ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
එක්තරා පෞද්ගලික ආයතනයක සේවය කරන සේවිකාවක් විසින් වංචනික ලෙස ලබාගත් තම ආයතනයේ ගනුදෙනුකරුවකුගේ බැංකු කාඩ්පතක් භාවිත කර රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා භාණ්ඩ ලබාගෙන තිබියදී එම කාඩ්පත් හිමියාගේ කාරුණික භාවය නිසා නීතිය ඉදිරියට නොගොස් තමා ගත් භාණ්ඩවල වටිනාකම ආපසු ගෙවා රැකියාවත්, තත්ත්වයත් බේරාගත් සේවිකාවක පිළිබඳ පුවතක් අගනුවරට ආසන්න නගරයකින් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
රජයේ උසස් රැකියාවක් කර විශ්‍රාම ලබා සිටින ඔහු සිය ගනුදෙනු සඳහා නිතර භාවිතා කළේ තම බැංකු කාඩ්පතය. එම බැංකු කාඩ්පතින් කරන සෑම ගනුදෙනුවක්ම අවසානයේ ඒ පිළිබඳ සටහනක් ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණි.
ඉකුත් දිනෙක නිවසේ සිටියදී හිටිහැටියේ ඔහුගේ ජංගම දුරකථනයට එවැනි පණිවුඩ කිහිපයක්ම ලැබුණි. එය කියවා බැලූවිට ඔහුට, තම බැංකු කාඩ්පත භාවිතා කර ඒ වනවිට එදින රුපියල් හාරලක්ෂ තිස් හතර දහසක භාණ්ඩ ලබාගත් බව එම පණිවුඩ අනුව පෙනී ගියේය.
ඔහු වහාම සිය මුදල් පසුම්බිය පරීක්ෂාකර බැලූ විට ඔහුගේ බැංකු කාඩ්පත එහි නොවීය. සිය පුතාවත් කාඩ්පත රැගෙන ගොස් මෙම ගනුදෙනු සිදුකළාදැයි සිතූ ඔහු වහාම ඒවනවිට රැකියා ස්ථානයට ගොස් සිටි පුතාගෙන් මේ ගැන විමසීය. එහෙත් පුතා මේ ගැන කිසිවක් දැන සිටියේ නැත.
විශ්‍රාමිකයා වහාම අදාළ බැංකුවට කතාකර එම කාඩ්පතින් ගනුදෙනු කිරීමේ පහසුකම අත්හිටුවීය. ඊට පසු තම ගිණුමේ ගනුදෙනු පිළිබඳව සවිස්තර වාර්තාවක් එම බැංකු ශාඛාවෙන් ලබාගත්තේය.
එය විමර්ශනය කිරීමේදී පෙනීගියේ මෙම කාඩ්පත භාවිතා කර වෙළඳසැල් කිහිපයකින් භාණ්ඩ ලබාගෙන ඇති බවය. ඒ අතර අගනුවර පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ හතරක රන්හාණ්ඩ ලබාගෙන තිබුණි.
ඒ අනුව එම ආයතනවලට ගිය මෙම කාඩ්පත හිමියා ඔවුන්ට සත්‍යය පවසා එම ආයතනවල සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කර බලා එම දත්ත ලබාගත්තේය. සිද්ධිය පිළිබඳව තොරතුරු ඇසූ එම එක් වෙළෙඳසැලක සිටි සේවිකාවක් මේ දර්ශනවල සිටින තරුණිය ගැනත් ඇය මෙම ගනුදෙනු සඳහා පැමිණියේ සිය මව සමග බවත් හෙළි කළේය.
එසේම මෙම කාඩ්පත සිය පියාගේ බවත් පියා මේ ගනුදෙනු ගැන වැඩි කැමැත්තක් නැති බවත් වෙළඳසැලේදී පැවසූ බවද හෙළිවිය. එම තරුණිය පිළිබඳව සියලු තොරතුරු හෙළිකරගත් කාඩ්පත් හිමියාට සිහිපත් වූයේ මෙම වංචාකාර සේවිකාව සේවය කරන්නේ නගරයේ වූ පෞද්ගලික ඔසු ශාලාවක බවත් තමන්ද නිතර බෙහෙත් ලබාගන්නේද මෙම ඖෂධ ශාලාවෙන් බවත්ය.
නගරයේ පිහිටි මෙම ඖෂධ ශාලාවට මීට දින කිහිපයකට පෙර ගොස් තමන්ට අවශ්‍ය බෙහෙත් කිහිපයක් ලබාගත් බවත් එම ගනුදෙනුව අවසානයේ තම කාඩ්පත මෙහි අමතකව ගිය බවත් ඔහුට සිහිපත් විය.
පසුව මෙම විශ්‍රාමිකයා සිය පුතාද සමග ගොස් එම සේවිකාවට මෙම සියලු තොරතුරු පවසා තමන් නීති මගින් කටයුතු කළහොත් ඇයගේ රැකියාවද අහිමිවන බව තේරුම් කරදී දින දෙකක් ඇතුළත තමන්ගෙන් වංචනික ලෙස ලබාගත් මුදල් තම බැංකු ගිණුමේ තැන්පත් කරන ලෙස පවසා ඇත.
විශ්‍රාමිකයා බැංකු කාඩ්පත තම ආයතනය තුළ අමතකව ගොස් තිබුණ බවත්, තමන් මේ සියලු දේවල් කළේ තම මෑණියන්ගේ ඉල්ලීමට බවත් පැවසූ එම සේවිකාව මේ පිළිබඳව සමාව ගෙන ඊට පසුදාම ඇය ලබාගත් රුපියල් හාර ලක්ෂ තිස්හතර දහසක මුදල බැංකු කාඩ්පත් හිමියාගේ ගිණුමට තැන්පත් කර සිය රැකියාවත් බේරාගෙන නින්දාවෙනුත් ගැලවී ඇත.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක්ෂ 4ක් හොරා ගත්තත් අයිතිකරුගෙන් හොරාට සමාව