IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ලෝක විනාශයට පෙර මාසික වැටුප වියදම් කර ඥාතීන්ට අතපාලා

ලෝක විනාශයක් සිදුවෙතැයි තද විශ්වාසයකින් යුතුව කල්ගෙවමින් සිටි අයකු වසර අවසානයේ ලද මාසික වැටුප අන්තිම සතය දක්වා වැය කොට මිලදී ගත් දේ බිරිය දරුවන් සහ ඥාති පිරිස සමග බුක්ති විඳ ලෝක විනාශය සිදු නොවූ බැවින් ඉදිරි දින කීපය ගෙවා ගැනීමට මුදල් නොමැති කම නිසා ඥාතීන්ට යළි අතපෑමට සිදුවූයේ යයි කියන පුවතක් බස්නාහිර පළාතෙන් අසන්නට ලැබිණි.
හේ රජයේ සේවකයෙකි. මාසික වේතනයෙන් පමණක් ජීවත් වන්නෙකි. පාරම්පරික විශ්වාසයන් පිළිබඳ මුල්බැසගත්තෙකි. ලෝක විනාශයක් සිදුවේ යයි යන්නද තදින් විශ්වාස කර සිටි අයෙකි.
දෙසැම්බර් මස වැටුප අතට ලැබී ඇත්තේ ලෝක විනාශයක් සිදුවේය යන්න ඉලක්ක කරගෙන සිටි දිනට පෙර දිනය. අතට ගත් වේතනය අන්තිම සතය දක්වා වැය කොට මිලයට ගත් සියලූ දේ උයා පිහා එක රාත‍්‍රියක බුක්ති විඳ ඇත්තේ බිරිය දරුවන් ඇතුළු සියලූ ඥාතින් සමගය.
ලෝක විනාශයක් සිදු නොවූ බැවින් හේ පසුතැවිල්ලට පත්ව මාසයේ ඉදිරි දින කීපය ගෙවා දැමීමට තරම් මුදලක් නොමැති කමින් ඥාතීන්ට යළි අතපෑමට සිදුව ඇත.



අදහස් (0)

ලෝක විනාශයට පෙර මාසික වැටුප වියදම් කර ඥාතීන්ට අතපාලා

සම්ර අෂාන් Thursday, 27 December 2012 02:27 PM

රජ‍යේ සේවකයේකුට කවදාවත් දෙසැම්බර් මුල පඩ් ලැබෙන්නේ නැනේ ද? (නු)

:       0       0

සුදේශ් Saturday, 29 December 2012 11:34 AM

දයා ඔයාට මොකක් හරි වෙලාද ? (ස)

:       0       0

තිලිණි Saturday, 29 December 2012 11:43 AM

මෙහෙමත් මෝඩ මිනිහෙක් . (ස)

:       0       0

සිරිසේන Thursday, 27 December 2012 03:21 PM

මෙයාට තිබුනෙ එම මුදල් කන්න බොන්න වියදම් කරන්න නෙමෙයිනෙ යන තැනකට පිං කරගන්නයි..!(නු)

:       0       0

හේරත් එස්. Thursday, 27 December 2012 03:17 PM

අද අද එයි මරු පිං කර ගන්නේ.. කුමටද කුසලට කම්මැලි වන්නේ..!(නු)

:       0       0

තිලිණ Friday, 28 December 2012 01:55 AM

ආ...බස්නාහිර පළාතෙද? එහෙ කොහොමත් ඉන්නෙ ඔය වගේ මොළේ තියෙන මිනිස්සු තමයි. (නි)

:       0       0

ලිලියන් Friday, 28 December 2012 10:43 PM

මොන ලෝකෙද මාසය අවසන් වෙන්න කලින් වැටුප් දෙන්නේ? (නි)

:       0       0

ප්‍රසාද් Friday, 28 December 2012 04:13 AM

ඕක ඉතින් හැමදාම වෙන දෙයක්නේ. මා‍සේ අවසාන වෙන්න කලින්ම පඩිය ඉවරනේ. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 28 December 2012 02:24 PM

පාරම්පරික අදහස් තියෙන කෙනෙක් (ස)

:       0       0

ගීත් Sunday, 30 December 2012 07:45 AM

ශාන් ශෘෆික්ට ආවඩන්නේ මොකද? (නි)

:       0       0

ජීවා Friday, 28 December 2012 11:46 PM

අනෙක් පඩිය ලැබෙනකල් බත් නෙමෙයි කන්න දෙන්න තියෙන්නේ. (නි)

:       0       0

නිරෝෂාන් Sunday, 30 December 2012 09:30 AM

දයා ඔයා ඔයාගේ මොලේ ටිකක් පරීක්ෂා කර ගන්න. (ස)

:       0       0

නිරෝෂන් Sunday, 30 December 2012 09:34 AM

දයා, ඔයා කෝකටත් ඔයාගේ මොළට ටිකක් පරීක්ෂා කරලා බලන්න. (නි)

:       0       0

හේරත් Saturday, 29 December 2012 01:28 PM

හොඳම මෝඩයා තේරීමේ තරඟයට ඉදිරිපත් වුණොත් පළවෙනි තැන ලැබේවි (ස)

:       0       0

දයා-සවුදි Saturday, 29 December 2012 03:41 AM

මෙයා දකුණේ කෙනෙක් වෙන්න බැරිද? (නි)

:       0       0

මොහොමඩ් - ‍බේරුවල Friday, 28 December 2012 09:39 AM

දෙසැම්බර් 20 පඩි දුන්නේ ගුරුවරුන්ටයි. ෂුවර් එකට මෙයත් ගුරුවරයෙක් වෙන්න ඕනෑ. එසේ වුණොත් දරුවන්ට නම් දෙවියන්ගේම පිහිටයි..... (නි)

:       0       0

ශෘෆික් Saturday, 29 December 2012 02:59 PM

නැහැ නැහැ මෙයා දකුණේ කෙනෙක් බස්නාහිර තමයි පදිංචිය (ස)

:       0       0

රියාස් Saturday, 29 December 2012 02:59 PM

ඇත්තටම ලංකාවෙද (ස)

:       0       0

ගීතා Friday, 28 December 2012 10:29 AM

මෝඩයෝ කවුද කියලා දැන් පේනවනේ..පුළුවන්නම් මෙයාට හොඳ තනතුරක් දෙන්න (ස)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 10:26 AM

මෙහෙමත් මිනිස්සු (ස)

:       0       0

රුවනි Tuesday, 01 January 2013 09:45 AM

ශාන් හරි වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

සහන් Saturday, 29 December 2012 04:11 PM

මේවා ඇත්තටම සිදුවෙන්නත් පුළුවං මිනිසුන් ‍ඒ තරමට දැං අන්ධ විශ්වාස වල ඉන්නෙ..!(නු)

:       0       0

ආනන්ද Thursday, 27 December 2012 11:10 AM

අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)

:       0       0

චන්න Saturday, 29 December 2012 04:25 PM

එයා දකුණෙද බස්නාහිරද දන්නෙ නැති වුනත් ශෘෆික්ගෙ පවුලෙ කෙනෙක් කියල නම් හිතෙනව.(නු)

:       0       0

බී.රාජපක්ෂ Thursday, 27 December 2012 11:09 AM

මෙයා බස්නාහිර පළාතේ උනානේ.....?(නු)

:       0       0

රිස්වි Thursday, 27 December 2012 07:33 PM

මේ මුදලින් පිනක් කළා නම් නරකද යාලුවා? (නි)

:       0       0

සංජේ Thursday, 27 December 2012 11:52 AM

දෙසැම්බර් පඩිය ලැබෙන්නේ දෙසැම්බර් මාසේ මුලදී ද? (නි)

:       0       0

ශාන් Saturday, 29 December 2012 05:41 PM

ඇයි චන්නට තරහා ගියාද? (නි)

:       0       0

ප්‍රමේෂ් Thursday, 27 December 2012 12:06 PM

ශ්‍රී ලංකාවේ තවමත් මෝඩයින් පිරිසක් ඉන්නවනේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 27 December 2012 12:07 PM

තවම ලෝකයවත්, තමනුත්, අනෙක් අයවත් විනාශ වුණේ නැහැනේ. දැන් ඉතින් ඉදිරි කාලය සුභවාදීව ගතකරනන් සුදුසු දෙයක් කරන්න බලන්න. (නි)

:       0       0

ගාමිණි Friday, 28 December 2012 11:58 AM

එතකොට රාජ්‍ය සේවකයෝ මෝඩයිද? (නි)

:       0       0

ගීත් Saturday, 29 December 2012 09:19 AM

දයා , මං හිතන්නෙ එයා ඔයාගෙම නෑයෙක්. ඒකයි ඔයා මේ වගේ මෝඩ අදහස් දරන්නෙත් (ස)

:       0       0

ආනන්ද Thursday, 27 December 2012 08:20 PM

සංජේ,අශාන්, දෙසැම්බර් 20 කියන්නේ මාසයේ මුල නෙමෙයි නේද? (නි)

:       0       0

සිල්වා Thursday, 27 December 2012 12:52 PM

ලබන අවුරුද්දේවත් හොද පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න. (නි)

:       0       0

රුවන් Tuesday, 01 January 2013 11:56 AM

රුවනි , ශාන් හරි වගේ පේනෙන්නේ ඇයි ? (ස)

:       0       0

චමීර Friday, 28 December 2012 01:23 PM

අනේ ඇත්තට මෙහෙමත් මෝඩ මිනිස්සු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 315 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 502 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site