IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ලයිට් බිල බේරා ගන්න අම්මයි තාත්තයි අඳුරේ තියලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
වයෝවෘද්ධ මව්පියන්ට තම නිවෙසින් ඇද දී තිබුණු බල්බය විදුලි බිල වැඩියැයි පවසා ගලවා දමා ඇතැයි කියන පුතකු හා ලේලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 31 හැවිරිදි පුද්ගලයෙක් බිරිය දරුවා සමග මහ ගෙදර නිවෙසේ පදිංචිව සිටියේය.
ඔහුගේ මව්පියන් ද කලක් මහ ගෙදර නිවෙසේ පදිංචිව සිටි අතර ලේලිය සමග ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් ඔවුහු අසල්වැසියකු ලවා මහගෙට අල්ලා කටුමැටි පැලක් තනා ගත්හ.
පසුව මෙම වියපත් යුවළ මහ ගෙදර පුතාට සම්පූර්ණයෙන්ම බාර දී නිදහසේ මැරෙන්නවත් අවැසි බව පවසා පුතාට ලේලියට හා මුණුපුරාට නිවස බාර දී බඩු මුට්ටු ඇඳුම් පැළඳුම් හට්ටි මුට්ටි රැගෙන කටුමැටි පැළට ගියහ.
 රාත්‍රියට කටුමැටි පැලේ කළුවර මකා දැමීමට පුතා වයරයක් ඇද බල්බයක් ද සවි කර දුන්නේය. දර ළිපේ යම් දෙයක් උයා පිහා වයෝවෘද්ධ යුවළ කා ජීවත් වෙද්දී ඔවුන්ගේ කටුමැටි පැලේ විදුලි බුබුල එළිය වැටෙනකම් දැල් වෙයි.
පුතා ලේලිය පදිංචිව සිටින මහ ගෙදර ශීතකරණය වතුර උණු කරන විදුලි කේතලය හා ලේලිය බත් උයා පිහන්නේ ද රයිස් කුකරේය. 


මේ අතර එක් දිනක් රාත්‍රියේ වියපත් මව්පිය යුවළ පුතාට කතා කර කියා ඇත්තේ කටුමැටි පැලට විදුලිය නොමැති බවය. 
“ගිය මාසයේ විදුලි බිල රුපියල් 2,700 ක් වෙලා. එළිය වැටෙනකම් බල්බය දැල් වෙනවා ඒ හින්දා මේ මාසයේ විදුලි බිල රුපියල් 2,700 ක් ඇවිල්ලා තියෙනවා රෑට බල්බය නිවන්න” ලේලිය  මේ කතාව මැදට පැන සැර වචන කිහිපයකින් උත්තර දුන්නාය.
 “බල්බය එළිය වැටෙනකම් දැල් වුණාට  නෙමෙයි පුතේ උඹ වැඩට ගියාම උඹේ බිරිඳ බත් උයන්නේ වතුර උණු කරන්නේ ඇඳුම් මදින්නේ  කරන්ට් එකෙන්.. අනික ශීතකරණය වැඩ කරන්නත් විදුලිය වැඩිපුර යනවා...” පියා පුතාට  පහදා දුන්නේය.
පුතා බල්බය යළි සවි කර දුන්න ද මව්පියෝ වයරය ගලවා විසි කර දමා භූමිතෙල් කුප්පියක් සාදා ගෙන එළිය වැටෙනකම් දල්වාගෙන රැය පහන් කරති.



අදහස් (1)

ලයිට් බිල බේරා ගන්න අම්මයි තාත්තයි අඳුරේ තියලා

Pradeep Kumara Friday, 27 October 2023 12:45 PM

කොන්ද පණ නැති පුතෙක්...!

:       1       25

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 709 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 735 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1109 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9433 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 329 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site