හසලක සුනිල් ඒකනායක
කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ගැනීමට පා පැදියකින් ගමන් කිරිමේදී එය පෙරළී බිම ඇද් වැටීමෙන් ඇගේ රෝගය සුවපත් වූ සිදුවීමක් හසලකට නුදුරු ගමකින් වාර්තාවිය.
කෘෂිකාර්මික ආශ‍්‍රිත රැකියාවක නියුතු ඔහුගේ තිස් අට හැවිරිදි වියේ පසුවන බිරිඳට එක් වරම එක කකුලක දණහිස කොටසින් නැවීමට නොහැකිව ඇත. ක්ෂණිකව හටගත් මෙම රෝගී තත්වයට ගමේ වෙද මහතාගෙන් සති දෙක තුනක් තෙල් බෙහෙත් පත්තු බැන්දත් කකුලේ පැවති ආබාධය සුව නොවුණි. මෙම ආබාධය නිසා ඇයට නිවසේ වැඩක් පලක් කිරීමට හෝ ඇවිද යාමට සහ වාඩිවී සිටීමට පවා අසීරුවිය. මේ තත්වය නිසා ඇය පමණක් නොව පවුලේ අනෙක් අයද දැඩි අපහසුතාවකින් පසුවූහ.
රෝගය සුව නොවන නිසා සැමියා ඇයට පැවසුවේ තෙල් බෙහෙත් පත්තු බැන්දා ඇති අපි දොස්තර මහත්තයකු හමුවෙන්නට යමු යැයි කියාය. එම යෝජනාවට බිරිඳ සහ පවුලේ අයද කැමති වූයෙන් සැමියා ඇයව සිය පා පැදියේ පිටුපස කොටසේ තබාගෙන රෝහල කරා රැගෙන යමින් සිටින අවස්ථාවේදී මාර්ගයේ බෑවුම් කොටසකදී එක්වරම පා පැදිය පෙරළි දෙදෙනාම මාර්ගයෙන් පිටතට විසිවී ගොස් බිම වැටුණි.
එසේ අනතුරට ලක්වූ අඹුසැමියන් දෙදෙනාගෙන් සැමියා වහා නැගිට බිරිඳව කොහේද කියා කතා කර බලන විට ඇය සැමියාටත් කලින් බිම වැටී සිටි තැනින් නැගිට තමන් දෙසට ඇවිද එන අයුරු දැක ඔහු දැඩි විශ්මයෙන් යුතුව ඇය දෙස බලා සිටින විට ඇය පැවසුවේ ‘‘ඒයි මට දැන් ඇවිදින්න පුළුවන්නේ. කකුලත් හොඳට නැමෙනවා. තිබුණු වේදනාවත් දැන් නැහැනේ.” කියාය. යකඩෝ දෙයියෝ අපි දිහා බැලූවා. දෙයියෝ තමයි අපේ බයිසිකලය පෙරළලා ඔයාව හොඳකළේ. හෙටම අපි අහවල් දේවාලයට ගිහිල්ලා පූජා වට්ටියක් තියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න යමු.” යැයි සැමියා ඇයට පවසා ඔවුන් දෙදෙනා පෙරළා නිවසට පැමිණ සැමියා නිවැසියන්ට සිදුවූ තත්වය පැහැදිලි කර පැවසුවේ දේව හාස්කමකින් තම බිරිඳට සුවය ලැබුණු බවකි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා