වේලාව උදේ අටට පමණය. බසයක් පැමිණෙන තුරු බස් නැවතුමකට වී බලා සිටි මගියෙකි. ටික වේලාවකින් පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවයට අයත් බසයක් පැමිණියත් පෙරකී මගියා එයට ගොඩවූයේ නැත. ඔහුගේ අධිෂ්ඨානය වූයේ නව වසරේ සිටවත් ලංගම බසයක ගමන් කර, එය වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා දශමයකින් හෝ දායක වීමය. විනාඩි විස්සකින් පමණ නැවතත් පෞද්ගලික බසයක් ඈතින් පැමිණෙනු දක්නට ලැබිණි.
ඊට මදක් පිටුපසින් ලංගම බසයක් ද මගියාට දිස්විය. පෞද්ගලික බසය ප‍්‍රථමයෙන් බස්නැවතුමේ නවත්වන ලද අතර, පෙරකී මගියා හරුණු විට අනෙක් මගීහු එයට ගොඩවූහ. බසය පිටත්වන විටම ලංගම බසය ද බස් නැවතුමට ළඟාවිය. එහි ආසන කිහිපයක්ම හිස්ව පැවතුනි. මගියා වහාම අත දිගු කරමින් ලංගම බසයට නවත්වන ලෙසට සංඥා කළේය. අවාසනාවකි. ලංගම බසය නොනවත්වමින් පෞද්ගලික බසය පිටුපසින් ධාවනය වන්නට වූයේ නළාවද හඬවමිනි.
මදැයි ලංගමට ලාබ කරන්නට ගියා යැයි තමාටම කියා ගනිමින් මගියා කිලෝමීටර් එක හමාරක් පමණ දුර පයින්ම ගමන් කරන්නට විය. මෙය කොළඹ නගරයේ දී සිදුවූවකි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංගම නංවන්න ගොස් බස් නැතුව පයින් ඇවිත්
අජිත් කරුණාරත්න Tuesday, 22 January 2013 05:29 PM
ලංගම මගම කළා.. මගම ලංගම කලා මොනවා කළත් ලංගමත් මග අපිත් මග..!(නු)
වරුණ Thursday, 17 January 2013 10:42 AM
ඔන්න ඕක තමයි අද ලංගමට වෙලා තියෙන්නෙ.. මගීන් ටික පුද්ගලික බස් එකට දීලා ලංගම පිටිපස්සෙන් එනවා. ඉතිං කොහෙද ආදායම් හොයලා ලංගම ගොඩගන්නෙ.?(නු)
දිනේෂ් Friday, 18 January 2013 12:22 PM
අපෝ මටනම් ඔව අනන්ත වෙලා තියනවා.... ලංගම ගොඩක් නැවතුම් වල නවත්වන්නෙ නෑ.............(ස)
හේමාල් Friday, 18 January 2013 12:32 PM
ඔය වාගේ රියදුරෝ කීපදෙනෙක් ඇරුනම ලංගමට ගොඩක් ආදරේ කරන සේවක මහත්වරු සහ ජනතාව ගොඩක් ඉන්නවා. කැස්බැව ලංගම ඩිපෝව, රත්මලාන, මොරටුව ඩිපෝවේ බස් වල මම නිතරම යනවා. ඒ ගොඩක් සේවක මහත්වරු ඉතාම විනිතයි, ලංගමට ගොඩක් ආදරෙයි. ජනතාව හැකි සැමවිටම ලංගම බස් වල යන්නේ. ඉක්මනින් ආත්ම ගෞරවය රැකගෙන යන්න පුළුවන් නිසා. ඕනම අයතනයක ඔයවගේ නරුමයෝ ඉන්නවා. ගණන් ගන්න එපා. ලංගමට ආදරය කරන ඔබට ජය. ලංගමට ජය වේවා. (ස)
චන්දන Monday, 21 January 2013 08:14 PM
ලංගම දිනේවා (අ)
පුබුදු Friday, 18 January 2013 02:44 AM
අනේ මන්දා, මට කියන්න මොකුත් නැහැ (දී)
චන්දිමාල් Thursday, 17 January 2013 04:37 PM
අනේ මන්ද කොහොම ගොඩ ගන්නද කියලා..!(නු)
සමිත Thursday, 17 January 2013 04:37 PM
ලංගමය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.!(නු)
දුමින්ද Thursday, 17 January 2013 04:37 PM
ලංගමේ නහස්තිය සහ දූෂණය ගැන මොන කතාද? නිට්ටඹුව ඩිපෝවෙ බස් ගොඩක් යකඩ ගොඩක් වෙන පාටයි..!(නු)
ආනන්ද ආර් Thursday, 17 January 2013 04:58 PM
බොහොමයක් පෞද්ගලික ආයතන වලට ප්‍රසිද්ධිය ලබාදෙන්නේ රජයේ සහ සංස්ථාවල අය තමයි.,!(නු)
චානක Thursday, 17 January 2013 05:10 PM
ලංගම රියදුරන් සහ කොන්දොස්තරමහත්තුරැ පෞද්ගලික බස් මුදලාලිලාට සමග ඒකාබද්ද වෙලා සහයෝගයෙන් පෞද්ගලික බස් පිටුපස්සෙන් ලංගම බස් යනවා..!(නු)
රාජා Thursday, 17 January 2013 11:54 AM
ලංගම නැති කලෙත් කරන්නෙත් එහි රියදුරු සහ කොන්දොස්තරු වරුන්මයි. අපිට කරන්න දෙයක් නැහැ. (ස)
සුමනා Thursday, 17 January 2013 12:05 PM
සිටීබී එකට වළ කපන්නේ ඒකෙම රියැදුරන් සහ කොන්දොස්තරවරුන් තමයි. (නි)
ධනුෂ්ක Thursday, 17 January 2013 05:39 PM
බලධාරීන් හැර අනිත් ඔක්කොම ලංගම වැටිලා තියෙන්නේ මොකද කියලා දන්නවා. (නි)
සිල්වා Thursday, 17 January 2013 12:50 PM
මේ විදියට හැමදෙනාම හිතනවා නම් රට කොච්චර දියුණු වෙයිද? (නි)
රොශාන් Thursday, 17 January 2013 07:40 PM
ලැජ්ජයි අහන්නත් , කිලෝමීටර් 1 1/2 යන්නද මේ පැයක් විතර බලා ඉඳලා තියෙන්නේ (ස)
නිරාන් Thursday, 17 January 2013 01:54 PM
මොනවා උනත් ඇඟය හොඳයි පයින් ඇවිද්දම (ස)
නිර්මල Thursday, 17 January 2013 01:53 PM
වචන නැහැ මට කියන්න (දී)
වීනස් Friday, 18 January 2013 10:29 AM
මේ දෙයම මටත් වෙලා තිබෙනවා බොහෝ වාර ගණනක්. ඒ වුණත් මම අදත් විශ්වාස කරනවා ලංගම ගොඩගන්න පුලුවන් දේශපාලන බලපෑම් නැති ස්වාධීන ආයතනයක් වෙන විදියට පාලකයන් වැඩ කරනවා නම්. (නි)
ශානිකා Thursday, 17 January 2013 02:11 PM
මටනම් හිනාව නවත්වන්න බැහැ (දී)
අශෝක Thursday, 17 January 2013 02:23 PM
මොනවා? (නි)
අශෝක Thursday, 17 January 2013 02:25 PM
මොනවා වුණත් ඒකෙන් ඇගට අවශ්‍ය ව්‍යායායාමය ලැබුණා. (නි)
ජීවා Thursday, 17 January 2013 02:38 PM
සිල්වා, ඔය විදියට හිතුවොත් බස් එක කෙසේවෙතත් හැමදාම පයින් තමයි යන්න වෙන්නේ. (නි)
සමන් Friday, 18 January 2013 02:59 PM
චින්තන , කොහොම කරත් ඔය දෙගොල්ලොන්ටම පඩි හම්බෙනවනේ (ස)
දිනූෂා Thursday, 17 January 2013 02:39 PM
අපරාදේ! ත්‍රීවිල් එකක යන්නනේ තිබුණේ. (නි)
සම්පත් Thursday, 17 January 2013 02:50 PM
ඕක කවදාවත් හදන්න බැහැ, වහන්නයි වෙන්නේ කවදාහරි. (නි)
සරත් Thursday, 17 January 2013 09:55 AM
ඔය දෙකම ඒකාබද්ද වෙලානෙ තියෙන්නෙ..!(නු)
සනා Thursday, 17 January 2013 10:16 PM
ලංගම අයට ප්‍රයිවට් මුදලාලිලා ගෙවන නිසා මගීන් ගැන ගානක් නෑ (ස)
චින්තන Thursday, 17 January 2013 10:08 AM
රියදුරන්ට හා කොන්දොස්තරලාට ලංගම ගොඩනගන්න ඕන නැති කොට මගීන් කොහොමද ලංගම ගොඩගන්නෙ..?(නු)
නිසාම් Thursday, 17 January 2013 10:25 AM
ලංගම කොට උඩ යන්න හේතුවත් ඒකමයි. (නි)