කලවාන-උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක් ගෙවා නැවත පැමිණ රෝගියා රැගෙන යාමට සිදු වූ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය, අලුත් අවුරුදු උදා වීමට ඇත්තේ තව නොබෝ දිනයකි. අලුත් අවුරුදු සඳහා නිවාස වතුපිටි ශුද්ධ පවිත්‍ර කිරීමට බොහෝ පිරිසක් කටයුතු කරති. මෙලෙස අවුරුද්දට දින ළංවෙද්දී තම ඉඩම ශුද්ධ කළ පුද්ගලයකුට හදිසියේම සර්පයෙකු දෂ්ට කර ඇත.
සර්පයා දෂ්ට කළ පුද්ගලයාට මල්ලි කෙනෙකු සිටින අතර ඔහු සිය අයියාට දැඩි ලෙස ආදරය කරන පුද්ගලයෙකි. ඔවුන් දෙදෙනා ඉදිකටුවට නූල මෙන් කොහේ ගියත් මොනවා කළත් එකටය. තරුණ වයසේ වූවද ඔහුගේ මල්ලි කුඩා එකෙකු මෙනි. සුළු දෙයටත් කලබල වෙන ඔහු ඉතා කුඩා සිදුවීමකදී වුවද මහා හඬින් විලාප තබමින් හඬා වැටෙයි. පිරිමියකු ලෙස උපත ලැබුවද ගැහැනියක මෙන් ජීවත් වන ඔහු පිළිබඳව ගමේ නොයෙකුත් කට කතාද පැතිර ගොස් තිබුණි.
සිය අයියාට සර්පයෙක් දෂ්ට කළ පුවත ඇසීමෙන් දැඩි ලෙස කලබල වූ ඔහු සුපුරුදු ලෙස මහා හඬින් විලාප නගමින් හඬන්නට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් එම ගම්මානයේ සිට රෝහලට විශාල දුරක් ගෙවාගෙන යා යුතු අතර ඔහුගේ විලාපය අසා ගමේ පිරිසක් ඔහුගෙන් කාරණය විමසද්දී “සර්පයෙක් කෑවා” යැයි පවසා නැවත විලාප නගමින් හඬන්නට පටන්ගෙන ඇත. ත්‍රීරෝද රථයක් රැගෙන විත් බලෙන් මෙන් ඔහු එහි නංවාගෙන කිලෝ මීටර් ගණනක් දුර පිහිටි රෝහල වෙත රැගෙන ගොස් තිබේ. රෝහල තුළ නැගෙන විලාපය අසා රැස්වූ පිරිස අසලට ප්‍රතිකාර සඳහා පැමිණි වෛද්‍යවරයා ඔහු ආයාසයෙන් නිහඬ කර මොන සතාද කෑවේ යැයි අසද්දී. “මාව සර්පයෙක් කෑවේ නෑ අයියව කෑවේ” යැයි පවසා නැවත හඬන්නට පටන්ගෙන තිබේ. දෙවියන් සිහිවූ ගමේ පිරිස ඔහුට දොස් පැවරීම පැත්තකින් තබා “ඔහේ පයින් ගෙදර එනවා” යැයි පවසා නැවත ගොස් සිහි මුර්ජව සිටි අයියාව රෝහල වෙත කඩිනමින් රැගෙන විත් තිබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ලෙඩා මාරු වී ජංජාලයක්
ගුණරත්න Wednesday, 09 April 2025 11:22 AM
මට ෂුවර් මුන් මාලිමාවට ඡන්දය දුන්නු උන් කියල