IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විදීනාටකේ අතරමැද පවුලේ හබයක් මතුවෙලා

අගනුවර මංසන්ධියකි. වාහන තදබදය මඳ පමණින් තිබේ. වළල්ලක් ආකාරයට පනහකට ආසන්න පිරිසක් එක තැනක එක්තැන්වී සිටිති. ඒ මැද විච්චූර්ණ ඇඳුම් ඇඳගත් පිරිසකි. ඇතැමුන්ගේ මුහුණු පාට පාට උලා තිබුණු අතර තවත් ඇතැමෙකුගේ මුහුණ පියරුවලින් තනි සුදු පැහැ ගන්වා තිබිණි. මොවුන් වීදියේ නාට්‍යයක් රඟ දක්වන පිරිසකි. තේමාව ඩෙංගු උවදුර මඩින්නට උපදෙස් දීමයි. මඳ වේලාවකින් අයෙක් දුවවිත් බිම ඇද වැටෙයි. තවත් තැනැත්තියක් ඉහ අත තබාගෙන එතැන සිට විලාප දෙන්නට පටන් ගන්නීය. බිම ඇදවැටුණු තැනැත්තා උණසන්නිපාතයෙන් මෙන් වෙව්ලයි. මොහොතකින් තවකෙක් එතැනට එයි. ඔයාට කී දවසක් කියලා තියෙනවද මේ ලජ්ජා නැති වැඬේ නවත්තන්න කියලා. ඔහු බිම ඇද වැටී කෙඳිරිගාන පුද්ගලයා අසල විලාප තබමින් සිටි තැනැත්තියගේ අතිකන් අල්ලාගෙන ගුගුරන්නට විය. ඇය අතගසා දමා නැවතත් විලාප දෙන්නට වූවාය. කිව්වම අහලා යමු... ඔහු නැවතත් ඇගේ අතකින් ඇද්දේය. ඒයි පිස්සු කරන්න එපා මෙතැන මිනිස්සු ඉන්නවා... ඇය කේන්තියෙන් මෙන් කීවාය. දිගින් දිගටම එවැනි දෙබස් රැසක් දෙදෙනා අතර හුවමාරු විය. මෙතැන ඇත්තේ පවුල් අවුලක් බව නරඹන්නෝ සිතූහ. ඒත් සමගම සෙනඟ අතරින් පෙරට ආ කටකාර තරුණයෙක් මෙසේ කීය. මේ  ඕක නාට්‍යක් ද පවුල් ප‍්‍රශ්නයක්ද? ඔහේලගේ ඔය නාට්‍යයේ නම වෙනස් කරන්න. එතකොට හරි. ඩෙංගු උවදුර මඬින පිළියම් නොවේ. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය මඩින පිළියම් කියලා නම් කරගන්න. නැත්නම් මොනවද මේ පාරේ කරන විකාර. වීදි නාට්‍ය කියලා කියන්නේ එදිනෙදා ප‍්‍රශ්නත් එක්ක මිරිකිලා ඉන්න මිනිස්සුන්ගේ හදවතට කතා කරන විශිෂ්ට කලා අංගයක්. ඔහේලගේ පවුල් ප‍්‍රශ්නවලට ඒක කලවම් කරගෙන ඒ කලාවට අවමන් කරන්න එපා. මඳ වේලාවක් ගත විය. වටේ රැස්ව සිටි පිරිස එකිනෙකා අඩුවී නාට්‍ය කණ්ඩායම පමණක් වීදියේ දැක ගත හැකිවිය.



අදහස් (0)

විදීනාටකේ අතරමැද පවුලේ හබයක් මතුවෙලා

චන්ද්‍රසිරි Monday, 10 December 2012 01:41 PM

සමහර වීදි නාට්‍ය කිසිම හරයක් නෑ (ස)

:       0       0

සරත් Monday, 10 December 2012 09:07 AM

කාලේ වෙනස් තාලේ අලුත්. (වි)

:       0       0

මුතු Monday, 10 December 2012 02:31 PM

ලංකාවේ ඕනම හබයක් වුණාම වට වෙනවනේ (ස)

:       0       0

අජිත් Tuesday, 11 December 2012 07:57 PM

එකිනෙකා අවබෝධ කර නොගැනීමේ ප්‍රතිඵල... (නි)

:       0       0

සුරේස් Monday, 10 December 2012 10:28 AM

මේ පවුල් හබය බලන්න තව අය වට නොවුනු එකයි පුදුමේ (ස)

:       0       0

අශේන් Tuesday, 11 December 2012 04:50 AM

විකාර වැඩ (දී)

:       0       0

ආනන්ද Monday, 10 December 2012 05:01 PM

ඕක ගෙයක් ඇතුළේ වුණා නම් හොරෙන් එබිලා අහගෙන ඉන්නවා. පාරේ වුණ නිසා මගහැරලා යන්න ඇති. (නි)

:       0       0

ලරි‍ෆ්‍ රාසික්‍ Monday, 10 December 2012 06:07 PM

අ‍‍‍‍පේ රටේ අය සෑමදේම අනාගන්නවා. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 December 2012 11:49 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ වීදි නාට්‍යය වැඩිහිටියන්ට පමණයි එකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site