තම දුරකතනයට ඇමතුමක් ලැබීම නිසා ලජ්ජාවට පත් වූ පුද්ගලයකු කිලෝමීටරයක් පමණ පාගමනින් නිවසට ගිය පුවතක් දකුණු පළාතේ අර්ධ නාගරික පෙදෙසකින් වාර්තාවේ. සිද්ධිය සැකවින් මෙසේය.
සති අන්තය ආරම්භ වන සිකුරාදා දින සවස් වරුව නගරබද මෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන්හි ද ඉතාම කලබලකාරී ස්වභාවයක් උසුලනු ලබන්නේ සතියේ දින පහක් වැඩකර ඉතිරි දින දෙක නිවීසැනසිල්ලේ විවේකීව නිවසේ ගත කිරීමට සිහින මවමින් බොහෝ දෙනකු තම නිවෙස් කරා ගමන් කරන බැවිනි.
මාතර නගරයේ සිට අකුරැස්ස පෙදෙස බලා ධාවනය වෙමින් තිබූ එදින අවසන් බස්රථයේ පොල් පැටවූ ආකාරයෙන් මගීන් පිරී සිටියේ ඉඳගෙන සිටි පිරිසට වඩා හිටගෙන සිටි පිරිස වැඩි බැවිනි.
සෙනග පිරී තිබූ බස් රථය කිලෝ මීටරයක් පමණ දුර ගමන් කර වෙළඳ සංකීර්ණයක් අසල බස් නැවතුමෙහි නතර කළේ එම ස්ථානයේ සිටි මගීන් ද රැගෙන යාම සඳහාය.
වයස අවුරුදු පනහක් තරම් වූ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන ඔහු වැඩ නිම වී ගෙදර ගිය සැනින්ම ඔහුගේ භාර්යාවගේ නියෝගය අනුව නිවසට අඩුපාඩු ගෙන ඒම සඳහා ඔහුට නැවත වරක් වෙළෙඳ සංකීර්ණය වෙත යාමට සිදුවිය.
රෑ බෝවී තිබූ නිසාත්, අවසන් බස් රථයෙන් කෙසේ හෝ ආපසු නිවසට පැමිණිය යුතු නිසාත්, ඔහු කලබලයෙන් ගෙදරින් පිට වී තිබුණේ ඔහුගේ ජංගම දුරකතනය වෙනුවට නිවසේ තිබූ දුරකතනය ද රැගෙනය.
බස් රථය මගීන් ගෙන් පිරී තිබුණත් එක් අතකින් බඩු මල්ලක්ද රැගෙන ඔහු පාපුවරු වේ සිටි මගීහු දෙපසට කරමින් මහත් අසීරුවෙන් පිටුපස දොරටුවෙන් බසයට ඇතුළු විය.
බස් රථය ඉදිරියට ඇදෙමින් තිබියදී එකවරම ස්ථාවර දුරකතනයක ඇමතුම් ලැබීමේ නාදයක් නිකුත් වීම නිසා බසයේ සිටි මගීන් එකිනෙකාගේ මුහුණු බලන්නට වූහ.
මෙතරම් ජංගම දුරකතන තිබෙන සමාජයක ස්ථාවර දුරකතනයක නාදයක් කෙසේ පැමිණියේදැයි ඔවුන්ට ප්‍රශ්නයක් විය.
බස් රථය තුළ උපකාරක පන්ති සඳහා සහභාගී වී ඇතැයි සිතිය හැකි පිරිමි සහ ගැහැනු ළමයි කිහිප දෙනෙකුම ශබ්ද නගා සිනහසෙන හඬ අතරින් එක් කටකාර පිරිමි ළමයකු ‘‘කවුද බොල ලෑන්ඩ් ෆෝන් එකක් සාක්කුවේ දාගෙන ආවේ”යැයි පැවසුවේ මුළු බස්රථයම සිනා සාගරයේ ගිල්වමිනි.
අනපේක්ෂිත ලෙස සිදුවූ මේ සිද්ධියේදී මහත් ලජ්ජාවට පත් වූ ඔහු කිසිවකුට නොදැනෙන පරිදි තම සාක්කුවේ නාදවෙමින් පවතින දුරකතනය කෙසේ හෝ විසන්ධි කිරීමට සාක්කුව තුළට අතදමා බොත්තම් කිහිපයක් ඔබමින් දුරකතනයේ නාදය විසන්ධි කළේය.
මෙම සිද්ධියෙන් අතිශයින් ලජ්ජාවට පත් වූ ඔහු තවදුරටත් බස් රථයේ ගමන් කිරීමට නොහැකිව තම නිවසට කිලෝමීටරයක් පමණ දුර තිබියදී ඉදිරි බස් නැවතුම්පොළින් බස් රථයෙන් බැස ඉදිරියට පයින් ගමන් කරනු දක්නට ලැබුණි.
රන්සෑගොඩ ඩී. කංකානම්ගේ
මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක
තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන
ඉහළ නැග ඇති පොල් මිල මෙන්ම සහන මිලට පොල් නගරවාසීන්ට අලෙවි කරන පෝලිම් ගැනද දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව ඇති මේ දිනවල අපූරු සිදුවීමක් බස්නාහිර පළාතේ මුහ
නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි. තමා සතුව යතුරුපැදියක් හා ත්
මිල අධික පිටිවර්ගයක හිස් ටින් දෙකක් නිසා සහෝදරකමත් පියාගේ මළගමට සහභාගීවීමත් දෙකම අහිමි වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ලෑන්ඩ් ෆෝනය බසයේ අරන් ගිහින් රෙදි ගැලවිලා