හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
ලේලියගේ හොරවැඩ ඇල්ලීමට ගොස් පොලිස් කූඩුවේ ලගින්නට සිදුවූ මාමා කෙනෙකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
ආයතන දෙකක සේවය කරන විට දැන හඳුනාගත් තරුණයකු සහ තරුණියක දැනට වසර කිහිපයකට පෙර විවාහ වී සිටි අතර දෙදෙනාම රජයේ රැකියාවල නියුතු වන අතර රැකියාවේ ස්වභාවය අනුව බිරිය තම නිවසේත් සැමියා අගනගරයේ ඥාති ගෙදරකත් නැවතී රැකියාවලට ගියහ. සතුටින් ජීවත් වූ දෙදෙනාට දරුවන් දෙදෙනෙක්ද සිටිති.
කාලය ගතවෙද්දී සැමියාගේ පියාට ලේලිය පිළිබඳව කවුරුන්ගෙන් හෝ සැක සහිත ආරංචියක් ලබාදී ඇති අතර ලේලියගේ හොර අල්ලා ගැනීම සඳහා ඔහු අපූරු උපක්‍රමයක් භාවිත කළේය.
ලේලියගේ ගෙදර ගිය මාමණ්ඩිය එම නිවෙසේ සවස් වන තෙක් කාලය ගතකර තම නිවසට යන බව පවසා පිටත්ව ගොස් තිබේ. රාත්‍රි නවයට පමණ ජැකට් සහ මුඛ ආවරණ ආදිය පැළඳ හිතවතකුගේ ත්‍රිරෝද රථයක් ඉල්ලාගෙන නැවත පැමිණියේය.
නැවත පැමිණ ලේලියගේ නිවෙසට සුපුරුදු ලෙස යන පාරේ නොගොස් වෙනත් කෑලෑබද මාර්ගයකින් ගොස් ත්‍රිරෝද රථය අතරමග නතර කර ඇයගේ නිවස අසලට ගොස් සැඟවී බලා සිටියේය. නාඳුනන වාහනයක් නතර කර තැබීම නිසා ප්‍රදේශවාසීන් කලබලයට පත්වූයේ මේ අතරතුරදීය.
ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීම නිසා පොලීසිය පැමිණ ත්‍රිරෝද රථය පොලීසියට ගෙන යද්දී ගම්වැසියෝ ත්‍රිරෝද රථයේ හිමිකරු එනතෙක් රැකවල්ලා ගෙන සිටියහ.
මාමණ්ඩිය ත්‍රිරෝද රථය තිබූ තැනට පැමිණ බලන විට එය නොමැති නිසා කිලෝමීටර් තුනක් පමණ පයින් ගොස් පොලිසියෙන් ත්‍රිරෝද රථය පිළිබඳව විමසා කුලී රථයකින් නැවත වාහනය නතරකර තිබූ තැනට පැමිණියේය. ප්‍රදේශවාසීන් ඔහු අල්ලාගෙන පොලීසියට බාර දී ඇති අතර එහිදී මාමා තමන් පැමිණි කාරණය පොලිසියට පැවැසුවේ වෙන කිසිවක් කළ නොහැකි බැවිනි.
මාමණ්ඩිය එදින රාත්‍රියේ පොලිස් කූඩුවේ ගත කළ අතර පොලිසියෙන් කළ දැනුම්දීම අනුව ලේලියත් පුතාත් පසුදින උදෑසන පොලීසියට ගියේ කිසිවක් සිතාගැනීමට නොහැකිවය.
මාමණ්ඩියට අවවාද කර මුදාහැරි පසු පුතා සහ ලේලිය සමග නිවෙසට පැමිණ ඇති අතර තිදෙනාම සිද්ධිය වසන් කර ගැනීමට උත්සාහ කළ ද දින කිහිපයක් ගතවන විට කතාව ගම පුරා පැතිරගොස් තිබුණේ විදුලි වේගයෙනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලේලියගේ හොර අල්ලන්න ගිහින් මාමා පොලිස් කූඩුවේ