කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත
සමස්ත ලංකා පාසල් ඉංග්‍රීසි නාට්‍ය තරගාවලියේදී විදුහල්පතිගේ හිත සතුටු කරවන්න ඔහුගේ පුතා නාට්‍යයට සම්බන්ධ කරගත් අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
විදුහල්පතිගේ පුතාට ඉංග්‍රීසි පොතේ අකුරක්වත් බැරිය. ඒත් පාසල් ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායමේ සිටි අනෙක් සිසුහු අති දක්ෂයෝය. මේ නිසාම මේ නාට්‍ය කණ්ඩායමට සමස්ත ලංකා ජයක් හිමිවනු ඇති බව මුළු පාසලම දැන සිටියේය, විදුහල්පතිද ඒ අතරය.
මේ නිසාම නාට්‍ය කණ්ඩායම භාරව සිටි ගුරුවරයාට විදුහල්පතිවරයා අපූරු යෝජනාවක් ගෙන ආවේය. ඒ සිය පුතාත් මේ නාට්‍ය කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙසය.
ඉංග්‍රීසි පොතේ අකුරක් බැරි මේ දරුවා ඇතුළත් කිරීම අති දුෂ්කර කාර්යක් වී තිබිණ. එහෙත් විදුහල්පතිගේ උදහසට ලක්වුවහොත් විදුහලේ විසීම බොරු බව දත් නාට්‍ය කණ්ඩායම භාරව සිටි ගුරුවරයා අපූරු උපායක් ඊට යෙදුවේය.
සමස්ත ලංකා නාට්‍ය තරගාවලිය පැවැත්විණ. මේ විදුහලේ එක ජවනිකාවකට අපූරු ගහක් ලෙස සිසුවෙක් රඟ පෑවේය. කතා බහක් නැතිව ගහක අතු ලෙළදෙන පරිදි දෙඅත් එහා මෙහා කළේය. මේ නාට්‍යයට සමස්ත ලංකා ජයක් හිමිවිය.
එම ජයග්‍රහණය වෙනුවෙන් ඉංග්‍රීසි පොතේ අකුර බැරි විදුහල්පතිගේ පුතාටද එහි සහතිකයක් හිමිවිය. විදුහල්පතිට පට්ට සතුටුය. නාට්‍ය භාර ගුරුවරයා අර නාට්‍යයට ගහක් නොදැම්මා නම් විදුහල්පතිට මේ සතුට හිමි නොවන අතර ගුරුවරයාටද එම පාසලේ තවදුරටත් සේවය කිරීමට අවස්ථාව ද නොලැබීමට ඉඩ තිබිණ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වදයෙන් බේරෙන්න අපූරු උපායක්
රංගන Friday, 03 May 2024 11:38 AM
අපිට මේක විහිළුවක් වගේ පෙනුනට මේක ලොකු ඛේදවාචකයක්