IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ලූනු - අමුමිරිස් ගණන් නිසා තට්ටු මාරු ක‍්‍රමයට බිත්තර බනිස් හදලා

රජරට ප‍්‍රධාන නගරයක පවත්වාගෙන යන තේ කඩයකි. ඒ අවට රජයේ හා පෞද්ගලික ආයතනවල බොහෝ දෙනෙක් විවේකයේ දී මෙම තේ කඩයට ගොඩ වෙති.
තේ කඩයේ මුදලාලි කාගේත් සිත් දිනා ගත්තෙකි. ඔහුගේ අහිංසකකම මෙන්ම ප‍්‍රියමනාප බව නිසාත් තේ විකිණීමේ දී එය සාධාරණ මිලකට පිරිසුදුවට දෙන නිසාත් එතැනට බොහෝ දෙනෙක් යති.
කෙටි කෑම, පැණි රස කෑම අතර මෙම තේ කඩයේ බිත්තර බනිස් ද අලෙවි කරයි. අසල ප‍්‍රසිද්ධ බේකරියෙන් දිගු බනිස් ගෙනැවිත් තේ කඩය තුළ දී මුදලාලි එය සකස් කරයි. තැම්බු බිත්තරයක් දෙකට කපා ඉන් එකක් ද බී ලූනු කැබැල්ලක් ද කැපූ තක්කාලි පෙත්තක් ද ගම්මිරිස් කුඩු හා අමු මිරිස් කරලක් ද බනිස් ගෙඩිය මැදින් දෙකට පලා ඊට බහාලයි.
මේ බිත්තර බනිස් සැකසීමේදී තේ කඬේ මුදලාලි ලොකු අර්බුදයකට මුහුණ පා ඇත්තේ බිත්තර, තක්කාලි බී ලූනු හා අමු මිරිස් මිල දිනෙන් දින ඉහළ යාම නිසාය.
තේ කඬේ මුදලාලි මෙයට විසඳුමක් සෙව්වේය. දින කිහිපයක්ම කල්පනාවේ යෙදුණු ඔහුට විසඳුම මතක් විය.
දැන් බිත්තර බනිස් ගෙඩියට යොදන බී ලූනු තක්කාලි සහ අමුමිරිස් මාරුවෙන් මාරුවට දිනයක් හැර දිනයක් නොදැමීම මේ විසඳුමය. දින කිහිපයක සිට බිත්තර බනිස්වල අමුත්ත ගැන දැනුණත් ඒ ගැන කිසිවකුත් ප‍්‍රශ්න නොකරයි. ලැබෙන උත්තරය ගැන අවබෝධයක් ඔවුනට ඇති නිසාය.
බිත්තරයක මිල තවත් ඉහළ ගියහොත් බනිස් ගෙඩියට බහාලන බිත්තර පලූවෙන් අඩක් අඩු කිරීම ඊළඟ විසඳුම විය හැකි යැයි තේ මුදලාලි කීවේය.



අදහස් (0)

ලූනු - අමුමිරිස් ගණන් නිසා තට්ටු මාරු ක‍්‍රමයට බිත්තර බනිස් හදලා

ලතා Thursday, 21 February 2013 11:11 AM

කාලෝචිතයි (දී)

:       0       0

බන්දුල Thursday, 21 February 2013 11:14 AM

වර්තමානයට ගැලපෙන ක්‍රමයක් (දී)

:       0       0

රත්නපුර මයිල Thursday, 21 February 2013 05:55 PM

ඇත්ත වශයෙන්ම මේ ලිපිය ලියපු කෙනා මේ කියන තේ කඩේ බිත්තර බනිස් පාරිභෝජකයෙක්. ඒ බිත්තර බනිස් එකේ සුළු වැරැද්දක් වෙන්න ඇති. (නි)

:       0       0

කුමාරි Sunday, 24 February 2013 02:22 AM

තායි, චීන, කොරියා, වැනි දියුණු වූ රට වලින් ආදර්ශයක් ගත්තා නම්? ගොළුබෙල්ලො, කෘමි වර්ග, මී මස් දැන් යුරෝපෙ සහ ඇමරිකාවෙත් ප්‍රචලිත වෙමින් පවතිනවා. මා දන්න සමහර ලංකාවෙ වඩේ සහ බයිට් මුදලාලිලා දැනටමත් මෙම ක්‍රම අනුගමනය කරනවා. ඉස්සත් කැරපොත්තාත් අතර කිසි වෙනසක් නැහැ කියලා දන්නවානේ...? (නි)

:       0       0

සකීන් Saturday, 23 February 2013 03:11 PM

බනිස් ගෙඩිය මිල ගියොත් මොකද වෙන්නේ. එහෙම උනොත් බනිස් ගෙඩිය නැතිව ඉතිරි කළමනා ටික විතරක් දෙයිද ? (ස)

:       0       0

මංඡුල බිරුට් Thursday, 21 February 2013 12:04 PM

බිත්තර 2යි තක්කාලි ගෙඩියයි මිරිස් කරලයි දාලා ලොකු ඔම්ලට් ඒකක් හදාගත්තනම් පාන් ගෙඩි 10 කට 12 දැම්මහැකි. (දී)

:       0       0

සෙනේ Thursday, 21 February 2013 12:25 PM

අන්න වැඩ (දී)

:       0       0

ඩයස් Thursday, 21 February 2013 05:10 AM

අයියෝ කල්පනා කරන්න දෙයක් නෑනේ . මුදලාලි තට්ටු මාරු ක්‍රමයට කල එකේ , බිත්තර බෑය ආයි කපන්න උවමනා නෑ. අද ප්‍රමිතියට අනුව බිත්තර නොලෑබුන නිසා පාරිභෝගික යන්ගෙ සුභසිද්ධිය තකා බිත්තර නොදෑමුවෙමි. කියා පුංචි බෝඩ් කෑල්ලක් දිනයක් ඈර දිනයක් ගෑසුවානම් , පාරිභෝගිකයන් සිතාවි මුදලාලි බිත්තර ගන්නෙ හෑමදාම අපගෑන සිතාකියා. මතක ඈතිව වරහන් ඈතුලේ ලියන්න ඕනෑ ඉතරම් බිත්තර අඩු මිලට ගනු ලබේ කියලා.(නදී)

:       0       0

අසේල Monday, 25 February 2013 08:48 AM

මෙන්න රජ කාලේ රජ මො‍ළ. (නි)

:       0       0

සෙනරත් Monday, 25 February 2013 08:48 AM

මේවා නම් එසේ මෙසේ මොළ නෙමෙයි. (නි)

:       0       0

භානු Thursday, 21 February 2013 01:51 PM

මමත් කරලා බලන්න ඕනේ (දී)

:       0       0

ලාල් Thursday, 21 February 2013 02:21 PM

මුදලාලිගේ කතාව ඇත්ත (දී)

:       0       0

පහන් Thursday, 21 February 2013 02:21 PM

මම ඇහටම දැකල තියනවා ලීටරේ බිම බෝතලෙන් බඩී බෝතල් වලට පුරවනවා මම ඇහුවා මොකද මේ කරන්නේ කියලා මෙහෙම කලාම ලාබයි කියල කිව්වා. ඕක මම දැක්කේ 95 හරි 96 හරි අවුරුද්දේ . (දී)

:       0       0

චාමර Thursday, 21 February 2013 02:22 PM

මංජුල, ඔයා කියන්නේ මොන බිත්තරද (දී)

:       0       0

තුෂාර Thursday, 21 February 2013 02:27 PM

මුදලාලි හරි. කතාව ඇත්ත (දී)

:       0       0

සේනක Friday, 22 February 2013 03:56 AM

දාන දේවල් ඔක්කොම ඒ විදිහටම දාලා පාන් ගොඩිය දෙකට කපලා විකුනුවානම් ඔයිටත් වැඩා වැඩි ලාභයන් එයි.(නදී) .

:       0       0

වරුණ Thursday, 21 February 2013 08:55 AM

කොස්ට් කටින් කියන්නේ ඕකට තමයි. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 21 February 2013 02:45 PM

අනෙකුත් මුදලාලිලාට මේක ආදර්ශයක් (දී)

:       0       0

සනත් Thursday, 21 February 2013 09:01 AM

අන්න නියමයි (දී)

:       0       0

බණ්ඩාර Thursday, 21 February 2013 09:14 AM

සිංහලයේ ඇත්තේ අතුරු ආහාරයි. (නි)

:       0       0

පෙරේරා Friday, 22 February 2013 04:16 PM

මමත් ඒ පැත්තේ ගියා මේ ළගදී. මටත් මතකයි ඒ වගේ කඩේකින් බනිස් කෑවා. (නි)

:       0       0

ඉසුරු Thursday, 21 February 2013 09:52 AM

කාලෝචිතයි (දී)

:       0       0

සහන් Saturday, 23 February 2013 10:14 PM

ඇයි බිත්තර නැතිව බනිස් කන්න බැරිද?(නු)

:       0       0

දිසානායක Thursday, 21 February 2013 05:22 PM

මංජුල කියන්නේ අලි බිත්තර ගැන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 413 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 605 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1027 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9339 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 847 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 316 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 484 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1983 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site