යතුරුපැදිය අද තරුණයන් අතර ජනප්‍රිය අධිවේගී වාහනයකි. එවැනි වාහනයකින් සිදු වු අපූරු කථාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ඔහු මාතර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක සිට අග නගරයේ පෞද්ගලික ආයතනයක ආරක්ෂක අංශයේ රැකියාවකට දිනපතායාමට පුරුදුව සිටියේ බස් රථයෙනි. එහෙත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහු තම ආරක්ෂාවටත් ගමන් පහසුව සඳහාත් අඩු මුදලකට යතුරුපැදියක් මිලට ගත්තේය. රථ වාහන අඩුවෙන් ධාවනය වන එම මාර්ගයේ හමුවන කවුරුන් හෝ තම යතුරුපැදියෙය් නංවාගෙන යාම ඔහුගේ සිරිත විය. දිනක් රැකියා ස්ථානයට යන ඔහුට තම හිත මිතුරකුද යතුරුපැදියේ නංවාගෙන යාමට සිදු විය. ඔහුගේ නිවසේ සිට රැකියා ආයතනයට දුර කිලෝ මීටර් 45 ක් පමණ විය. ටික දුරක් යන විට හිටි හැටියේ අහස කළු විය. වැහි වළාවක් දක්නට ලැබිණි. මොකද කරන්නෙ තව ටික වෙලාවකින් වහින්න වගෙයි ඔහු කීය. එවිට පිටුපස සිටි යහළුවා අපූරු පිළිතුරක් දුන්නේය. ‘‘මචං බයික් එකේ වේගය වැඩිකරපං ඔය පෙනෙන වළාකුල පහුකරං යමං එතකොට වැස්ස අපට පහු වෙනවා’’ එහෙම වෙන්නේ නැහැනෙ බං අපට පුළුවන්ද වළාකුළු පසුකරගෙන යන්න ඔහු කීය. ’’උඹ මං කිව්වට ඇරල යමං’’ ඔහු පෙරැත්ත කළේය.
මිතුරාට වැඩි උගත් කමක් නැති වුණත් මිතුරා කියන දේ ඇත්තක් ඇතැයි ඔහුටද සිතුණි තමාටද වෙලාවට ආයතනයට යාමට සිතා ඔහුද යතුරුපැදියේ වේගය වැඩි කළේය. ඔවුන්ට වැඩිදුරක් යාමට නොහැකි විය. කලබලයෙන් මෙන් අතුරු පාරකින් ආ යතුරුපැදියක ගැටී ඔවුන් බිම ඇද වැටිණි. තිදෙනාටම තුවාල සිදුවිය. ඔහු තම මිතුරාට දොස් තැබුවේ තමා අමාරුවේ වැටුණේ මෝඩ අදහස් පිළිගත් නිසායයි දෙස් දෙවොල් කීය. වළාකුළු පරදා ධාවන තරගයකට සූදානම් වූ මිතුරන් දෙදෙනා අන්තිමට නතර වූයේ රෝහලක ඇඳන් මතය.
කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වලාකුළක් එක්ක රේස් ගිහින් රෝහලේ