ඉංගිරියේ සිට පිටකොටුව බලා දිවෙන බස් රියකි. මගීන්ගෙන් පිරී ඉතිරී තිබූ එහි සිටගෙන සිටීමටද අසීරුය. වයස අවුරුදු 70ක් පමණ පෙනුමැති වයසක මවක් ඉතා අසීරුවෙන් ආසනයක් අල්ලාගෙන එහාට මෙහාට පැද්දෙමින් සිටියද ඇයට අසුනක් දීමට තරම් කාරුණික හදවතක් ඇත්තෙක් බසයේ නොවීය. පාසල් සිසුන් මෙන්ම තරුණ පිරිස් ද විශාල සංඛ්‍යාවක් බසයේ සිටගෙන සිටි අතර ‘‘මේ අම්මට කවුරුහරි සීට් එකක් දෙන්න’’ යැයි කීප විටක්ම පැවසූ කොන්දොස්තර තැනගේ හඬද වාඩිවී සිටි කිසිවකුට හෝ නොඇසුනා සේය. මේ අතරේ සිටගෙන සිටි එක් පාසල් සිසුවකුගේ නෙත ගැටුණේ පාර දෙපස පසුවන සෑම බෝ වෘක්ෂයක්, බුද්ධ ප‍්‍රථිමා හා පන්සලක් ගානේ නැගිටිමින් යළි වාඩිවන කාන්තාවකි. සිසුවාට ගණ දෙවි නුවණක් පහළ වූයේ මේ දර්ශනය දුටු විටය. ‘‘අම්මේ අන්න අර සීට් එකේ ඉන්න කෙනා ඉස්සරහා බහිනවා. අම්ම එතෙන්ට යන්න. එයා නැගිට්ට ගමන්ම ටක් ගාලා වාඩිවෙන්න. නැත්තම් වෙන කවුරු හරි වාඩිවෙයි.’’ ඔහු වයස්ගත කාන්තාවට පැවසුවේය. සිටගෙන සිටීමෙන් දැඩි සේ හෙම්බත්ව සිටි මහලූ කාන්තාව ද සිසුවා කී පරිදි වහා එතැනට ගියාය. සිසුවා බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ඊළගට හමුවූ පන්සලක් පසුවෙද්දී පෙරකී මගී කාන්තාව සම්පූර්ණයෙන්ම අසුනින් නැගිට්ටේ එතැනට උපහාර දැක්වීමටය. ලද ඇසිල්ලෙන් ප‍්‍රයෝජන ගත් මහලූ කාන්තාව වහා අසුනින් වාඩි වූයේ සිසුවගේ උපදෙස් අකුරටම පිළිපදිමිනි. ‘‘මම බහින්නේ නෑ. තව දුර යනවා. මගේ සීට් එක මට දෙන්න’’ මගී කාන්තාව ඇයට පැවසුවාය. ‘‘පන්සල් බෝ ගස් ළඟ නැගිට නැගිට වාඩි වෙනවට වඩා පිනක් ඔය අම්මට සීට් එක දුන්න එකෙන් ලැබෙනවා’’ යැයි සිසුවාගේ යහළුවකු දුන් පිළිතුර හමුවේ එම තැනැත්තිය කරබාගෙන සිටගෙන සිටියේ බසයේ සිටගෙන සිටි සෙසු පිරිසගේ උපහාසාත්මක සිනා හඬ මධ්‍යයේය.
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
නෝනා තමන්ට ආදරය කරනුයේ අවංකව බව මිතුරන්ට පෙන්වීමට ගිය අයකු වැටුණු අලි අමාරුවක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
වියපත් කතට අසුනක් නොදුන්නාට සිසුවාගෙන් අපූරු පාඩමක්
ලසන්ත Tuesday, 07 February 2012 12:20 AM
මේ වගේ දරුවන් බිහි කරපු අම්මටත් වාසනා වේවා.
අංජන Tuesday, 07 February 2012 09:24 AM
බඩදරු අම්ම කෙනෙක් බස් එකට නැග්ගොත් සීට් එකක් දෙන්න ගැණු අද ඉන්නවද? හැම වෙලාවෙම ආසනය දෙන්නෙ පිරිමියෙක්.
කලණ Tuesday, 07 February 2012 10:46 AM
අනිත් අය උපහාසාත්මකව හිනා වුනාට එයාලත් අසුනක් දුන්නෙ නෑ නේද ?
නාමල් Tuesday, 07 February 2012 11:56 AM
ඇත්තටම මේ ළමයි රටට වටිනවා
අජිත් Friday, 03 February 2012 01:53 PM
ඉතාමත් හොදයි
piyal Sunday, 05 February 2012 01:40 PM
මෙවන් පාසල් දරුවන් ගැන අහන්න ලැබීමත් සතුටක්.
ඉෂන්ක Friday, 06 July 2012 03:36 PM
බොරුවට මිනිස්සුන්ට පේන්න වදිනවාට මෙහෙම වෙලා මදි
ප්‍රියංකර තිස්ස Monday, 06 February 2012 05:43 AM
ඉතාමත් හොදයි
දුලානි Monday, 06 February 2012 10:21 AM
අපේ රටට ආඩම්බරයක් සහ හොද ආදර්ශයක් වැඩිහිටියන්ට
පාලිත Friday, 10 February 2012 09:30 AM
මෙන්න දරුවො
චන්දිකා Friday, 10 February 2012 10:21 AM
අනිත් අය උපහාසාත්මකව හිනා වුණාට එයාලත් අසුනක් දුන්නෙ නෑ නේද ?
හංසමාලි Friday, 10 February 2012 03:19 PM
හොද පාඩමක්
දිල්රුක්ෂි Monday, 06 February 2012 05:02 PM
නියම මල්ලී, මාලනී බුලත්සිංහල මහත්මිය ගයන, දකිනවිට පල්ලියක් පන්සලක්, මතක් වෙනවා.
චන්ද්‍ර Monday, 06 February 2012 05:11 PM
ඔය බස් එකේ ගිය අන්ත පිරිමි ගෑනුන්ටත් අන්තයි. සමහරවිට ඔය පිරිමින්ට ගෙවල්වල අම්මල හෝ සහෝදරයන් නැතිව ඇති. ඔය පාසල් දරුවාගේ දෙමව්පියෝ ඔය වගේ හොඳ ගුණගරුක දේවල් කියන දීලා ඇති. දෙමව්පියන්ටත් සන්තෝෂ වෙන්න පුළුවන් මේ වාගේ පුත්තු එන්න එක.
නුවන් Monday, 06 February 2012 05:13 PM
මේ වගේ දරුවන් අගය කරන්න ඕනේ. එවිට තවත් දරුවෝ මේ වගේ වැඩ කරන්න පෙළඹෙනවා. මගේ රටේ අනාගතය ගැන හිතුවාම ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි.
lchandra Monday, 06 February 2012 05:14 PM
මේ වගේ දරුවන් බිහි කරපු අම්මටත් වාසනා වේවා.