(උණවටුන – ඩී.ජී. සුගතපාල)
ඔවුහු දෙදෙනා අගනුවර එකම ආයතනයක සේවය කළ කළණ මිතුරෝ වූහ. එක් අයෙක් දකුණු පළාතේ අගනගරයේ පදිංචිකරුවකු වූ අතර අනෙකා කන්ද උඩරට අගනගරයේය. රාජකාරි නිමවීමෙන් පසු බොහෝවිට සවස් කාලයේ දෙදෙනා අවන්හලකට වී පවුලේ තොරතුරු කතාබස් කිරීම සිරිතකි.
ඒ කන්ද උඩරට පැවැත්වෙන හෙළයේ මහා සංස්කෘතික උළෙලකි. “මචං දරුවොත් එක්ක මේ සැරේ වරෙන් පෙරහර බලන්න” කන්ද උඩරට මිතුරා දකුණේ මිතුරාට ආරාධනා කළේය. දකුණේ මිතුරා ද ආරධනාව සතුටින් බාර ගත්තේය.
ඊළඟ සතියේ නිවාඩුවට පැමිණි ඔහු බිරියට ද මේ බව පවසා මහනුවර යාමට දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර සකසා ගත්තේය. ඔහු බිරිය සහ දරුවන් දෙදෙනා ද සමග නුවර දුම්රියපොළෙන් බසින විට ඔවුන් කැඳවාගෙන යාමට මිතුරා පැමිණ සිටියේය. නගරයේ සිට සෑහෙන දුරකින් පිහිටි නිවසට යනවිට රාත්‍රී හත ද පසු වී තිබිණි.
ගමන් වෙහෙස නිවාගෙන රාත්‍රී ආහාර ගත් පවුල් දෙකේ අය නින්දට ගියේ පසු දින සැලැසුම් ගැන ද සාකච්ඡා කිරීමෙන් පසුවය. ඒ අනුව දින දෙකක් කන්ද උඩරට බොහෝ ස්ථාන සහ පෙරහර නැරඹූ දකුණේ මිතුරා සහ පවුලේ අය නුවරින් දුම්රියට ගොඩවූයේ කන්ද උඩරට මිතුරා සහ දරුවන් ද ඔවුන්ගේ නිවසට එන බවට පොරොන්දුවක් කරවා ගැනීමෙන් පසුවය.
පොරොන්දුව අනුව මාස දෙකකට පසු කන්ද උඩරට මිතුරා සහ පවුලේ අය ගාල්ල දුම්රියපොළෙන් බසිනා විටම ඔවුන් කැටුව යාමට සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියපොළ ඉදිරිපිට විය. මිතුරාගේ නිවස ඔවුන්ගේ නිවසට වඩා සුඛෝපභෝගී වූ අතර කන්ද උඩරට මිතුරා එය දැක තරමක් විශ්මයට පත්විය. එදින දිවා ආහාර ගත් පිරිස බොහෝ ස්ථානවල ඇවිද සවස් කාලයේ මුහුදු වෙරළේ ඇවිදීමට ගියහ.
නිවසට පැමිණීමෙන් පසුව මිතුරන් දෙදෙනා ඉහළම වර්ගයේ මත්පැන් බෝතලයක මූඩිය විවෘත කළේය. දෙදෙනාටම පදමට වෙරිය. කන්ද උඩරට මිතුරාට ඇඟ සෝදා ගැනීමට අවශ්‍ය විය. ඔහු කාමරයට ගොස් යාබද නාන කාමරයට වැදුණේය. කොතරම් ඇඟ සේදුවත් වෙරි හිඳුණේ නැත. නාන කාමරයේ තුවායක් තිබුණේ ද නැත. මේ නිසා ඔහු වටපිට බලා අසල කාමරයට වැදුණේ ඇඟ පිසදා ගැනීමටය.
ඇඳ ළඟ බිම වැටී තිබූ තුවායක් අතට ගත් ඔහු එය ගසා දමා ඇඟ පිසදා ගත්තේය. වැලි කැට වැනි දෙයකින් ඇඟ සීරෙන බවක් දැනුණත් ඔහු එය ගණන් නොගත්තේ පදමට රත් වී සිටි නිසාය. ඔහු ඇඟ පිසදාමින් සිටින විට මිතුරා කාමරයට ආවේය.
මිතුරා ඇඟ පිසදමන දෙය දුටු ඔහු වහා එය උදුරා ගත්තේය. “මචං මේ කකුල් පිහදාන්න බිමට දාලා තියෙන එකක්. පලයන් පලයන් හෝද ගනින්. මම තුවාය අරගෙන එන්නම්” මිතුරාගේ ඉල්ලීමට ඔහු යළිත් නාන කාමරයට වැදුණේය.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෙරිමරගාතේ පාපිස්නයකින් ඇඟ පිහිදලා