ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර
රාජ්‍ය ආයතනයකට අනුබද්ධ කමිටුවක ප්‍රධාන තනතුරක් ගන්නට යෙදූ උප්පරවැට්ටියක් ගැස්සීයාමෙන් ඔහුට කමිටු සාමාජිකයන්ගේ උසුළු විසුළුවලට ලක්වීමට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
එය දකුණු පළාතේ එක්තරා ප්‍රසිද්ධ නගරයකි. එහි පිහිටි රාජ්‍ය ආයතනවල සංවර්ධන කටයුතු කිරීම සඳහා ඒ ඒ ආයතනවලට අනුබද්ධව විවිධ කමිටු පිහිටුවා ගනු ලැබීය. මේ නගරයේ වූ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් දෙදෙනකු මේ සෑම කමිටුවකම විවිධ නිලතල ලබාගත්තේ අනෙක් නගරවාසීන්ට තමන්ගේ ලොකුකම පෙන්වීමටය.
පසුගියදා නගරයේ වූ කාටත් සාමය උදාකරන ආයතනයක එවැනි කමිටුවක් පිහිටුවා ගැනීම සඳහා රැස්වීමක් එම ආයතන රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට කැඳවා තිබුණි. මෙම කමිටුවේ සභාපතිධුරය ලබාගතහොත් අනෙක් කමිටුවල ලබාගත් තනතුරුවලට වඩා සමාජයේ ඉහළින් කැපී පෙනෙන්නට හැකි බව මේ දෙදෙනාම කල්පනා කළහ. මේ සඳහා උප්පරවැට්ටියක් යොදාගැනීමට මින් එක් අයෙක් කල්පනා කළේය. ඒ අනුව ඔහු කළේ තම හිතවතුන් දෙදෙනකුට මේ රැස්වීමට එන ලෙස දන්වා සිටීමය.
‘‘ඔය දෙන්න හරියට තුනට එතනට එන්න. එක්කෙනෙක් මගේ නම සභාපති තනතුරට යෝජනා කරන්න. අනෙක් එක්කෙනා ඒක ස්ථිර කරන්න. මම ඊට පස්සෙ ඔය දෙන්නම කමිටුවෙ සාමාජිකයන් හැටියට දාගන්නම්.’’
නියමිත දින නියමිත වේලාවට රැස්වීම ආරම්භ විය. කමිටුව පිහිටුවා ගැනීමේ අරමුණු හා එහි කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව ආයතන ප්‍රධානියා පැමිණ සිටින අය දැනුවත් කළේය. ඉන් පසු පළමුව ලේකම් ධුරය සඳහා කෙනෙකු යෝජනා කරන ලෙස නිවේදනය කළේය. ඒ සඳහා එහි සිටි විශ්‍රාමික විදුහල්පතිවරයෙක් යෝජනා ස්ථිරත්වයෙන් පත්විය. ඊළඟට සභාපති ධුරය සඳහා නමක් යෝජනා කරන ලෙස නිවේදනය කරනවාත් සමඟම දෙදෙනෙක් නැගී සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයකුගේ නාම යෝජනා කළහ. ඔහු ඒ වනවිට නගරයේ වූ සෑම කමිටුවකම තනතුරු දරන දෙදෙනාගෙන් කෙනෙකි. මේ නිසා අනෙක් පුද්ගලයා තමන්ගේ නම යෝජනා ස්ථිර කිරීමට කැඳවාගෙන ගිය දෙදෙනාට ඊට අවස්ථාවක් ලැබුණේ නැත. ‘දැන් කරන්න දෙයක් නැහැ. සංවිධායක තනතුරට මගේ නම යෝජනා කරනවා’ ඔහු මිතුරන් දෙදෙනාට පැවසීය. එහෙත් අර මිතුරන් දෙදෙනාගෙ නම් කමිටුවට යෝජනා වූයේ නැත.
පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබී ඇත්තේ සභාපති තනතුරට පත්වූ පුද්ගලයාද තමන්ගේ නම යෝජනා කර ස්ථිර කිරීම සඳහා ඔහුගේ මිතුරන් දෙදෙනකු කැඳවාගෙන පැමිණ ඇති බවය.
අවසානයේ මිතුරන් දෙදෙනා අර විශ්‍රාමික රාජ්‍ය සේවකයාට ‘‘ඔයා කියපුව කරන්න ගිහින් තව පොඩ්ඩෙන් අපට වෙන්නෙ අලියට උදවු කරන්න ගිය වඳුරට වෙච්චි දේ’’ යැයි කියා විහිළු කළහ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලොකු පුටුවකට හොරෙන් පනින්න ගිහින් නොන්ඩිවෙලා