(මොරගොල්ලාගම සිසිර කැලේගම)
රෝගී තත්ත්වයකට පත්වූවකුගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතුන් පිරිසක් රෝගියා තව තවත් අපහසුතාවට පත්කර පිටවයාමේ පුවතක් මහව නගරය අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.
ඔවුහු රාජ්‍ය ආයතනයක සේවකයෝ වෙති.
වසර ගණනාවක් එකට සේවය කරමින් සිටියදී එක් සේවකයෙක් හදිසියේම රෝගී විය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී පවා දුක සැප බලන්නට ගිය මෙම මිතුරෝ ඔහුට කළ හැකි සෑම උදව්වක් ම නොපිරිහෙලා ඉටුකර දුන්හ.
ඒ අතරවාරයේ ඔහු රෝහලෙන් පිටත්ව තම නිවහන කරා පැමිණියේය.
රෝහලේ සිටියදී බලන්නට බැරි වූ තවත් යහළු සේවක පිරිසක් ඔහු බලන්නට ඔහුගේ නිවසට යාමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් පසුගියදාක පෞද්ගලික වාහනයකින් එහි ළඟා වූහ.
ඔවුන් නිවසේ රැඳී සිටින අතරවාරයේ තවත් පිරිසක් අඩියක් ගැසූහ. පමණ ඉක්ම වූ ඔවුහු අවසානයේ රෝගියාගේ කාමරයේ වාඩි වී වඩා වඩාත් ළංවී සුවදුක් විමසූහ.
ඒ අනුව දවසින් වැඩි වේලාවක් එහි සිට ඔවුහු නික්ම ගියහ.
රෝගියාට සවස් යාමයේ දිය යුතු බෙහෙත් දීමට ඔහුගේ බිරිය කටයුතු කළාය.
කාමරය පුරා සෙව්වත් ඒවා දක්නට නොමැති වූයෙන් පිටත්ව ගිය සේවකයන්ගෙන් ඒ ගැන දුරකතනවලට කතා කර විමසීය.
පිටත්ව ගිය අයකු එම බෑගය තමාගේ බෑගයට සමාන නිසා එය ඔහුගේ යැයි සිතා වෙරිමරගාතේ රැගෙන ගොස් ඇති බවට අනාවරණය විය.
පසු දින රෝගියා නැවත රෝහලේ වෛද්‍ය සායනය වෙත රැගෙන යා යුතුය.
බෙහෙත් පමණක් නොව සායනවලට අදාල සියලු ලියකියවිලි ද එම බෑගය තුළය.
සිදුවී ඇති අකරතැබ්බය වරකාපොළ නිවැසියා අවට හිතවතුන්ට පැවැසීය.
මත්වතුර තොල ගා නැති හිතවත් සේවකයෝ දෙදෙනෙක් කුරුණෑගල සිට වරකාපොළට යතුරුපැදියකින් ගොස් බෙහෙත් හා ලියකියවිලි රැගෙන මහව ප්‍රදේශයට
යාමට පිටත් වූහ.
හිතවත් සේවකයන් දෙදෙනා ඒ නිවහනට මීට පෙර ගොස් නැති බැවින් ඔවුන් රාත්‍රියේ සිට එය සොයා පාන්දර පැමිණෙන තෙක්ම රෝගියා ඇතුළු නිවසේ සියල්ලන්ම මාවතේ විස්තර කියමින් නිදි වරමින් කල්ගත කළ බවත්, මේ නිසා ඔවුන් දැඩි අපහසුතාවලට පත්ව සිටි බවත් දැනගන්නට ලැබුණි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලෙඩ බලන්න ආ යාළුවෙක් ලෙඩක් දාලා ගිහින්