IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


වැරදීමකින් අත වැදුණාම මෛත‍්‍රී කරුණාව අමතක වෙලා

120 කැස්බෑව පිටකොටුව බසයකි. දවස සිකුරාදාය. වේලාව උදේ 7.30ට ළංවී තිබිණි. වයස 50ක් පමණ වූ උගත් පෙනුමක් ඇති කාන්තාවකි. චතුරාර්යය සත්‍ය 2 පොත කියවමින් අසුනේ වාඩිවී සිටියාය. කරුණාව හා මෛති‍්‍රය මුහුණේ ලියැවී තිබිණි. ඇය අසලට පැමිණි උසස් ආයතනයක රැකියාවක නියුතු තරුණ කාන්තාවක බස් රථයේ බෑග් රඳවනයේ අත් බෑගය තබා ඇය අසලින් හිට ගත්තාය. ටික දුරක් යනවිට ඇය පොත වසා නෙත් පියා ගත්තේ චතුරාර්යය සත්‍යය 1 වාගේම 2 කද අවබෝධ කරගත්තාක් මෙනි. තුම්මුල්ලේ දී හිටගෙන සිටි තරුණ කාන්තාව උඩ තබා තිබූ අත් බෑගය ගැනීමට තැත් කරද්දී ඇයගේ අත යාබද කතගේ අතේ ගෑවුනේය. ඇගේ කරුණා මෛති‍්‍රය රහත් විය. මුහුණ රෞද්‍ර විය. ඇය තරුණ කාන්තාවට ඔරවමින් වැලමිටෙන් ද ඇන්නාය. තරුණ කාන්තාව මෙසේ කීවාය. ”ඔහොම චතුරාර්යය සත්‍යය අවබෝධ කර ගන්න බෑ මිස්” කියා බසයෙන් බැසීමට ඉදිරියට ගියාය. ඉතා ලජ්ජාවට පත් වයසක කාන්තාව මොකක් ද කිව්වේ කියමින් නැවත වරක් ඇයට පහරදී කෑ ගසමින් බනින්නට වූවාය. තමාට අනපේක්ෂිතව සිදුවූ මේ අකරතැබ්බය රියදුරුට පැවසූ තරුණ කාන්තාව බැස යන අවස්ථාවේ ද වයසක කාන්තාව බසයේ සිට ජනේලයෙන් හිස දමමින් දඹරැගිල්ල කරකැවුයේ මරියකඬේ කතක්වත් නොකරන ස්වරූපයෙනි.



අදහස් (0)

වැරදීමකින් අත වැදුණාම මෛත‍්‍රී කරුණාව අමතක වෙලා

නාමල් විජේරත්න Monday, 27 February 2012 09:41 AM

චතුරාර්ය සත්‍ය කෙසේ වෙතත් ඊලග ආත්මෙදි සතර අපායට යයි වගේ..

:       0       0

සුන්න්ද Monday, 27 February 2012 10:34 AM

ඕවට කියන්නේ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 415 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 1128 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 691 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 887 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 297 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 169 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 435 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site