IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


විදුලි මීටරය චෙක් කරද්දී දියණිය අතුරුදන්

නගරාසන්න නිවසකට විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු යතුරු පැදි දෙකකින් රෑ අටට පමණ ආවේ නිවැසියන් රූපවාහිනිය නරඹන මොහොතේය.
”සමාවෙන්න, මෙහෙ විදුලි මීටරයෙන් වැරදි විදියට විදුලිය ගන්නවා කියලා පෙත්සමක් තියෙනවා. ඒක බලන්නයි ආවේ,” ඔවුහූ කීහ. නිවසේ අය මවිතයට පත් වුවද ඊට අවසර දුන්නේ එබඳු වරදක් නොකළ නිසාය. ”පොඞ්ඩක් විදුලිය විසන්ධි කරන්න වේවි” කී ඔවුහූ නිවැසියන්ගේ කැමැත්ත මත විදුලිය විසන්ධි කළහ. ගෙහිමියෝ ද මීටරය අසලට වී අඳුරේ බලා සිටියහ.

කුඩා විදුලි පන්දමකින් මිනිත්තු ගණනක් මීටරය පරීක්ෂාකළ එක් අයෙක් ”කිසි වරදක් නෑ. සමාවෙන්න දැන් ලයිට් දාගන්න” කියා සිය යතුරු පැදිය පණ ගැන්වීය.
නොගැලපෙන පෙම් සබඳතාවක් නිසා නිවාස අඩස්සියේ සිටි බාල දුව නිවසේ නැති බව මොහෙතකට පසුව පෙනුණෙන් ඔවුන්ට දෙවියන් සිහිවිය.
පසුවදා ඔවුන්ට දැනගන්නට ලැබුණේ පෙරදා පැමිණියේ විදුලි බල මණ්ඩල සේවකයන් නොව ඇගේ පෙම්වතා සහ යහළුවකු බවයි.



අදහස් (0)

විදුලි මීටරය චෙක් කරද්දී දියණිය අතුරුදන්

දුරේෂාමි Tuesday, 31 December 2013 07:26 AM

අනේ අම්මේ තාත්තේ අලුත් ජෝඩුවට ආශීර්වාද කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (නදී)

:       0       0

ප්‍රසංග Tuesday, 31 December 2013 08:00 AM

මේක වංචාවක්. කෙල්ල කැමැත්තෙන් ගියා නම් මොනා කරන්නද ? (නදී)

:       0       0

කසුන් Tuesday, 31 December 2013 08:11 AM

අයියෝ මම හිතුවේ මායා බන්දන වගේ රූපවාහිනී නාටක මාලාවක් වගේ එකක් කියලා.(නදී)

:       0       0

මධුක Thursday, 26 December 2013 06:03 AM

මේක බැලුව ඔයාල හිතුවද ලංකාවේ සුපිරිම මොලකාරයෝ ඉන්නේ කියලා. පැනල ගිහින් හොඳින් පවුල් ජිවිතයක් ගත කරද්දී දෙමාපියන්ගේත් ආශීර්වාදය ලැබෙද්දී මේ වෙච්ච සිද්දිය මතක් කරලා කොච්චරවත් ඒ දෙපලට සතුටු වෙන්න පුළුවන්. පැනල ගියත් ඔබ දෙපලට සුබම අනාගතයක් ! ආදරණිය හදවත් තේරුම් ගනී, ආදරේ සුවය විඳලා ,වැඩිහිටි වෙලා ඉන්න සමහරක් උදවිය මට බනියි. දෙමාපියන්ගේ සිත් රිදවීම අනුමත නොකරමි. (නදී)

:       0       0

පද්මේ Friday, 27 December 2013 10:39 AM

රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කලේ ගියදා පටන් ඉහිල කුරුළු කුඩුවෙන් සංතෝෂයක් නෑ හිතේ ...// සංතෝෂයක් නෑ හිතේ ...// ගියදා පටන් ඉහිල කුරුළු කුඩුවෙන් සංතෝෂයක් නෑ හිතේ ... ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන් ඔබත් කුඩුවක් තනන්නනේ ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ...// නැවත එන්න පියඹලා දුවේ...// ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ... හනික එන්න පියඹලා දුවේ ... ඈවිත් යන්න එන්න සුදු දුවේ ... (අ)

:       0       0

රංජිත් සිල්වා Monday, 30 December 2013 02:16 PM

පින හා පවා පල දීම නවත්වන්න බැහැ.දෙමව්පියන් අකමැති වෙන්න මොකක් හරි හේතු ඇති. දැන් ළමයින් නීතිය අතට ගන්න කාලයක්. මානව හිමිකම් කියල මෝඩ වැඩ කරනවා. හොදින් හිටියොත් හොඳ වේවි. (දිල්)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 December 2013 08:45 AM

ඔන්න මාමෙ කෙල්ල පැනපි.(නදී)

:       0       0

පුබුදු Sunday, 29 December 2013 07:03 PM

ළමයෙක් ලොකු මහත් කරන්න දෙමාපියන් විඳින දුක දන්නේ එයාලා විතරයි. කවදාහරි ඒ ළමයි දෙමව්පියන් උනු දවසක ඒක තේරෙයි.(නදී)

:       0       0

චාමික Wednesday, 25 December 2013 01:02 PM

දරුවෝ නිවාස අඩස්සියේ තියල ප්‍රශ්න විසදන කාලයක් නෙවෙයි දැන්. මේකෙන් ගත යුත්ත වන්නේ, පොලිසිය හමුදාව ඇතුළු සෑම නිලදරියෙකුම , කාර්යාලයෙන් පිටත ඕනෙම රාජකරියකදී තමන්ගේ හැදුනුම්පත පෙන්වා අනන්‍යතාවය තහවුරු කලයුතු බව. එයට පැකිලීම නුසුදුසුයි. අපරාධ කරුවනුත් මෙලෙස කිසිම බාධාවකින් තොරව නිවෙස් වලට එන්න ගනීවි මෙහෙම ගියොත්.(නදී)

:       0       0

චම්පිකා රණසිංහ Wednesday, 01 January 2014 09:13 PM

පව් අහිංසක කොල්ලා.(නදී)

:       0       0

දුම්මලසූරිය... Saturday, 28 December 2013 06:52 PM

දරුවෝ අනවශ්‍ය සබදතා හදා ගත්තම දෙමවුපියෝ අසරණ වෙනවා...දෙමවුපියන් උත්සහකරන්නේ කොහොමින් හරි දරුවන්ට යහපතක් කරන්නයි. නමුත් දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ.....(අ)

:       0       0

නැනී Thursday, 26 December 2013 11:09 AM

ලොව කෙටිම කාලයකදී සිදුවූ ගැහැණු සොරකම. ගිනිස් පොතට වාර්තා කරමු. (නදී)

:       0       0

රුවන් Wednesday, 25 December 2013 02:34 PM

තම නිවසට එන ඕනෙම කෙනෙකුගේ හැදුනුම්පත බැලීමට නිවැසියන්ට අයිතියක් ඇත. (ත)

:       0       0

මොහාන් Wednesday, 25 December 2013 02:53 PM

මිනිසුන් දනගන්න ඕන නොහඳුනන පුද්ගලයන් සවස 6න් පසු ගෙවල් වලට එනවනම් ඒ ගැන කල්පනාවෙන් ඉන්න . පොලිසියට වුණත් අනන්‍යතාවය තහවුරු නොකර නිවසකට එන්න නීතිමය අවසරයක් නැහැ. (ත)

:       0       0

සුමංගල - ඇල්පිටිය Thursday, 26 December 2013 12:15 PM

වෙලාවට කෙල්ල අරන් ගියේ ? සල්ලි ටිකත් අරන් පැන්න නම් ඉවරයි.(නදී)

:       0       0

මිලාන් Wednesday, 01 January 2014 09:34 AM

ඔලුවෙන් වැඩ කරලා තියනවා (ත)

:       0       0

අමිතා Wednesday, 25 December 2013 04:44 PM

මහ රෑ විදුලි මීටර බලන්න දෙන්නේ ඇයි. (ත)

:       0       0

කුමාරි Thursday, 26 December 2013 01:37 PM

නිවාස අඩස්සියේ දරුවා තබා ගැනීම වැරදියි කීවට, ඒ ළමයා මඟ නොමඟ නොදත් කෙනෙකු එක්ක නම් ගියේ දෙමාපියන් වැරදි නෑ නේද? ළමයින්ට තේරෙන්නේ නෑ. තේරෙන කොට නැවත හැරෙන්නත් බෑ. (ස)

:       0       0

සෙලාන්සියුස් Wednesday, 25 December 2013 06:02 PM

නිසි වයසට ආ තම දියණියක් උනත් මෙහෙම නිවාස අඩස්සියේ තබා ගැනීම වරදියි.(නදී)

:       0       0

ශාන්ති Friday, 27 December 2013 08:38 PM

කොහොමද සමාජයට මුහුණ දෙන්නේ ? අනේ මන්දා (අ)

:       0       0

නුගේගොඩ Thursday, 26 December 2013 02:48 PM

පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ.... (ස)

:       0       0

ජානි Thursday, 26 December 2013 05:01 PM

මේ වගේ අයට දඩුවම් කරන්න(දිල්)

:       0       0

රම්සි Tuesday, 31 December 2013 03:25 PM

මේ කාලේ වෙන දේවල් වල හැටියට, හරි විදියට නම් ඔතන අතුරුදහන්වෙන්න තිබුනේ දුගේ අම්මව තමයි. (නදී)

:       0       0

අජිත් Thursday, 26 December 2013 05:58 PM

තේරෙනකොට වෙන්න තියෙන දේවල් සේරම වෙලා ඉවරයි(දිල්)

:       0       0

පාලි Wednesday, 25 December 2013 08:52 PM

මොනවා උනත් නියම කොල්ල මන් මොළකාරය (අ)

:       0       0

නිෂේන්ද්‍රා Tuesday, 31 December 2013 01:00 AM

අදහස් ප්‍රකාශ කලාට , වේදනාව තියෙන්නේ දෙමාපියන්ට. නමුත් කොල්ල කරලා තියෙන්නේ 1980 ගණන් වල කරපු සරල සෙල්ලමක්.(නදී)

:       0       0

ලලිත් Saturday, 28 December 2013 10:00 AM

ළමයට අවුරුදු 18 නැති නම් 21 පැනලා නම් ඒ කියන්නේ නීතියෙන් වැඩිහිටියෙක් නම් මොනවට හිරකරගෙන ඉන්නවද? කැමති කෙනෙක් එක්කල යන්න අරිනවා මිසක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 479 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 313 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site