IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලාබෙට බිත්තර කන්න ගිහින් හොට බිම ඇනගෙන

දෛනික වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග වැඩි මිලට බිත්තර මිලදී ගැනීම වෙනුවට කිකිළියන් සිව් දෙනෙකු ඇතිකිරීමට මිලදී ගැනීමට ගොස් අමාරුවේ වැටුණු පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය.


රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය අදාළ පුද්ගලයා බිත්තර කෑමට වැඩිපුර කැමැත්ත දක්වන්නෙකි. රෝගී තත්ත්වයක සිටියත් දෛනිකව ඔහුගේ ආහාරය සඳහා බිත්තර දෙකකට වැඩි ප්‍රමාණයක් ලබාගත්තේ වෛද්‍ය උපදෙස් ද නොතකමිනි.


බිත්තර මිල ඉහළ යාම නිසා නිවසේ ආදායමෙන් වැඩි වියදමක් බිත්තර  සඳහා යාම ඔහු හා ඔහුගේ බිරිඳ අතර දිනපතා ගැටුම් ඇතිවීම දක්වා වර්ධනයවීමට ද හේතුවක් විය.


මේ සඳහා අපූරු පිළියමක් ඔහුගේ මිත්‍රයකු ලබා දුන්නේ නිවසේ සාමය පවත්වාගෙන යාමේ වැදගත්කම ද සඳහන් කරමිනි.
ඒ අනුව අදාළ පුද්ගලයා  කිකිළියන් හතර දෙනෙකු මිලදී ගන්නේ එකෙක් රුපියල් 2500 බැගිනි.


කුකුල් කූඩුව සෑදීම සඳහා රුපියල් 20,000 ක මුදලක්ද කිකිළියන් සොයාදුන් පුද්ගලයාට රුපියල් 2000 ක කොමිස් මුදලක් ද ප්‍රවාහන ගාස්තු ලෙස තවත්   රුපියල් 4000 ක මුදලක්ද වැය කිරීමට ඔහුට සිදුවිය.


ඒ අනුව කුකුල් ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් තිස් හය දහයකි. තමන්ගේ අලු‍ත් කුකුළු පාලන ව්‍යාපෘතිය ගැන උදම් අනමින් කතා කළ අදාළ පුද්ගලයා අදාළ වියදම් පිළිබඳව තවත් මිත්‍රයකුට සඳහන් කළේ උජාරුවෙනි.


එය අසා සිටි මිතුරා සියලු‍ම වියහියදම්  ගණන් බලා මෙසේ සඳහන් කළේය.


‘බිත්තරයක් රුපියල් 50ට මිලදී ගෙන, දවසකට බිත්තර දෙකක් කාලා අවුරුද්දක් බිත්තර කන්න තිබ්බ සල්ලි අපරාදේ’ යැයි කියමින් වියදම් සමාලෝචනය කළේය.


එය ඇසූ පුද්ගලයාගේ ද ඇස් ඇරී මිත්‍රයාගේ මතය අනුමත කළේ උපදෙස් ලබාදුන් මිත්‍රයාට ඇමතුමක් ගෙන මුදල් ලබා දී කිකිළියන්ද කුකුල් කූඩුවද රැගෙන යන ලෙස දන්වමිනි.

කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ

 



අදහස් (0)

ලාබෙට බිත්තර කන්න ගිහින් හොට බිම ඇනගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site