හසලක සුනිල් ඒකනායක
තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප‍්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි.
අවිවාහක තිස් දෙහැවිරිදි ඔහු පේරාදෙණිය ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන අයෙකි. අතමිට දිග හැර විය පැහැදම් කිරීමට අකමැති ලෝබ කමින් යුතු අයකු බවද එම කාර්යාලයේ පමණක් නොව මොහු ඇසුරු කරන හිත මිතුරන්ද හොඳාකාරවම දන්නා කාරණයකි.
තේ පානය කරන වේලාවට තනිවම කාර්යාලයේ ආපණශාලාවට යන ඔහු කිසිවකු නොමැති අසුනකට තේ එකක් රැගෙන ගොස් පානය කරන අතර නිවසින් රැගෙන එන දිවා ආහාරයද ගන්නේ එලෙසින් බව කාර්යාලයේ මිතුරෝ පවසති.
මොහුට සහකාරියන් කීප දෙනකු කතා කළත් ඉන් එකක්වත් හරි නොගියේ එම තරුණියන්ගේ මවුපියන්ටද මොහුගේ මේ ලෝබකම දැන ගන්නට ලැබුණු හෙයින් බව තතු දත් අය පවසති.
මොහුගේ මිතුරකු දිනක් යෝජනා කළේ ‘මචං අසවල් ගමේ උඹට ගැළපෙන කෙනකු ඉන්නවා. එයා ඇඟලුම් සේවිකාවක්. මම කතා කරලා බලන්නද? කියාය. එයට ඔහු කැමැත්ත පළකළ නිසා මේ යෝජනාව අදාළ තරුණියට මිතුරා දැනුම් දුන් විට ඇය පැවැසුවේ මේ ගැන මවුපියන්ට දැන්වීමට පෙර තමන් එම තරුණයා සමඟ කතා බහ කිරීමටත් ඔහු සුදුසුද කියා දැන ගැනීමටත් අවශ්‍ය බවය. ඇයගේ එම යෝජනාවෙන් පසු මිතුරා දිනයක් හා ස්ථානයක් තීරණය කර දෙදෙනාටම එම ස්ථානයට එම වේලාවට පැමිණෙන ලෙසට ආරාධනා කළේය.
නියමිත දින නියමිත වේලාවට කුණ්ඩසාලේ නගරයට පැමිණි ඔවුන් තිදෙනා ආගිය තොරතුරු කතා බහ කිරීමට නගරයේ හුදකලා වූ ආපණ ශාලාවක් වෙත පිය නැගූහ. ඔහු පැවසුවේ තමන්ට ඇය ගැළපෙන බවයි. ඇය පැවසුවේද රූපයෙන් නම් ඔහු තමන්ට ගැළපෙන බවයි. මෙසේ විනාඩි කීපයක් ඔවුනොවුන් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටින අවස්ථාවේ මිතුරා ඔහුට යෝජනා කළේ “තේ වතුර එකක්වත් බොමු නේද” කියාය. එවිට ඔහු පැවසුවේ ‘අනේ මට නම් දැන් තේ බොන්න බැහැ. මම එන විට තේ එකක් අසවල් කඩෙන් පානය කර ආ බවත් ඔයගොලන්නට අවශ්‍යනම් තේ ගෙන්නලා බොන්න’ කියාය. එම අවස්ථාවේදී මිතුරා සේවකයකුට කතා කර කෙටි ආහාරයක් සහ කිරි තේ දෙකක් ඇණවුම් කර ගෙන්වාගෙන ඒවා භුක්ති වින්දේද කතා බහ කරමින්ය.
ආහාර පාන ගැනීමෙන් පසු ටික වේලාවකින් සේවකයා මෙහි අලාභය සඳහන් ලදු පතක් ගෙනවිත් මේසය මත තැබූ අතර එය ගෙනැවිත් තබන දිහාවත් ඔහු නොබැලූවේය. ගතවූවේ තවත් කාලයකි. එම බිල් පතේ සඳහන් මුදල ඔහු ගෙවන පාටක් නැති විට මිතුරා “මචං බිල ගෙවනවද?” ”මම නෙවෙයිනේ කෑවේ උඹලනේ ඒ හින්දා උඹ බිල ගෙවපන්” යැයි ඔහු පැවසූ විට මිතුරා සිය පසුම්බියෙන් මුදලක් ගෙන බිල ගෙව්වේය. මෙම සිද්ධිය කෙරෙහි දැඩි සිත් වේදනාවකින් බලා සිටි තරුණිය ක්ෂණයකින් නැගිට මිතුරා වෙත ඇඟිල්ල දිගු කර ‘අයියේ ඔයා මේවාගේ කුණු ලෝබයෙක්ද මට මිනිහා කර ගන්න දෙන්න හදන්නේ. මේකා එක්ක දීග ගියොත් මටත් මේකාගෙන් හැදෙන දරුවන්ටත් බඩ ගින්නේ ඉඳලා මැරෙන්න තමයි වෙන්නේ’ යැයි කියමින් ‘මම යනවා යන්න. මේවාගේ එවුන් එක්ක ආශ‍්‍රය කරන ඔයාලාටත් මේවා හොඳ පාඩම්’ යැයි කියමින් ඇය මේසය මත තිබූ අත් බෑගයද ගෙන ආපණශාලාවෙන් පිටව ගියාය.
‘ඔන්න බලපන් උඹේ ලෝබකම හින්දා අදත් උඹට කැමතිවෙලා හිටපු කිරිල්ලියක් අහිමි වුණා. දැන්වත් ඔය කුණු ලෝබ කමෙන් ගැලවිලා මිනිහෙක් වෙන්න බලපන්.’ කියා මිතුරාද නැගිට ගියේ ඔහු ආපණ ශාලාවේ තනිකර දමමිනි.
සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක
බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් ව
ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි.
තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප‍්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි.
හතරැස් බොරු කියන මිතුරාට ආයෙත් බොරු නොකියන්න හරි හතරැස් උගුලක් ඇට වූ මිතුරන් පිරිසක් ගැන අසන්නට ලැබෙන්නේ ගාලු දිසාවේ ගමකිනි.
මුදල් පසුම්බියේ හොරා අරක්කු බෝතලයෙන් මාට්ටු කරගත් මහත්තයකු පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ලෝබකමෙන් මඟුලත් කැඩිලා
himal Wednesday, 26 March 2025 11:57 AM
ඒ මනුස්සයා වියදම් නොකරන්නේ ලෝබකම නිසාද නැත්නම් දුප්පත්කම නිසාද?
Pradeep Kumara Wednesday, 26 March 2025 01:06 PM
ඒ ගෑණු ළමයා ඉතාමත් හොඳ තීරණයක් ගත්තා. ඒ වගේම දෙමව්පියන් හමුවීමට පෙර තනිවම හමුවී ඔහු ගැන හරි හැටි දැන ගැනීමට තරම් බුද්ධිමත් වුණා. කාට වුණත් ලැබිය යුතු හොඳ කාන්තාවක්...!