IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


විවාහයට පෙර මනාලියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලලා

බස්නාහිර පළාතේ නගරාසන්නව පදිංචි වී සිටි ඔහු රාජ්‍ය ආයතනයක විධායක මට්ටමේ නිලධාරියෙකි. නක්‍ෂත‍්‍ර කටයුතු පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ හෙතෙම තරුණ විය ඉක්මවා සිටියත්, තවම තනිකඩයකු වූයේ තමාට ගැළපෙන කේන්දරයක් හිමි රූමතියක හමු නොවූ නිසාය. පසුගිය දා කපුවකු ගෙනැවිත් දුන් කේන්දරයක් පරීක්ෂා කළ ඔහුට එය මනාව ගැළපෙන බව පෙනිණි. ඇය රූමත්කමින් ද අඩුවක් නොවීය. විවාහය සිදු කිරීමට සියලූ කටයුතු සුදානම්ව සිටියදී ඔහුගේ මාමා කෙනකු කීවේ මේ කාලයේ  විවාහවලදී පොරොන්දම්වලට වඩා ඇගේ සෞඛ්‍ය වාර්තා විමසා බැලිය යුතු බවකි. එය පිළිගත් ඔහු කපුවා කැඳවා කීවේ ඇගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් කඩිනමින් ගෙන එන හැටියටය. කපුවා මවිතයට පත්වුවත් දැඩි පෙරැත්තය නිසා ඒ පිළිබඳව ඇගේ පියාට දැන්වූ විට ඔහු යක්ෂාරූඪ වී ”ඇයි, දුවට නරක ලෙඩක් තියෙනව කියල ආරංචි වෙලා ද? නැත්නම් අලූත් රැකියාවක් හොයල දෙන්න ද?” කීවෙන් ඒ විවාහයටත් දැන් කණකොකා අඬලාලූ.



අදහස් (0)

විවාහයට පෙර මනාලියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලලා

එරංග Wednesday, 14 November 2012 11:20 AM

ඕනෑවට වැඩිය ‍හොයන්න ගියොත් නම් ඉතිං හැමදාම ඔහොම ඉන්න වෙයි. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 12 November 2012 09:46 AM

මේකේ ඇති වරදක් නෑ , මනාලයාගෙත් වෛද්‍යවාර්තාවක් ඉල්ලුවොත් නේද හොඳ (ස)

:       0       0

සිල්වා Monday, 12 November 2012 04:12 PM

ඒ මාමා බැදපු කෙනෙක් නම් බිරියට නිධන්ගත රෝගයක් ඇති. (නි)

:       0       0

ජයන්ත Wednesday, 14 November 2012 11:50 AM

කොහොමත් දැන් කාලේ හැටියට බදින්න‍ පෙර මෙවන් පරීක්ෂණයක් කිරීම අතිශයින් වැදගත්. (නි)

:       0       0

ආනන්ද Monday, 12 November 2012 04:32 PM

දැන් අහන්න තියෙන දේවල් වල හැටියට ඒකත් නරක නැහැ. (නි)

:       0       0

සරත් Monday, 12 November 2012 10:37 AM

මහ බබාට කියලා අළුතින් කෙනෙක් යවන්න..මේ ලෝකේ ඔයාට හරියන අය නෑ (ස)

:       0       0

මනුජ Monday, 12 November 2012 10:24 AM

මාමා කැමතියි වගේ බැනා තනියම ඉන්නවාට...... (ස)

:       0       0

කමල් Monday, 12 November 2012 10:44 AM

මොකක්ද ඉතිං මේකේ තියෙන ප්‍රශ්නය? (නි)

:       0       0

චන්දන Monday, 12 November 2012 05:10 PM

කෙන්යාවේ සහ මොසැම්බික් වල බදින්න කලින් වෛද්‍ය වාර්තා බලනවා. මෙම ක්‍රමය ඉදිරියේදී ලංකාවට ඒවි. (නි)

:       0       0

ජනක Wednesday, 14 November 2012 03:47 PM

මේක හොද දෙයක් , දෙන්නගෙම වර්තා ඉදිරිපත් කරන්න ඔනි. (ස)

:       0       0

සාරා Wednesday, 14 November 2012 10:43 PM

මල්ලි හරි මල්ලි. (නි)

:       0       0

ෂිරාස් Monday, 12 November 2012 11:05 AM

මේකේ වැරැද්දක් නැහැ. මම දන්න කියන කිහිප දෙනෙකුගේම විවාහ ජීවිත කඩාකප්පල් වුණා වසන් කළ ලෙඩරෝග නිසා. (නි)

:       0       0

හිල්මි Monday, 12 November 2012 05:52 PM

මම මේ ගෑණු ළමයව බදින්න කැමතියි. ඒකට ලංකාදීපය මට උදවු කළොත් හොදයි. (නි)

:       0       0

අජිත් Monday, 12 November 2012 11:07 AM

මේ සිද්ධිය හිනාවෙන්න කාරණයක් නෙමෙයි. මේක තමයි හරි දේ. (නි)

:       0       0

සිරිපාල Monday, 12 November 2012 11:10 AM

ප්‍රවේනිගත රෝග වලටනම් ගොඩක් හොද දෙයක් බදින්න කලින් පරීක්ෂා කරන එක. හැබයි මේ පරීක්ෂාව කරන්න ඕන කියන්න ඇත්තේ මං නම් හිතන්නේ වෙන දේකට.අද කාලේ හැටියට නම් ඉතිං ලස්සන ඇහැට කනට පේන කෙල්ලෙක් බදින වයස පහු වේලා විවාහ යෝජනාවකින් විවාහ වෙන්න හොයනකොට ඉතින් සාධාරන සැකයක් ඇති වෙනවා තමයි...(ස)

:       0       0

Chameen Induwara Dayarathna Sunday, 18 November 2012 08:25 PM

ඒකේ කිසි වරදක් නෑ කරන්න ඕන වැඩක්

:       0       0

චමින් ඉඳුවර Sunday, 18 November 2012 08:25 PM

මට නම් කිසි වරදක් ඒකේ පෙන්නේ නෑ. ඒක කරන්න ඕනදෙයක් (අ)

:       0       0

සමන් Wednesday, 14 November 2012 12:44 PM

හොද යෝජනාවක්. ඔහුට අවශ්‍යව ඇත්තේ කන්‍යාවක් විවාහ කරගන්න වෙන්න ඇති. (නි)

:       0       0

ගෝකුල Monday, 19 November 2012 11:32 AM

හැබැයි ඔය පරීක්ෂණය මනමාලයාගෙන් ඉල්ලුවා නම් එහෙම??? (නි)

:       0       0

සරත් Monday, 12 November 2012 11:37 AM

නවීන විද්‍යාව එක්ක ඕවා සුළු දේවල්නේ (ස)

:       0       0

සමන් Saturday, 17 November 2012 07:03 AM

මේක අනුවණ වැඩක්. (නි)

:       0       0

ජයන්ත Thursday, 15 November 2012 05:59 PM

ඒක ඇත්ත තමයි. (නි)

:       0       0

පෙරේරා පී Tuesday, 13 November 2012 07:42 PM

මට පේන්නේ මම කාන්තාවන්ට කැමති නැහැ වගේ..!(නු)

:       0       0

නාපාවල කටාර් Sunday, 18 November 2012 10:12 PM

සුළු තැලසීමියාවෙන් පෙළෙන කෙනෙක් අනිවාර්යෙන් දෙවන පාර්ශවයේ රුධිර පරීක්ෂාවක් කර විවාහ විය යුතුයි. දෙදෙනාම සුළු තැලසීමියා නම් ඉපදෙන දරුවා අන්ධ ,ආබාධිත හෝ මළ දරුවෙක් විය හැකියි. (නි)

:       0       0

බන්දුල Monday, 12 November 2012 07:26 PM

ඔය කිව්වට මනමාලයත් මෙච්චරකල් නිකන් ඉඳලා නැතුව ඇති (ස)

:       0       0

රඛිත Thursday, 15 November 2012 03:12 AM

කේන්දරේ හදනවා වගේ වෛද්‍ය වාර්තාත් හදන්න බැරියැ. මේක ආශ්චර්යවත් රටක්නේ. (නි)

:       0       0

සම්පත් Tuesday, 13 November 2012 09:41 AM

මේක හොද ප්‍රවේශයක්. (නි)

:       0       0

ප්‍රේමරත්න Thursday, 15 November 2012 04:14 AM

ඒක හොද වැඩක්. පොරොන්දම් බැලුවේ අතීතයේ. වර්තමානයේ බලන්න තිබෙන හොදම පොරොන්දම තමයි වෛද්‍ය වාර්තාව. (නි)

:       0       0

ඉසුරු Tuesday, 13 November 2012 10:00 AM

දැන් කාලෙ ඉන්න කෙල්ලො ගැන විශ්වාස කරන්න බැහැ උඩින් ඔපේ යටින් හපේ (ස)

:       0       0

මහේෂ් Wednesday, 14 November 2012 07:25 AM

මෙය ඉතාමත්ම හොදයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 14 November 2012 07:10 AM

මට සැක දර්ශනගේ අදහස. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 18 November 2012 11:43 AM

අද කාලයේ කාන්තාවන් විශ්වාස කරන්න අමාරුයිනේ. (නි)

:       0       0

මොහොමඩ් අලී Monday, 19 November 2012 12:54 PM

එල කොල්ලෙක් . මමත් ඔහොම තමයි කරන්න හිතාගෙන ඉන්නේ. නැත්නම් අහකයන කුණු ගොඩවල් අපේ ඇඟ‍ට වැටේවි (ස)

:       0       0

පෙරේරා Monday, 12 November 2012 12:35 PM

මානසික ලෙ‍ඩෙක්ද (ස)

:       0       0

ඉෂාන් Wednesday, 14 November 2012 05:23 PM

අද කාලේ හැටියට කෑම බීම ගැන බලන්නේ නැතුව ඔය කෙහෙල්මල් කේන්දර මොනවට බලනවද? (නි)

:       0       0

දැනමුතූ Wednesday, 14 November 2012 01:28 PM

මෙහෙව් වැඩ කොරන්ට ඔනෑ .... මේව්වා නොකර බැඳලා තමා නරක ලෙඩ බෝ කරගන්නේ...විධායක නිලධාරියාට ජය වේවා. (ස)

:       0       0

බුද්ධික Monday, 12 November 2012 01:16 PM

කොහොමත් බටහිර රටවල නම් විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් කරනවා. (නි)

:       0       0

මුතුකුඩ Monday, 12 November 2012 01:47 AM

හහ් හහ් හහ්..... එයා නම් ජීවිතේට කසාදයක් කරගන්න මිනිහෙන් නෙමෙයි. (නි)

:       0       0

නසාර් Tuesday, 13 November 2012 11:03 AM

මනමාලයගේ ජංගම දුරකථන ඇමතුම් වාර්තාවක් වහාම ලබාගන්න..මනාලිය ඉන්පසු ඔහුට දෙන්න (ස)

:       0       0

චානක Wednesday, 14 November 2012 08:36 AM

වැරැද්දක් නැහැ. ඇත්තටම කරන්න ඕනෑ දෙයක්. (නි)

:       0       0

සෙනරත් Monday, 12 November 2012 02:10 AM

මනමාලයා හරි. නිකන් අත පුච්චාගන්න බැහැ නොවැ. (නි)

:       0       0

රසික Monday, 12 November 2012 01:42 PM

අද කාලේ තත්වේ දිහා බැලුවහම මේ කර දේ වරදක් පෙන්නේ නෑ (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 19 November 2012 01:51 PM

මමනම්‍ මේ ඉල්ලීමට එකඟයි (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 12 November 2012 09:20 PM

ඔය වටේ ගිහික් හොයනවා ඇත්තේ අර කන්‍යා භාවය වෙන්න ඇති ? (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 12 November 2012 02:03 PM

ඇත්තටම මේක තමයි හරිම දේ. රැකියාවකට යද්දී, පිටරටකට යද්දී වෛද්‍ය වාර්තාව ඕනෑ නම් ඇයි මේකට හොද නැත්තේ? (නි)

:       0       0

කීර්ති Saturday, 17 November 2012 11:52 AM

ලස්සනත් තියෙනවා නම් මෙච්චරකල් විවාහ නොවෙන්න හේතුව මොකක්ද කියලා මනමාලයාගේ පැත්තේ අයට සැක හිතුණද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

සිල්වා Monday, 12 November 2012 02:03 PM

අනුන්ට වැඩිය තමන් උසස්යැයි යන හැගීම ඇතිකර ගැනීම පුද්ගලයෙකුට ඇතිවිය හැකි දරුණුම රෝගයකි. (නි)

:       0       0

පිටිගල Monday, 12 November 2012 04:06 AM

HIV වෛරස් එකට බඳින්න ‍ඉස්සර ටෙස් කර ගන්න එක කොච්චර දෙයක්ද ?? විශේෂයෙන්ම පිටරටියන් සමග මඟුල් තුලා කතා කරනකොට (ස)‍

:       0       0

පද්මි Wednesday, 14 November 2012 02:20 PM

මෙම පරීක්ෂණය කරනු ලබන්නේ දෙදෙනාගේ රුධිර සාම්පල් එකානෙක ගැළපේදැයි බැලීමටයි. (නි)

:       0       0

පනාගොඩ Monday, 12 November 2012 02:38 PM

ඉතාලි වල වෙන්නප්පු ඉන්ජිනේරුවන්ගෙන් විවාහ යෝජනා එනකොට කලබල නොවී වෛද්‍ය වාර්තාවක් ඉල්ලන්න. (නි)

:       0       0

darshan Monday, 12 November 2012 07:06 AM

මේකේ වරදක් මටනම් පේන්නේ නෑ. ප්‍රවේණික රෝග උනත් වලක්වා ගන්න පුළුවන් එතකොට (ස)

:       0       0

නිමල් Monday, 12 November 2012 07:33 AM

මෙහෙම පොරොන්දම් බල බලා හිටියොත් බදින්නේ කවදාද? (නි)

:       0       0

neeran Tuesday, 13 November 2012 10:12 PM

මනාලය උගතෙක්, හැමෝම ඔහු ආදර්ශයට ගත යුතුයි නිරෝගී මත් ජාතික් ගොඩ ගැනීමේ පළමු පියවර. ඔබට බුද්ධිමත් නැන්දලා මාමලා එක්ක හොඳ බිරියක් හමුවේවා. (අ)

:       0       0

රුවන් Wednesday, 14 November 2012 10:03 AM

අනේ මේ ගැහැණු ළමයත් වයසට යනකල්ම කේන්දර බලන්න ඇති. පවු. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 12 November 2012 02:58 PM

මනමාලයට දරුණු ලෙඩ ඇති . ඒකයි (ස)

:       0       0

ප්‍රදීප් Saturday, 17 November 2012 10:57 PM

මේක ‍‍හොදයි. හැබැයි මනමාලයත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. (නි)

:       0       0

සමීර Monday, 19 November 2012 08:10 AM

අයියෝ සල්ලි

:       0       0

හේරත් Monday, 12 November 2012 08:17 AM

දූවේ ඔයා ඔහොමම ගෙදර ඉන්න‍‍‍ .........අපි කාටද බය, කවුද අපිට බය (ස)

:       0       0

ස්වර්ණ Sunday, 18 November 2012 03:49 PM

මනමාලය සහ මනමාලිය දෙන්නම වෛද්‍ය පරික්ෂාව කරගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? (නි)

:       0       0

ලයනල් Friday, 16 November 2012 08:44 PM

මමත් මෙය අනුමත කරනවා. මේ දිහා උපේක්ෂාසහගතව බලනවා නම් මෙහි කිසිම වැරැද්දක් නැහැ. (නි)

:       0       0

වරුණ Monday, 12 November 2012 08:34 AM

මම හිතන්නේ සෞඛ්‍ය ගැටලුවක් නෙමෙයි. වෙන හේතුවක් (ස)

:       0       0

උෂාන් Wednesday, 14 November 2012 10:46 AM

මෙඩිකල් එක මොකක් පරීක්ෂා කරන්නද? (නි)

:       0       0

ජගත් Tuesday, 13 November 2012 01:06 PM

නරකම නෑ වැ‍ඩේ (ස)

:       0       0

ජගත් Tuesday, 13 November 2012 01:11 AM

සිරිපාල නිවැරදියි කියලා මමත් හිතනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 377 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 597 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1024 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9330 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 844 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 314 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 481 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 707 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1980 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site