IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ලේලියගේ මුඛවාඩම නැන්දම්මා දාගෙන

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න) 
සිය මුඛ ආවරණය සැමියාගේ මව පාවිච්චි කළා යැයි ලේලි - නැන්දම්මා අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. 


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 28 හැවිරිදි ගැබිනි මවක් මීට වසර දෙකකට පමණ ඉහතදී බස් රියැදුරකු සමග සම්බන්ධතාවක් ගොඩනගා ගත්තාය. 


පසුව දෙපාර්ශ්වයේ කැමැත්ත පරිදි දෙදෙනා මීට මාස 17 කට ඉහතදී විවාහ ගිවිසගෙන රියැදුරු තරුණ මනාලිය ඔහුගේ කෑගල්ලේ පිහිටි නිවෙසට කැන්දාගෙන ආවේය. කෑගල්ලේ නිවසේ පදිංචිව සිටින්නේ රියැදුරාගේ මවයි, බාල සහෝදරයයි පමණ ය. 


මනාලිය දැනට හත්මස් ගැබිනියකි. බාල සහෝදරයා වරකාපොළ ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක රැකියාවට යයි. සෑම දිනකම දහවල් කාලයට නිවසේ ඉතිරිව සිටින්නේ ගැබිනි මවත් නැන්දම්මාත් පමණි. 


ගැබිනි මව යම් අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට කෑගල්ල මහ රෝහලට යාමට ඇඳුම් පැළඳුම් ඇතුළු සියල්ල සූදානම් කර මේසය මත තබා මුහුණ කට සෝදා ගැනීමට අසල ළිඳට ගියාය. සූදානම් කර තිබූ ඇඳුම් පැළඳුම් අතර මුඛ ආවරණය ද විය. මුහුණ කට සෝදාගෙන කාමරයට පැමිණි ගැබිනි මව ප්‍රතිකාර ලබාගැනීමට යාමට නව ඇඳුම් පැළඳුම් ඇඳ කොණ්ඩය ද පීරා ගත්තාය. නිවසින් එළියට බසින්න සූදානම් වූ අවස්ථාවේ දී මේසය මත තබා තිබූ මුඛ ආවරණය අතුරුදන්ව ඇති බවට වැටහුණි. බැරි වේලාවත් බිමටවත් වැටුණා ද යන්න පිළිබඳව ද සොයා බැලුවත් හමුවූයේ නැත. බස් රථ ද පැමිණීමට තව ඇත්තේ මිනිත්තු කිහිපයක්ය. 


පසුව තරුණ ගැබිනි මව සිය නැන්දම්මාට කතා කළාය. ඇය ලේලියගේ මුඛ ආවරණය පැළඳගෙන අල්ලපු කාමරයේ සිට සාරියක් ඇඳ එළියට පැමිණියාය. ‘අම්මේ ඇයි මගේ මාක්ස් එක අරගෙන දා ගත්තේ මට දැන් කෑගල්ලේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න යන්න තියෙනවා. මම කොහොමද දැන් බස් එකේ යන්නේ’ ලේලිය තරමක් උස් හඬින් පැවසුවාය. පසුව නැන්දම්මා මුඛ ආවරණයේ කොටසක් ඉවත් කර ප්‍රකාශ කළේ ‘මම සමෘද්ධි බැංකුවට යන්න හිතාගෙන දුවගේ මේසය උඩ තිබුණු මුඛ ආවරණය අරගෙන දා ගත්තා. මම හිතුවේ නෑ දුව බේත් ගන්න යනවා කියලා. එහෙම දැනගෙන හිටියා නම් මම මේක ගන්නේ නෑ’ නැන්දම්මා ලේලියට බැගෑපත්ව පැවසුවාය. 

 



අදහස් (2)

ලේලියගේ මුඛවාඩම නැන්දම්මා දාගෙන

දිමුත් Thursday, 29 October 2020 05:44 AM

මෙහෙම වෙන්න පුළුවන්නේ.?

:       1       2

sana Thursday, 29 October 2020 06:05 AM

මේ ප්‍රහේලිකාවක්නේ. රියදුරා ප්‍රේම කරලා තියෙන්නේ ගැබිණියක් එක්ක කියලා මුලින් කියලා ඊට පස්සේ වසර දෙකකට පස්සෙත් ගැබිණියක් කියනවා ඒත් ළමයෙක් ගැන කියන්නෙ නෑ. ගැ‍ටුමක් ගැන කිව්වට එහෙම දේකුත් වෙලා නෑනේ.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 366 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 465 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 619 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 631 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 712 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 696 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 667 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 480 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site