(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
රටේ වැඩි දෙනෙකුගේ භාෂාව සිංහලයි. එහෙත් ලිපි ලේඛන, ආරාධනා පත්‍ර, දැන්වීම් පුවරු ආදිය වැඩි ප්‍රමාණයක් ලියැවෙන්නේ ඉංග්‍රීසි බසිනි. එනිසා ඇතැම් අය අසීරුවට පත්වන අවස්ථාද දැක ගත හැක.
එසේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද මංගල ආරාධනා පත්‍රයක් ලැබීම නිසා දෙපාර්ශ්වයක් අතර සිදුවන්නට ගිය හිත් අමනාපයක් අනූ නවයෙන් බේරුණු පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
නාගරික ප්‍රදේශයක ජීවත්වන මවුපිය දෙපළක් තම දියණියගේ විවාහ මංගල්‍යය සඳහා තම ඥාති හිතවතුන්ට ආරාධනා කළේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ආරාධනා පත්‍ර තැපෑලෙන් යැවීමෙනි.
දකුණේ කඳුකර ගම් පියසක ජීවත් වන තම නැන්දණිය සහ මාමාද මේ වැදගත් අවස්ථාවට සහභාගි කරවා ගැනීමට මනාලියගේ මවුපියන්ට බලවත් අවශ්‍යතාවක් ඇති විය. පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව උත්සවයට සහභාගි කරවා ගත හැකි පිරිස සීමිත වූ බැවින් නැන්දණියගේ පවුලේ සෙසු අය මඟහැර නැන්දණියට සහ මාමාට පමණක් ආරාධනා කිරීමට තීරණය කළ මනාලියගේ මවුපියන් ඔවුන් දෙදෙනාට ආරාධනා පත්‍රයක් යවන ලෙස දියණියට උපදෙස් දී ඇත.
මංගල දිනය කෙමෙන් කෙමෙන් ළං විය. තැපෑලෙන් ආරාධනා පත්‍ර යැවූ සෑම දෙනාටම දුරකතනයෙන් අමතා ඔවුන්ගේ පැමිණීම තහවුරු කර ගැනීමද අවශ්‍ය විය.
ඒ අනුව මනාලියගේ මව නැන්දණියටද දුරකථනයෙන් අමතා ආගිය තොරතුරු, දුක සැප විමසා නැන්දෙ එහෙනම් හරි නේ, දෙන්නම එනව නේ?” යැයි ඇසීමට සිතුවා පමණි. දුරකථනය දෙදරවමින් නැන්දම්මා දෝස් මුරයක් එල්ල කළාය.
‘‘අනේ අනේ කෙල්ලගෙ මඟුලට මම හොඳ නෑ. මාම විතරයි හොඳ උඹලට නේ” යනුවෙන් කියාගෙන යන්නට විය.
ඒ චෝදනාව ඇසීමෙන් ඇය බලවත් සේ නොසන්සුන් වූවාය.
‘‘නෑ, නෑ, නැන්දෙ දෙන්නටම ආරාධනා කරල ඇත්තෙ” ලේලිය යටහත් පහත්ව කීවාය .
‘‘දෙන්නටම නම් මගේ නමත් තියෙන්න එපායැ, තියෙන්නෙ සිරිසේන කියල මාමගෙ නම විතරයි නේ.” නැන්දම්මා කේන්තියෙන් කීවාය.
කුමක් හෝ වැරැද්දක් සිදුව ඇතැයි සිතූ ඇය දුරකථනය විසන්ධි නොකරම දියණිය කැඳවූවාය. ‘‘ඇයි මොකෝ ඔයා සීයට විතරක් ආරාධනා කළේ, ආත්තම්මගෙ නම නැතෙයි කියන්නෙ මේ”
‘‘එහෙම තමා අම්මෙ ඉංග්‍රීසියෙන් ලියන්නෙ, මම ලිව්වෙ මිස්ටර් ඇන්ඩ් මිසිස් සිරිසේන කියල. දියණිය පැහැදිලි කළාය.
යළිත් නැන්දණිය ඇමතූ ලේලිය කාරණාව පැහැදිලි කිරීමට උත්සාහ දැරුවාය.
‘‘අනේ, අපි දන්න ඉංගිරිසියක් නෑ බං, මාමත් දෙවෙනි කැලෑසියට විතරක් ගිය මනුස්සය නේ, එයැයි තමයි කාඩ් එකත් මට පෙන්නල කිව්වෙ සිරිසේන කියල විතරයි ලියල තියෙන්නෙ, ඔහේගෙ නම නෑ කියල”
සිදුව ඇති පටලැවිල්ල තේරුම් ගත් ලේලිය නැන්දම්මාට කරුණු පැහැදිලි කර දී දෙදෙනාම මංගල උත්සවයට සහභාගි වන බවට පොරොන්දු කර ගත්තාලු.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෙඩින් කාඩ් එකේ මිස්ට ඇන්ඩ් මිසිස් පටලැවී ජංජාලයක්