(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
විවාහක ඇඟලුම් කම්හල් සේවිකාවක සමග පෙම් සබඳතාවක් ඇති කර ගැනීමට ඇයට දුරකථන අංකයක් දීමට ගිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට මුහුණපෑමට සිදුවු අපූරු සිදුවීමක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
ඇඟලුම් සේවිකාවක රැකියාවට යාමට පැමිණෙන මංසන්දියේ බස් මගී ආවරණය ආසන්නයේ සේවා ස්ථානයක රැකියාව කළ තරුණ ආරක්ෂක නිලධාරියාට විවාහක ඇඟලුම් සේවිකාවක පිළිබඳව සිතක් පහළවන්නේ නොසිතූ ලෙසිනි.
ඇයට මේ බව කියන්නට උපායක් කල්පනා කළ ඔහු දිනක් තම දුරකථන අංකය ලියූ කොළ කැබැල්ලක් ඇඟලුම් සේවිකාව අත තැබුවාය. එයට අකමැත්ත පළ කරමින් ඇය එම කොළ කැබැල්ලද විසිකර දමා බසයක නැගී සේවයට ගියාය.
ආරක්ෂක නිලධාරියා එයින් දුකට පත් වුවත් තම උත්සාහය අත්නොහැරීමට ඉටා ගත්තේ කෙසේ හෝ ඇය සමග පෙම් සබඳතාවක් ඇති කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.
මෙදිනද ඇඟලුම් සේවිකාව බස් රථයක් එනතුරු මගී ආවරණයේ රැඳී සිටියේ සුපුරුදු ලෙස රැකියාවට යාම සඳහාය. ඇයට නොදැනෙන ලෙස පිටුපසින් පැමිණි ආරක්ෂක නිලධාරියා ඇගේ පිටුපසට වී සමීපව රැඳී සිටියේ මහත් ආශාවෙනි.
එක්වරම පිටුපස බැලූ ඇඟලුම් සේවිකාව නොසිතූ ලෙස බියට පත්ව ක්ලාන්තය වී ඇද වැටෙන්නේ ආරක්ෂක නිලධාරියා නොසිතූ ලෙසිනි. රැකියාවට ගියද ඇතිවූ බිය නිසා ඇඟලුම් සේවිකාව වරින් ක්ලාන්තය වීමෙන් ඇයට වෛද්‍ය ප්‍රතිකාරද ලබාදෙන්නට සිදුවිය.
සිදුවූ දෙයින් දුකට පත් ආරක්ෂක නිලධාරියා පසු දිනද ඇඟලුම් සේවිකාව එතැයි අපේක්ෂාවෙන් මග බලා සිටියේය. තවත් ටික වේලාවක් යද්දී මාර්ගය අද්දර යතුරුපැදිය නැවැත් වූ ඇඟලුම් සේවිකාවගේ සැමියා තඩි පොල්ලක් ද රැගෙන තමා දෙසට එනු දුටු ආරක්ෂක නිලධාරියා පණ එපා කියා දිවගියේය. ඉන් පසු ඔහු එම ස්ථානයේ රැකියාවටද නොපැමිණියේ ලු.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විවාහක කතට පෙම් කරන්න ගිය තරුණයාට රස්සාවත් එපාවෙලා