ඔහු අගනුවරට ආසන්න නගරයක ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස කටයුතු කරයි. දින කිහිපයකට පෙර ඔහු තම ත්‍රිරෝද රිය කුලී ගමනක් සඳහා යෑමේ සූදානමින් සිය නැවතුම් පොළ වෙත ධාවනය කරමින් සිටියේය.
මෙම රියැදුරා එසේ ඉදිරියට යනවිට ප්‍රධාන මංසන්ධියක් අසල පාරේ අයිනක හොඳින් හැඳ පැලඳ සිටි වැදගත් මහත්මයකු සිටිනු දුටුවේය.
ඔහු ත්‍රිරෝද රථයට අත දමා නැවැත්වීය. වැදගත් පෙනුමකින් සිටි නිසා රියැදුරා තම ත්‍රිරෝද රථය ඔහු අසල නැවැත් වූ අතර එවිට හේ ත්‍රිරෝද රියැදුරුට පැවසුවේ තම දියණිය පන්තියකට ගොස් සිටින නිසා ඇය රැගෙන ඒමට යා යුතු බවය.
රියැදුරා මේ වැදගත් මහතා කිසිදු පැකිලීමකින් තොරව ඒ කුලී ගමන කැටුව යාමට තම ත්‍රිරෝද රියට නංවා ගත්තේය. කිලෝමීටර් එකකට ආසන්න දුරක් ත්‍රිරෝද රථය ගමන් කරමින් සිටිය දී මේ වැදගත් මහතා රියැදුරා අමතා මෙසේ කීය.
‘‘ඔන්න ඔය ටිකක් සෙනඟ ඉන්න තැනින් නවත්වන්න.”
රියැදුරා රථය නැවැත්වීය. වැදගත් මහතා ටිකක් කල්පනා කර” මට ඔය ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. දුවට කෝල් එකක් ගන්න ඕන.”
රියැදුරා තම ජංගම දුරකතනය ‘‘වැදගත් මහතා” අතට දුන්නේය. ඒ අතරතුර ත්‍රිරෝද රියැදුරා තම රථයේ තිබූ ජල බෝතලය ගෙන පානය කිරීමට ඒ දෙසට නැඹුරුවිය. ඔහු ජලය පානය කර ආපසු හැරී බලද්දී ‘‘වැදගත් මහතා” පෙනෙන්නට නොවීය. රියැදුරා වටපිට හැම තැනම සෙව්වත් ‘‘වැදගත් මහතා” සෙනඟ අතරින් තම ජංගම දුරකතනයත් රැගෙන හොරෙන් ම මාරුවී ගොස් ඇති බව අවබෝධ කර ගත්තේය.
අනුරාධපුර - චන්ද්රදා මලවලරආරච්චි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘වැදගත්’ මහත්තයා ෆෝන් එකට විදලා