IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


වැලන්ටයින්දා පෙම්වතිය හමුවන්න ගිහින් ගුටි කාලා

පෙම්වතා සහ පෙම්වතිය පාසල් යන වයසේ පසුවුවද පෙම්වතා ඉකුත් වසරේ උසස් පෙළට ලියා පාසල් ගමන නවතා තිබිණි. පෙම්වතිය තවමත් පාසල් යන ශිෂ්‍යාවකි. මවුපියන්ට හොරා දෙදෙනා පෙමින් වෙළී සිටියහ. පසුගිය වැලන්ටයින් පෙම්වතුන්ගේ දිනයේ දෙදෙනා හමුවීමට කතිකා කරගෙන සිටියහ.
වැලන්ටයින් දිනය උදාවිය. දෙදෙනා හමුවීමට කතිකා කර ගෙන සිටි ස්ථානයට පෙම්වතා කල්තියාම පැමිණ සිටියේය. නමුත් තම ආදරවන්තිය ඒ වන විට නියමිත ස්ථානයට පැමිණ නොසිටියෙන් ඔහු කලබල විය. පැයක්ම බලා සිටියේය. ඇය පැමිණියේ නැත. ඔහු තම ජංගම දුරකතනයෙන් පෙම්වතියගේ ජංගම දුරකතනයට කතා කළේය.
දුරකථනය නාද වුවද පිළිතුරක් ලැබුණේ නැත. ඔහු නැවතත් එම අංකයට ඇමතීය. පිළිතුරු ලැබිණි.
”හෙලෝ ඔයා තාම මොකද කරන්නේ? මම මෙතෙන්ට ඇවිල්ලා දැන් පැයකටත් වැඩියි.”
දුරකථනයෙන් පිළිතුරක් නැත.
”හෙලෝ... මොකද කතා නැත්තේ...? අම්මලා දැනගත්තද?”
”ආ... ඔයා කොහෙද ඉන්නවා කීවෙ?”
”ඔයාට කියාපු තැන මතක නැන්ද? ඇයි... බස් නැවතුම්පොළේ.”
”අනේ මට ගාණක් නැතිවුණා. ඉන්න මම ඉක්මනට එනවා.”
දුරකථනය විසන්ධි විය. ”අපෝ යන්තම් ඇති” ඔහු මග බලා සිටියේය. එකවරම ත‍්‍රිරෝද රථයක් ඔහු ඉදිරියේ නතර විය. ත‍්‍රිරෝද රථයෙන් බැසගත් තරුණයන් දෙදෙනෙක් එකවරම පෙම්වතා අල්ලා ගත්හ. තවත් කාන්තාවක් ත‍්‍රිරෝද රථය ඇතුළේය.
”පෙම්වතිය එනකන් නේද බලාගෙන ඉන්නේ?” කියමින් තරුණයන් දෙදෙනා පෙම්වතා අල්ලාගෙන හොඳටම සැලකූහ.
”කෙල්ලෙකුට පාරේ යන්න දෙන්නෙ නැහැ. දැන්මම කුලප්පුව හදාගෙන. මීට පස්සෙ මේව තියාගත්තොත් වැඩ වරදීවි. යනවා යන්න.”
 පෙම්වතා හෙමින් සීරුවේ මාරු විය. 
”කෝල් එකට ආන්ස්වර් කරල තියෙන්නෙ අරයගෙ අම්මනෙ” ඔහු තමාටම කියා ගත්තේය.



අදහස් (0)

වැලන්ටයින්දා පෙම්වතිය හමුවන්න ගිහින් ගුටි කාලා

නසීර් Wednesday, 27 February 2013 02:18 PM

තරුණ කාලෙට ඕවා සුළු දේවල් (දී)

:       0       0

ලලිත් Monday, 25 February 2013 12:56 PM

අම්මයි දුවයි හදුනාගන්න නොහැකි විදියට එකම සබන් වර්ගයක්වත් ගාලද? (නි)

:       0       0

ලලිත් Monday, 25 February 2013 12:57 PM

මේ කතාවේ ගැහැණු ළමයාට වුණේ මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සමන්ත Wednesday, 27 February 2013 09:03 AM

මේක අසාධාරණයි, ආදරය කරන දෙන්නෙක් ඇරෙන්න අනිති අයට ඒ ආදරයේ බැරෑරුම්කම තේරෙන්නේ නෑ (ස)

:       0       0

හසරැල් Thursday, 28 February 2013 10:38 AM

ගැහැණු ළමය‍ගේ ප්‍රශ්න ඒ දෙමවුපියෝ ගැහැණු ළමයත් සමග බේරාගත යුතුයි. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 25 February 2013 01:06 PM

ඇද්ද මල්ලී? (නි) (නි)

:       0       0

ප්‍රියා Monday, 25 February 2013 01:22 PM

බැන්නට බඩපුරා නැන්දට හිතපුරා.... හෙට මොනවා වේවිද??? (නි)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 09:53 AM

තමන්ගේ ළමයව හදන්න බැරුව කොහොමද අනෙක් ළමයින්ව හදන්නේ? (නි)

:       0       0

සම්පත් Tuesday, 26 February 2013 05:05 PM

මේ විදියට හැසිරීම හොද දෙයක් නෙමෙයි. (නි)

:       0       0

සදරුවන් Tuesday, 26 February 2013 10:27 AM

මෙහෙම ඒවාට ගහලා හැරියන්නේ නැහැ. අවවාදයක් දුන්නා නම් හරි.(නදී)

:       0       0

හේරත් Wednesday, 27 February 2013 10:24 PM

ඔය ගුටි කන අය තමයි අන්තිමට හද එළියේ පිහිට පතන්නේ. (නි)

:       0       0

සිල්වා Monday, 25 February 2013 02:01 PM

මම නම් පෙම්වතුන්ගේ දිනයට විරුද්ධයි. (නි)

:       0       0

රූම් Monday, 25 February 2013 10:11 AM

ඔච්චර ආදරේ කරන ගෑනු ළමයගේ කටහඩයි අම්මගේ කටහඩයි අදුර ගන්න බැරි මේ වගේ අයට හොදට සලකන්න තමයි ඕනේ.(නදී)

:       0       0

සමීර Monday, 25 February 2013 02:22 PM

අයියලා හිටියොත් ඔහොමමයි. (නි)

:       0       0

පද්මි Monday, 25 February 2013 10:21 PM

ආදරය යනු දඩුවම් ලැබිය යුතු වරදක්ද? (නි)

:       0       0

හේරත් Monday, 25 February 2013 11:04 PM

ආදරණීය නැන්දේ, ඔයාට අතීතය අමතකයි නේ. (නි)

:       0       0

චින්තක Monday, 25 February 2013 11:21 AM

මේක ගහන්න තරම් දෙයක්ද? (නි)

:       0       0

අමිල Monday, 25 February 2013 11:40 AM

ආලය අන්ධද මල්ලී? (නි)

:       0       0

ගංගා Wednesday, 27 February 2013 01:35 PM

අනේ පව් (දී)

:       0       0

සේනක Tuesday, 26 February 2013 03:48 AM

‍කොල්ලගේ දෙමාපියන්ට තිබුණේ බස් නැවතුමට ඇවිල්ලා කෙල්ලට හූ කියන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 397 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 549 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1043 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 886 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2336 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 812 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site