ප්‍රධානියාට දැනගන්නට ලැබුණේ සේවකයන්ගේ ලිපි ගොනු නඩත්තු කෙරෙන ප්‍රධාන කාර්යාලයේ ලිපිකාර මහත්මයෙකුගෙනි.
ඔහු විසින් කරනු ලැබූ දැනුම් දීමක් මත අවසානයේ දී කලක් තිස්සේ තමුන් සමඟ ගැවසෙමින් තමුන් මුළා කළ පුද්ගලයාගේ ප්‍රතිරූපය හඳුනාගන්නට ආයතන ප්‍රධානියාටද හැකිවිය.
කෙසේ වෙතත් ඒ වන විටත් මොහු වසරක කාලයක් වැටුප පමණක් නොව අතිකාල දීමනා ඇතුළු සෙසු දීමනා ද ලබාගෙන තිබූ බව අනාවරණය විය. මේ වනවිටත් එම මුදල් යළි අයකරගෙන ඔහුට විනය පරීක්‍ෂණයක් පැවැත්වීමටද පියවර ගෙන ඇතැයි ආයතන සේවකයෝ පවසති.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලොක්කා අන්දාගෙන අවුරුද්දක්ම වැඩියෙන් වැඩ කරලා