හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
නිවසේ සියලු දෙනාට අයත්ව තිබූ රුපියල් ලක්ෂ තිස් දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ වැඩි ආරක්ෂාව සඳහා පියා විසින් මුළුතැන් ගෙයි බඳුනක සඟවා තිබියදී දියණිය එම බඳුන රන් භාණ්ඩද සමඟ කසළ එකතු කරන ලොරි රථයට බාර දීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන නගරයකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මෙම නිවෙසේ මව, පියා සහ දියණිය පමණක් සිටිති.
පසුගිය දිනෙක පියාට සහ මවට හදිසි ගමනක් යාමට සිදුවී ඇති අතර එම අවස්ථාවේ නිවෙසේ දියණිය පමණක් තනි කර යාමට ඔවුන්ට සිදුවී තිබිණ.
මේ දිනවල සොර සතුරන්ගේ කරදර ගැන විශාල වශයෙන් කතා බහට ලක් වන බැවින් පියා තම නිවසේ ඇති රන් භාණ්ඩවල වැඩි ආරක්ෂාව සඳහා සියලු දෙනාගේ රන් භාණ්ඩ සියල්ල එකතු කර මුළුතැන්ගෙයි ඇති කසළ බඳුන තුළ සැඟවුවත් ගමන යාමට ඇති හදිසිය නිසා මේ බව දියණියට කීමට පියාට අමතක වී තිබිණ.
දියණිය එදින දහවල් කසළ එකතු කිරීම සඳහා පැමිණි ලොරි රථයට එම කසළ බඳුන ලබා දුන්නේ එහි තම නිවසේ සියලු දෙනාගේම රුපියල් ලක්ෂ 32 කට වඩා වටිනා රන් භාණ්ඩ ඇති බවට හාංකවිසියක් වත් නොදැනය. සවස් කාලයේ පියා සහ මව නිවසට පැමිණි පසු සියල්ල හෙළි වෙද්දී සියලු දෙනාට හීන්දහදිය දැමීමට පටන් ගත්තේය.
පොලීසියටද පැමිණිලි කර මේ සම්බන්ධයෙන් සොයා බැලුවද එම ස්වර්ණාභරණ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.
වැඩි ආරක්ෂාව සඳහා කළ උපක්‍රමයම හරහට සිට ඇති බව ඔවුහු නිතරම කියති.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක්ෂ 32 ක රන් බඩු කුණු ලොරියට දන්දීලා