IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ව්‍යායාම අවසන් වී දුම්රිය වේදිකාවෙන් යද්දී 2520 දඩකාලා

මේ සිද්ධියට මුහුණ දුන්නේ බම්බලපිටිය, දුම්රියපොළ ආසන්නයේ ව්‍යායාමයේ යෙදුණු දිවයිනේ සුප‍්‍රකට ව්‍යාපාරිකයෙකි.

දිගු වේලාවක් ව්‍යායාම කිරීමෙන් පසු, ගලක් මත හිඳ විවේක ගත් ව්‍යාපාරිකයා ඉන් පිටව ආවේ දුම්රිය වේදිකාවේ කෙළවරින්ම ඊට ගොඩවෙමිනි.
සිදුවූයේ කිසිසේත් අපේක්ෂා නොකළ අකරතැබ්බයකි. දුම්රිය වේදිකාව හරහා පිටතට පැමිණෙමින් සිටි ව්‍යාපාරිකයා දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර පරීක්ෂකවරුන්ගේ ග‍්‍රහණයට හසුවිය. ඒ වන විටත් ප‍්‍රවේශපත‍්‍ර නොමැතිව පැමිණි බොහෝ පිරිසක්ද පරීක්ෂකවරු විසින් අල්ලා ගනු ලැබ සිටියහ.

ව්‍යායාම කටයුතු සඳහා ව්‍යාපාරිකයා පැමිණි මෝටර් රථය නවතා තිබුණේ දුම්රිය පොළට ඉදිරියෙන් සමුද්‍රාසන්න මාර්ගයේය. තමන් උදෑසන ව්‍යායාමයට පැමිණි අයකු බව සඳහන් කරමින් අතේ තිබූ ස්වයංක‍්‍රීය පාලකය මගින් සිය වාහනයේ එලාම් නාද කරවා පෙන්වීමට ද ව්‍යාපාරිකයා පියවර ගත්තේය. ඊට අමතරව ව්‍යායාම සඳහා ඇඳ සිටි ඇඳුම ද පරීක්ෂකවරුන්ට පෙන්වීය.

ලැබුණේ ගෝත‍්‍රික මට්ටමේ පිළිතුරකි. ඔය කතා වලින් අපට වැඩක් නැහැ. ටිකට් නැතිව ප්ලැට්ෆෝම් එකේ හිටිය එක අපට ඇති. දඩය රු 2520 යි. ඒක ගෙවලා යන්න පුළුවන්. දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර පරීක්ෂකයන්ගෙන් ව්‍යාපාරිකයාට ලැබුණේ එවැනි පිළිතුරකි.

අවසානයේදී උදේ ඇවිදීමට පැමිණි ව්‍යාපාරිකයා ටිකට් නැතිව දුම්රියෙන් ගිය පිරිස අතර දුම්රිය පොළෙහි කාමරයකට කොටු කෙරුණි. කිසිවකට සවන් නොදෙන පරීක්ෂකවරුන්ගෙන් බුද්ධි මට්ටමෙන් විසඳුමක් නොලැබෙන බව දැනගත් ව්‍යාපාරිකයා සාක්කුවේ තිබූ පසුම්බිය ගෙන ඒ අතර තිබූ රුපියල් 5000 නෝට්ටුවක් දඩ ගෙවීම සඳහා දුන්නේ හැකි තරම් ඉක්මනින් ඒ ස්ථානයෙන් පිටවී යෑමේ අරමුණින්ය.

රුපියල් 2520 දඩය අය කර ඉතිරි මුදල් දීමට පරීක්ෂකවරුන් අත මුදල් නොතිබුණි. දඩ එකතු කර රුපියල් 5000 හි ඉතිරි මුදල් දෙනතෙක් තවත් කාලයක් කාමරයේ කොටු වී සිටීමට ව්‍යාපාරිකයාට සිදුවිය.



අදහස් (0)

ව්‍යායාම අවසන් වී දුම්රිය වේදිකාවෙන් යද්දී 2520 දඩකාලා

ජයත් Thursday, 03 July 2014 12:27 PM

සිද්දියක් විදියට නීතියේ හැටියට ටිකට් පරීක්ෂකවරු හරි. නමුත් ප්‍රස්නේ තියෙන්නේ රටේ අනිත් හැම තැනම 100% ක් ම අවනීතිය තියෙද්දී මෙතන විතරක් නීතිය ක්‍රියාවට නැගීම තමයි (නදී)

:       0       0

ජයසිංහ Friday, 04 July 2014 02:14 AM

මම හැමදාම දෙවැනි පන්තියේ ටිකට් අරගෙන හිටගෙන යනවා. මොකද 3 පන්තියේ ටිකට් ගත් අය 2වන පන්තියේ වාඩිවෙලා. හරි අසාධාරනයි (නි)

:       0       0

අජිත් Wednesday, 02 July 2014 04:51 PM

ඔව්, සම්පුර්ණ වැරැද්ද ව්‍යාපාරිකයාගේ. ඔහුට දුම්රිය වේදිකාවට යාමට කිසිදු අයිතියක් නැහැ. නීතිවිරෝධී දෙයක් කළවිට දඩුවම් ලැබිය යුතුයි (නි)

:       0       0

දන් Wednesday, 02 July 2014 10:21 AM

අනිත් සිද්ධි ගැන නම් දන්නේ නෑ, හැබැයි නීතිය නම් කිසිම හේතුවකට ප්‍රවේශ පත්‍රයක් නැතිව දුම්රිය වේදිකාවේ සිටීම තහනම්. (දී)

:       0       0

ලාල් \ Wednesday, 02 July 2014 10:28 AM

මේ පරීක්ෂක වරුන්ට වරදක් කියන්න බැහැ (දී)

:       0       0

ප්‍රනීත් Thursday, 03 July 2014 02:23 AM

ටිකට් පරීක්ෂකවරුන්ගේ වරදක් නැහැ තමා. ඒත් ඔය ටිකට් පරීක්ෂකවරුන් කියල කියන්නේ බඩගින්නේ ඉන්න දඩ බල්ලෝ වගේ ජාතියක්. කෙනෙක් ටිකට් නැතුව අහුවුනොත් බෙල්ලෙන් අල්ලාගෙන යන්නේ. කිසිම ගරු සරුවක් නැතිව රාජකාරි කරන ජාතියක් ඔය දුම්රියේ වැඩ කරන්නේ. හැබැයි එහෙම අල්ලාගෙන ගිහිල්ලා හොඳවයින් කාපු වෙලාවලුත් තියෙනවා. අනික ඔය මහත්තයට තිබුනේ වේදිකා ප්‍රවේශ පත්‍රයක් අරගෙන යන්නයි. (නදී)

:       0       0

අජන්ත Sunday, 06 July 2014 06:14 PM

පුදුම වැඩක්නේ මේක! දෙවියන්ම සාක්කි තමයි (නි)

:       0       0

අසෝකා Wednesday, 02 July 2014 05:30 PM

වරද නම් ව්‍යාපාරිකයාගේ තමයි. එහෙත් ඉතුරු මුදල් දීම පමා කරන්න පරීක්ෂකයන්ට අයිතියකුත් නැහැ. (නි)

:       0       0

අබ්දුල් Wednesday, 02 July 2014 11:10 AM

ඉතිරි සල්ලි දුන්නාද දන්නේ නැහැ (දී)

:       0       0

ලක්වැසි Wednesday, 02 July 2014 11:11 AM

දුම්රිය වේදිකාවට ගොඩ විමට රුපියල් 10ක් ගෙවා ටිකට් පතක් මිලදී ගත යුතුයි. නීතිය අකුරට ක්‍රියාත්මක වීම ගැන සතුටු වන්නේ නැතුව එයට ගෝත්‍රික ස්වභාවයක් ආරූඞ කිරීම ගැන විරෝධය. (දී)

:       0       0

පහන්දී Wednesday, 02 July 2014 11:11 AM

ඔව් අද අපි පත්වෙලා තියෙන්නේ මේ වගේ අසාදාරණයෙන් ජිවත් වෙන අය අතර නිහඩව සිටීමයි., ලොව කොතැනක ලාංකිකයන් සිටීද එතන රජ කරවන්නේ බොරුවයි, මොනවා කරන්නද දඩය ගෙවලත් යන්න බැරි උනානේ...!! (දී)

:       0       0

චාමික Thursday, 03 July 2014 05:57 AM

එතකොට ගාඩ් මහත්තුරු ගාර්ඩ් පෙට්ටියේ හොරෙන් එක්කගෙන යන අයට දඩ නැද්ද ? (නදී)

:       0       0

කාෂ්‍යප Wednesday, 02 July 2014 11:41 AM

තිරිසන් ගති විවිද මුහුණුවරින් දැකගත හැක. (නදී)

:       0       0

ධම්මික Wednesday, 02 July 2014 11:45 AM

ඔය වගේ පරීක්ෂකලා දන්නේ ඔය වගේ මොට්ට වැඩ තමයි. කොහොම හරි ඒ අයට ඕනේ දඩ එකතු කරන්න. ඕවගෙන් වෙන්නේ මිනිසුන් අතර ගුණදම් පිරිහෙන එක විතරයි. අද ඉදන් ඒ ව්‍යාපාරිකයට ටිකෙට් පරීක්ෂාකළා කියන්නේ නයාට අඳු කොළ වගේ. (නදී)

:       0       0

සමන්ති Wednesday, 02 July 2014 06:11 PM

සල්ලි තිබුනට බුද්ධිය නැහැ. ව්‍යාපාරිකයා නීතියට අවනත විය යුතුයි (නි)

:       0       0

සෙනරත් Wednesday, 02 July 2014 11:48 AM

සහතික ඇත්ත අපි පාසලේ වැඩකටයුත්තකට දුම්රිය ස්ථානයකට ගියා අපිට සැලකුවේ සත්තුන්ට වගේ (දී)

:       0       0

නලීන් Wednesday, 02 July 2014 11:50 AM

ඔය වගේ අය වහාම අස්කරන්න ඕනේ.(දී)

:       0       0

නලින් රණසිංහ Wednesday, 02 July 2014 11:53 AM

මේ කතාව ඇත්ත. මේ වගේ දෙකට මමත් මුණ දුන්න. මේ අය කිසිම ප්‍රයෝගික දැනීමක් නැති බුද්දි මට්ටම ඉතාම පහල මට්ටමක ඇති අය සේ ක්‍රියා කරන අයයි. මොවුන් මේ වෙලාවට කතා කරන්නෙත් හැසිරෙන්නෙත් හොරෙකු අල්ල ගත්ත වගේ. කනගාටුයි ඒ අය ගැන ගොඩක්. (දී)

:       0       0

දනා Wednesday, 02 July 2014 12:19 PM

වෙලා තියෙන දේ වරදක් පේන්න නෑ. කොහොමත් දුම්රිය වේදිකාවෙ ටිකට් නැතුව හිටිය එක වැරදියි. (ස)

:       0       0

සඳුන් පෙරේරා Wednesday, 02 July 2014 12:20 PM

සල්ලි තියෙන කෙනෙක් කියල දැනගෙන "සර් පොඩ්ඩක් එහාට යමු" කියල 1000ක් අරන් නිදහස් කලේ නැති එක ඇති. ලංකාවේ නීතිය අනුව දුම්රිය වේදිකාවට ඇතුල් වීමට ටිකට් ඕනෑ. නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වෙන්න අපිට බැහැ නේද? (ස)

:       0       0

ධම්ම ජේ.පී Wednesday, 02 July 2014 06:32 PM

සමහරුන්ගේ අදහස් ගැන පුදුමයි. මෙතන ටිකට් මහත්තුරු අතේ කිසිම වැරද්දක් මට නම් පේන්නේ නෑ. රටක් දියුණු වෙන්න නම් නීතිය සැමට සමාන වෙන්න ඕනි. අනෙක නොදන්නා කම නිදහසට කාරණයක් නොවෙයි නේ. එයා නීතිගරුක වෙලා දුම්රිය වේදිකාවට නොගියා නම් ඉතුරු මුදල් ප්‍රශ්නයකුත් නැ නේ.(නදී)

:       0       0

අමිල සිංග Thursday, 03 July 2014 02:16 PM

නීතිය අකුරට ක්‍රියාත්මක උන සිදුවීමක් අසන්න ලැබීමත් සතුටුයි. (නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 02 July 2014 12:37 PM

කෝච්චියේ හොරෙන් යන අය හෙමින් මාරුවෙන ක්‍රම දන්නවා.මොලයක් නැති යකඩ යක්කු සමග කතා කරනවාට වඩා..2520/= ගෙවීම පිනකට දුන්නා ..යන්න සිතීම අගෙයි... (ස)

:       0       0

චන්දි Thursday, 03 July 2014 07:16 PM

අයියෝ! ඇයි ඇමතිවරයෙකුට හරි වෙන බලවතෙකුට හරි දුරකතන ඇමතුමක් නොදුන්නේ? (නි)

:       0       0

චින්තක Thursday, 03 July 2014 02:24 PM

අපි හිතුවේ මේ වගේ අය ඉන්නේ පොලිසියේ විතරයි කියලා (නදී)

:       0       0

තිලාන් Thursday, 03 July 2014 08:09 AM

හොඳ වැඩේ එක අතකට.අද විනය කියන එක දඩ ගහලා තමයි හදන්න වෙලා තියෙන්නේ (නි)

:       0       0

සෙමිනි Wednesday, 02 July 2014 12:52 PM

මේ මනුස්සයා ප්ලැට්ෆෝම් එකට ආවේ කොහොමද ටිකට් එකක් නැතුව (දී)

:       0       0

ලොගේශ්වරම් Wednesday, 02 July 2014 12:54 PM

දුම්රියෙ ගියත් එකයි , ප්ලැට්ෆෝම් එකේ හිටියත් එකයි .දුම්රිය මාර්ගයේ ගියත් එකයි ,වරද එකයි (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 July 2014 06:06 PM

ටිකට් නැතුව දුම්රියෙන් ගමන් කරනවා නම් දඩ ගහන එක සාදාරනයි (නදී)

:       0       0

මාලි Thursday, 03 July 2014 08:29 AM

චාමික කොලේ මඩවන එකා කොලෙන් කන්නෙ නැතුව කැලෙන් කන්නද (නදී)

:       0       0

වීරසිංහ Thursday, 03 July 2014 08:45 AM

මමත් පොඩි කාලේ 88 විතර ඔය විදිහට ආසාවට කෝච්චි බලන්න ගිහින් අහු උනා. උන් මගේ ඔරලෝසුව ගත්තා. (නදී)

:       0       0

චමින්ද Saturday, 05 July 2014 06:21 PM

මෙතන සම්පුර්ණ වැරැද්ද සුප්‍රකට ව්‍යාපාරික මහතාගේ. ඒකට හේතුව තමයි කිසිදාක දුම්රියක ගමන් කර නොතිබීම. දුම්රිය ස්ථානයක් පිලිබඳව නිසි අවබෝදයක් නොතිබීම. බාප්පලා පෙනී පෙනී අවසර පතක් නොමැතිව වේදිකාවට ගොඩ වීම. (නදී)

:       0       0

සරත් රණසිංහ Wednesday, 02 July 2014 01:08 PM

යමක් තේරුම් ගන්නට තරම් මොලයක් නැති පරීක්ෂකයෝ විතරක් නෙවේ කාට උනත් ගසලා දාලා යන්නේ ඔය වැඩ නිසා තමා (නදී)

:       0       0

චමින්ද Saturday, 05 July 2014 06:27 PM

බාප්පලාගේ කනෙන් රිංගලා යන හැටි උපදෙස් ගන්න " සමුද්‍ර දේවියෙන් " උදේ හවා වැඩට යන එන "කිසිදා ටිකට් නොගන්නා සංගමයේ " සාමාජික මහතෙකුගෙන්. (නදී)

:       0       0

කමල් Friday, 04 July 2014 04:30 PM

මෙතන අදහස් දාන කට්ටියව බලද්දී හිනා යනවා. නීතිය ක්‍රියාත්මක නොවෙන වෙලාවටත් බනිනවා. නීතිය ක්‍රියාත්මක වෙනකොටත් බනිනවා. කට්ටියගේ දැන ගැනීමට කියන්නේ ශ්‍රී ල‍ංකාවේ නීතියක් තියනවා දුම්රිය වේදිකාවට ගොඩවෙනවා නම් ටිකට් පතක් ගතයුතුයි කියා. වේදිකාවට ගොඩවීමට පමණක් නම් වෙනම වේදිකා ප්‍රවේශ පතක් තියනවා. මෙම සිද්ධියේ නම් මට දුම්රිය පරීක්ෂකවරුන් ගේ ක්‍රියාවේ නම් වරදක් පෙනෙන්නෙ නෑ. හැබැයි ඔවුන් ගේ කතා විලාශය කොහොමද දන්නේ නෑ. ව්‍යාපාරික මහත්තයා වුනත් ලංකාවේ නීතිය දැනගන්න එක හොඳයි. (නදී)

:       0       0

විමුක්ති Sunday, 06 July 2014 11:10 PM

යන මිනිස්සුත් යන්න කලින් ටිකක් හිතන්න ඕනෑ (නි)

:       0       0

සුමිත්‍රා Wednesday, 02 July 2014 01:41 PM

ව්‍යායාම වලට ගිය මනුස්සයා වැරදියි (දී)

:       0       0

නිල්මිණි Wednesday, 02 July 2014 01:50 PM

මෙයා කරපු වැඩේ හරි, මොන මානසික මට්ටමක හිටියත් ටිකට් පතක් නැතිව වේදිකාවට එතුලු වීම තහනම් එය කටත් පොදු දෙයක්,මගෙ ආචාරය ඔහුට (දී)

:       0       0

ලක්ෂපාන Wednesday, 02 July 2014 02:24 PM

සම්පුර්ණ වැරැද්ද වියාපාරිකයාගේ. ඔහුට දුම්රිය වේදිකාවට යාමට කිසිදු අයිතියක් නැහැ. නීති විරෝදී දෙයක් කරාම දඩුවම් ලැබිය යුතුයි. (නදී)

:       0       0

නුවන් Wednesday, 02 July 2014 02:32 PM

අපේ රටේ ඉන්නේ ඔලුව ඉදිමිච්ච නිලධාරී කොට්ටාශයක්. යමක් හොඳින් සොයා බලා නිවැරදි තීරණයක් ගැනීමට ඔවුන්ට බුද්ධියක් නැතිවා මෙන්ම එසේ කිරීමට ඔවුන්ට උවමනාවක්ද නැත. ඉතාමත් සුළු නිලධාරීන් පිරිසක් පමණක් ප්‍රශන්සනාත්මක සේවයක් ඉටු කරනු දකින්න පුළුවනි. මෙවන් පුද්ගලයින්ට නීතියෙන් දඬුවම් කරනවා හැර වෙන විකල්පයක් නැත. (දී)

:       0       0

විකි Wednesday, 02 July 2014 02:35 PM

ලක්ෂපාන හරි. ටිකත් නැතුව ප්ලට්ෆොර්ම් එකට එන්න පුළුවන් බම්බලපිටියේ කොල්ලු පිටියේ. බොහොමයක් මගින් එතනින් ගමන් කරනවා බස් රථ නැවතුම් පොළ නිසා. බස් මගහැර දුම්රියට එන්න. මොකද අපේ එකක් මග හැරුනොත් තව පැයක් ඉන්න වෙනවනේ (නදී)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 06 July 2014 02:29 PM

මේ අයට නිලධාරීන් කියා හඳුන්වන්නත් බැහැ. අවස්ථානුකූලව නීතිය මෙහෙයවන / පසිඳලන නිලධාරීන් විදියට ස්වභාවික නීතියට ගරු කරන්න ඕනෑ.මෙච්චර සාක්ෂි ඉදිරිපත් කරද්දී ඒ ගැන නොවැටහෙන අයද පරීක්ෂකවරුන් ලෙස බඳවාගෙන තිබෙන්නේ? (නි)

:       0       0

ලක්මල් Saturday, 05 July 2014 09:42 AM

නිතිය අකුරට ක්‍රියාත්මක වීම ගැන සතුටු වෙනවා තර තිරම නොබලා. එය ගෝත්‍රික මට්ටමක් කියා පහල දැමීම හෙළ දකිනවා. ටිකෙට් පරීක්ෂකවරුන්න්ට ප්‍රණාමය. (නදී)

:       0       0

විකි Wednesday, 02 July 2014 03:08 PM

නුවන්- ඔබ වැරදි දුම්රිය වේදිකාවට ඇතුල් වෙන්න අවසර පතක් ලබාගත යුතුයි. එය මෙම ව්‍යාපාරිකයාගේ වැරද්දක්. දුම්රිය ගමන් කරන කෙනෙක්ට දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් වේදිකාවට ඇතුල් වෙන්න පුළුවන්, නැතුව දුම්රියේ යන්න බැහැනේ නිලදාරීන්ගේ වැරද්දක් නැහැ . ඔවුන්ගේ සේවය අගය කල යුතුයි (දී)

:       0       0

අමල් Thursday, 03 July 2014 11:31 PM

හොඳයි වැඩේ (නි)

:       0       0

ලක්ෂිත Friday, 04 July 2014 11:59 AM

හොදයි ඕක මට උනානම්, පත්තරේ දානවද? සල්ලි බලේ. දඩ ගහන්න ඕනේ වරදට. (ස)

:       0       0

සොක්කා Wednesday, 02 July 2014 03:29 PM

ගෝත්‍රික මට්ටේමේ ව්‍යාපාරිකයෙක් ටිකට් නැතිව දුම්ම්රිය පොලට ගිහාම වරද කාගේද.මෙය ලොකු මිහෙක් නිසා වෙනම නීතියක් ඕනෙද? (දී)

:       0       0

තේජාන්විත Thursday, 03 July 2014 11:39 AM

අනේ දුම්රිය පරීක්ෂකයන්ගේ වීරකම් ගැන මොනවට කතාද ? ඔය මහත්තයට නිතිය ක්‍රියාත්මක කරන වෙලාවේ ලුනාවෙන් නැගපු 15 දෙනෙක් විතර ටිකට නැතුව ඔතනින් මාරුවෙලා ගියා. (නදී)

:       0       0

නුවන් Thursday, 03 July 2014 11:55 AM

ඇවිදගෙන ගියත් දඩ ගෙවන්න ඕනෑද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 605 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 689 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1080 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9390 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 860 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 324 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site