IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වීරයා හොම්බෙන් ගිහින්

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
දකුණු පළාතේ ප්‍රධාන නගරයක පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු ඔහු 28 හැවිරිදි තරුණයෙකි. ගම් පියසේ සිට දිනපතා බසයෙන් රැකියාවට පැමිණි ඔහුට පසුගිය කාලයේ රැකියාවට පැමිණීම ගැටලුවක් වූයේ පොදු ප්‍රවාහන පහසුකම් නොතිබුණු බැවිනි.


මේ පිළිබඳව ආයතන ප්‍රධානියා සමග පැවැසූ විට පහසු ගෙවීම් ක්‍රමයට යතුරු පැදියක් මිල දී ගැනීමට ඔහුට හැකි විය. වාහනයක් නොතිබුණත් ඔහු සතුව රියැදුරු බලපත්‍රයක් තිබුණු බැවින්, මෙය ඔහුගේ ඉහේ මලක් පිපුණා වැනිය. දීර්ඝ කාලයකින් යතුරුපැදි පැද නොතිබූ ඔහුට නගරයේ මෙය ධාවනය කිරීම ගැටලුවක් වූයෙන් එය ගමට ගෙන යාමට තම ආයතනයේම සේවය කළ මිතුරෙකුගේ සහාය ලැබුණි.


නාගරික පරිසරයෙන් මිදී තම මිත්‍රයා සමග ගම්පියසට පැමිණෙමින් සිටින ඔහුට හිටිහැටියේම අදහසක් පහළ වූයේ තමා මිලට ගත් යතුරුපැදිය වෙනත් කෙනකු ලවා රැගෙන යාම මදිපුංචි කමක් ලෙසයි. එසේ සිතූ ඔහු මිතුරාට එම අදහස නොපවසා “මචං මට මේක මේ ටිකේ ගෙනියන්න ඇහැකි. මේ අපේ ගමනේ’’ යනුවෙන් පැවසීය. ඔහු තනියම යැවීමට සිත් නොදුන් යහළුවා යතුරුපැදිය ඔහුට දී පසුපසින් වාඩිවෙනවාත් සමගම ඔහු එංජිම පණගන්වා සැර වැඩිකර ලිහිල් කිරීමත් පසුපස අසුනේ සිටි යහළුවා උඩුබැලි අතට වැටී තුවාල ලැබීය. මෙයින් කලබලයට පත් ඔහුගේ අතින් ඇක්සලේටරය තවත් තදින් අසු වී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකි වී කැරකී ගොස් පාර අයිනේ තිබූ ගසක වැදිණි.


ඔහුට මතක තිබුණේ එපමණකි. පියවි සිහිය ලබන විට ඔහු සිටියේ අතේ පයේ වෙළුම්පටි සහිතව රෝහලේ ඇඳක් මතය. වටපිට බැලූ ඔහුට දැකගත හැකි වූයේ ඒ අසලම තුවාල ලබා සිටි තමාගේ උදව්වට පැමිණි මිතුරාය.

 



අදහස් (0)

වීරයා හොම්බෙන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site