IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විභාගය සමත්කර දෙන්නැයි දෙවියන්ට ලියුමක් ලියලා

දකුණේ ජනතාවගේ ඉමහත් අනුහස් ඇති ඉතා බලසම්පන්න ස්ථානයක් බවට පොදුවේ දකුණේ ජනතාව සලකන දේවාලයකි. හොඳට හා නරකට දෙකටම මේ දේවාලය ප‍්‍රසිද්ධය. හොරකමක් කළද, ආශිර්වාදයක් ඉල්ලීමට වුවද සැතපුම් ගණනින් දුර ගෙවා මෙම දේවාලයට ජනතාව එති. 

එමෙන්ම කිසියම් සිද්ධියක දී අවලාද කරනවා යැයි යමෙකු කීවොත් සිද්ධියට සම්බන්ධ වැරදි කළ පුද්ගලයන් බියෙන් සලිත වීම සාමාන්‍ය දෙයකි.

එමෙන්ම වැරදිවලට දඬුවම් දී ඇති හා දුකට පිහිටවී ඇති අවස්ථා බොහෝ තිබෙන බව ජනතාව පවසති. පසුගිය දිනෙක එම දේවාලයේ දෙවියන්ට ලියූ ලිපියක් එහි පඬුරු පෙට්ටියේ තිබී හමුවී ඇත.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින මෙම දරුවා තමාගේ දුක් ගැනවිල්ල ලියා විභාගය උසස් ලෙස සමත් කර දෙන ලෙස ඉල්ලා තම විභාග අංකය, විභාග මධ්‍යස්ථානය, නම, ලිපිනය, විදුහල ආදී සියල්ල සඳහන් කර තිබූ බවත් මෙය රහසක් සේ රකින ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇති බව එහි කපුමහතෙක් පැවැසීය.



අදහස් (0)

විභාගය සමත්කර දෙන්නැයි දෙවියන්ට ලියුමක් ලියලා

මැටිපහන Tuesday, 15 September 2015 07:02 AM

චන්දී, මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ. මෙච්චර දියුණු කාලෙකදිවත් මේවා තේරුම්ගන්න බැරිද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 16 September 2015 08:42 AM

මේ වගේ හිතන අය ඉන්නකම් කපුවන්ගේ අනාගත අදායම සුරක්ෂිතයි.(ම)

:       0       0

චන්දි Tuesday, 15 September 2015 12:42 PM

එක එක්කෙනාගේ විශ්වාසය තමයි මැටිපහන. දේවාල වලට නොගියත් ඒ ගැන විශ්වාසයක් මගේ හිතේත් තිබෙනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 15 September 2015 01:24 PM

මාත් චන්දි එක්ක එකඟ වෙනවා. ගැටබරු දේවාලය සහ සීනිගම බොහොම අනුහස් තියෙනවා. හැබැයි ඉතින් විභාගයට පාඩම් නොකර දෙවියන්ට බාරවුණාට දෙවියන්ට කරන්න හැකි දෙයක් නම් නැහැ (නි)

:       0       0

රොෂාන් Thursday, 17 September 2015 04:44 AM

නම ගම ඔක්කොම ලියපු මෙයාට නම් ඉස්සරහටත් දෙවියන්ගේ උදවු ඕනෑමවෙයි විභාග පාස්කර ගන්න (නි)

:       0       0

නිපුණ Tuesday, 15 September 2015 07:40 AM

ළමයා කළ වැඩෙන් ළමයා ඉතාමත්ම බුද්ධිමත් බව පෙනෙනවා වගේම චන්දිගේ අදහසින් චන්දිත් ඉතාමත්ම බුද්ධිමත් බව පෙනෙනවා (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 16 September 2015 03:09 PM

අපේ අනාගත හරක් පරම්පරාවේ එකෙක්! (අ)

:       0       0

නදීකා Tuesday, 15 September 2015 02:36 PM

අනේ අම්මපා මෙහෙමත් පැහිච්ච ළමයි (නි)

:       0       0

ක්‍රිෂ්ණා Tuesday, 15 September 2015 03:07 PM

හොඳින් පාඩම් කර,විභාගයට සැලැස්මක් ඇතුව සුදානම් වී, ආත්ම විශ්වාසයෙන් යුතුව, දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබාගෙන විභාගය ලියන ළමයිට කවදාවත් වරදින්නේ නැහැ.හැම දෙයක්ම දෙවියන් දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව උත්සාහයෙන් ලබාගන්නෝ ජීවිතය ජය ගනිති. (හේ)

:       0       0

රංගන Wednesday, 16 September 2015 04:49 AM

පවු පුංචි හිතක පැතුම්! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 15 September 2015 03:20 PM

මමත් මේ වගේ අනුහස් ගැන අහලා තියෙනවා. (හේ)

:       0       0

ඉනෝකා Tuesday, 15 September 2015 09:05 AM

ළමයා සමහරවිට හොඳට විබාගයට සුදානම් වුණත්,ආත්ම විශ්වාසය අඩු නිසා මෙහම දෙයක් කළා වෙන්න බැරිද.....? (අ)

:       0       0

චන්දි Wednesday, 16 September 2015 05:31 PM

අජිත් මට හිතෙනවා මම ඉන්දිකගෙන් අහපු ප්‍රශ්නයම අප්පුහාමිගෙනුත් අහන්න (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Wednesday, 16 September 2015 06:03 AM

ඔය දේ කවුරුත් කරනවා .විභාගේ පාස් වෙන්න විතරක් නෙමේ.රට යන්න කෙල්ල එක්ක හෝ කොල්ලගේ හිත ගන්න පුළුවන් වෙන්න තව එක එක ජාතියේ දේවල් ලියුම් ලියලා පන්සලේ පල්ලියේ කෝවිලේ ලියුම් පෙට්ටියට දානවා.හිතු දේ ඉෂ්ට උනාම එක්කෝ රත්තරන් මාලයක් වගේ දෙයක් දෙන්න බාර වෙනවා.අපි ඉන්න මේ රටෙත් එහෙමයි.ලුර්දු පල්ලියටත් එහෙම ලියුම් ලියලා දානවා (බ)

:       0       0

ශාන්ත පත්මබන්දු Tuesday, 15 September 2015 10:23 AM

ගඟෙන් එහා පැත්තේ මෝඩයෝ තමයි මේවා කෙරෙහි විශ්වාසය තබන්නේ. (බ)

:       0       0

මොහමඩ් Tuesday, 15 September 2015 10:23 AM

අන්ධ විස්වාස පස්සේ ගිහිල්ල විභාග පාස් වෙන්නේ නැහැ හොදට උනන්දු වෙන්න ඕන පාඩම් කරන්න ඕන අනේ මන්ද අපේ ළමයා පවා අපේ මෝඩ වැඩිහිටියන්ගේ පිළිවෙත් කරන්නයනවා (බ)

:       0       0

සම්පත් Tuesday, 15 September 2015 10:47 AM

මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. මට පෙනෙන විදියට දෙමාපියන්ගේ බලකිරීමට දේවාලෙට යන්න ඇති.(ම)

:       0       0

කුමාර Wednesday, 16 September 2015 11:20 PM

අනේ මෙහෙමත් ළමයි! (නි)

:       0       0

ධම්ම Tuesday, 15 September 2015 05:43 AM

දැන් කවුද ලියුම් ලියන්නේ. ඊමේල් එකක් හරි, එස් එම් එස් හරි යවන්නේ නැතිව බලන්න මේ ළමයා කල වැඩේ මේ දියුණු ලෝකේ. (ම)

:       0       0

චන්දි Wednesday, 16 September 2015 12:05 PM

ඉන්දික, ඔයාගේ හිතට එකඟව කියන්න ඔයා කවදාවත් මැණික් ග‍ඟෙන් නාලා, සුදු ඇඳුම් ඇඳලා, පුජා වට්ටියක් අරගෙන කතරගම පුදබිමට ගිහින්ම නැද්ද....? (නි)

:       0       0

චන්දි Tuesday, 15 September 2015 05:52 AM

කපු මහත්තයට තියෙන්නේ ඒ ළමය විභාගයෙන් සමත් වේවිද කියා විමසිල්ලෙන් ඉන්න,මෙම දේවාලය ගැටබරු දේවාලය හෝ සීනිගම දේවාලය විය යුතුයි දෙකම හරි අනුහස් (ම)

:       0       0

අජිත් Wednesday, 16 September 2015 12:46 PM

චන්දි නියම ප්‍රශ්නයක් ඉන්දිකගෙන් අහලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් ඔය කියන කවුරුත් ඕවා (බාර හාර) කරනවා. (නි)

:       0       0

සරත් Tuesday, 15 September 2015 10:44 PM

චන්දි හරි. කවුරු මොනවා කිව්වත් දෙවියන් ගැන විශ්වාසයක් අප සැමට තිබෙනවා. හොඳම උදාහරණය කාලෙකින් මුණගැහුණු කෙනෙක් තමන්ගේ සමිපතමයෙක්ට කොහොමද කියලා ඇහුවොත් 'දෙවියන්ගේ පිහිටෙන් හොඳින් ඉන්නවා' කියලා කියවෙන්නේ ඉබේටමනේ. හොඳයි නැද්ද. (නි)

:       0       0

නදීකා Tuesday, 15 September 2015 11:57 PM

විභාගයට පාඩම් නොකර ඔය මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ (නි)

:       0       0

ධනංජය Thursday, 24 September 2015 04:45 PM

ඊමේල් ලිපින නැහැනේ. ඒකනේ එහෙම කරලා තියෙන්නේ (නි)

:       0       0

සුබෝදිනී Tuesday, 15 September 2015 12:10 PM

කොයි ළමයත් බලන්නේ මේ විභාගය කියන කඩඉමෙන් කොහොමහරි පැනගන්න. ඇයි සමහර ළමයි පොත් ඇතුළේ දේව රූප,සායි බාබා දෙවිඳුන්ගේ රූප එහෙම තියාගෙන විභාග වලට යන්නේ?මට නම් මේ දරුවාගේ, අහිංසක විශ්වාසයනේ කියලා හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 694 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 728 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1105 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9431 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 329 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2018 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site