IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


වැසිකිළියකැයි සිතා ඒ.ටී.එම් කුටියට රිංගූ කත මාට්ටු

නගරයට ආ කාන්තාවකි. ඇයට හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඇතිවූයෙන් වටපිට විපරම් කළ ඇය තැනක් සොයා ගත්තාය.

අවශ්‍යතාවට මුල්තැන දීම හැර තැන නොතැන බැලීමට වෙලාවක් නැත.

තව ටිකක් පමා වුවහොත් මහා ජංජාලයක් වන බව ඇය දනී. ටෙලර් කුටියට ගිය ඇය සැනසුම් සුසුමක් හෙළුවාය. එහි කුණු කූඩය ඇගේ පෝච්චිය විය. බර සැහැල්ලූ කරගත් ඇය කාඞ්පතින් මුදල්ද ගෙන ගෙදර ගියාය.

ඒත් ඇය ගෙදර ගියේ සාක්කියක් එතැන ඉතිරි කිරීමෙනි. සීසීටීවී ආරක්ෂක කැමරාව ඒ සාක්කියයි. ඇය ගිය සැණින් තවත් ගනුදෙනු කරුවෙක් එහි ආවේය.
අමුතු ගඳක් දැණිනි. වටපිට බැලීය. කුනු කූඩය දෙස බැලූවිට ඔහුට කාරණය තේරුම් ගියේය. පසුදිනෙක බැංකුව ඇය කැඳෙව්වාය. ඇය කළ වැඬේ වැරැුදි වුවත්, ඇය ඒ අවස්ථාවේ සිටි තත්ත්වය වටහාගත් බැංකු නිලධාරින් ප‍්‍රශ්නය දුරදිග ගෙන ගියේ නැත.



අදහස් (0)

වැසිකිළියකැයි සිතා ඒ.ටී.එම් කුටියට රිංගූ කත මාට්ටු

දනු Friday, 07 March 2014 10:08 AM

හපොයි වෙච්ච දෙයක්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 04 March 2014 08:57 PM

අනේ පොඩි ළමයෙක් නෙමේනේ තමන්ව පාලනේ කර ගන්න බැරිද. අනෙක කි දෙනෙක් ඇතුල් වෙන තැනක්ද. ලැජ්ජාව කියන දේ මේ කෙනා දන්නෙවත් නැතිව ඇති. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 05 March 2014 07:40 PM

ලංකාවේ ගෑනු කොහොමටත් අපිරිසිදුයි.(නදී)

:       0       0

දමයන්ති Tuesday, 04 March 2014 09:48 PM

වැඩේ නම් වැරදියි තමා ඒත් පිරිමි කොච්චර පාරේ ඔය වැඩේ කරනවද? සමහරු උවමනාවෙන්ම අපිට පෙනෙන්නම ඔය වැඩේ කරනවා.(නදී)

:       0       0

සරත් Tuesday, 04 March 2014 10:03 PM

නිලුට වෙන්න තිබ්බේ. (නදී)

:       0       0

සඳරුවන් Tuesday, 04 March 2014 11:31 PM

කරපු වැඩේ හොඳ නෑ උනත් ඒ වෙලාවේ ඒ වගේ දෙයක් උනාම තියන අමාරුව දන්නේ ඒ මනුස්සයා විතරයි. අහල පහල කඩේකින් අහලා ඒ වැසිකිලියක් පාවිච්චි කරා නම් ඉවරයිනේ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 05 March 2014 12:11 AM

සරත් ඒ ගැන බය වෙන්න එපා මට මාව හොදට පාලනය කරගන්න පුලුවන්. මට කරදරයක් වෙනකන්ද සරත් බලන්න ඉන්නේ. හා හා හොදයි,හොදයි, ඒකෙන් හරි හිතේ සතුට ඇති වෙනවා නම්.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 06 March 2014 05:14 AM

වැඩේ වැරදියි කියන්නේ අපිනේ. ඇය හිටි තත්වය දන්නේ ඇයයි නේ. ඔවැනි තත්වයක් කොතැනක කොයි වෙලාවක කාට සිදුවේදැයි කියන්න බැරි නිසා අපි මේ කත ගැන උපේක්ශාශීලී වෙමු. (අ)

:       0       0

ගුණවර්ධන Wednesday, 05 March 2014 12:48 AM

නිලූ මේ පිස්සු නටන්න එපා ඔහොම තමයි මනුෂ්‍ය ශරීරයේ පැවැත්ම. සමහර අයට පාලනය කර ගන්න පුළුවන් අනික් අයට බැහැ. ඉතින් මේවා සාමාන්‍ය දේවල් මනුෂ්‍ය ලෝකේ, කලබල විය යුතු නැහැ. (නදී)

:       0       0

රවී Saturday, 08 March 2014 10:21 AM

නිලුට පුළුවන් උනාට බැරි අයත් ඉන්නවා ඒක තේරුම් ගන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 11 March 2014 05:24 AM

අවශ්‍යතාවයකට ලඟපාත වැසිකිලියක් නැහැ කියන එකනේ පෙනෙන්නේ තිබුනත් යන්න බැරිව ඇති. මොකද ඒවා මිනිස්සුන්ට වැඩිය සත්තු පරිහරණය කරන ඒවා වගේනේ පෙනෙන්නේ.(නදී)

:       0       0

මාරසිංහ Sunday, 09 March 2014 03:20 PM

මොනවා වුනත් බිම නොදා කුනු කූඩෙට දාපු එක හොදයි.(නදී)

:       0       0

විෂ් ලොකුගේ Wednesday, 05 March 2014 01:40 AM

එහෙම කියන්න හොඳ නැහැ. පාලනය කරගන්න බැරි වයසකුත් එනවනේ.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 05 March 2014 02:33 AM

චිකේ….ගන්දස්සාරේ බැරුව ඇති. (නදී)

:       0       0

චමී Thursday, 06 March 2014 11:25 AM

දමයන්ති මොකටද බලන්න ගියේ? (නදී)

:       0       0

හුසෙන් Thursday, 06 March 2014 02:11 PM

උවමනාවෙන් කාරපුදෙයක් නෙවෙයිනේ ගණන් ගන්න එපා (දිල්)

:       0       0

ගයාන් Thursday, 06 March 2014 05:26 PM

එය වැරදියි තමයි. නමුත් විස්තර කරන්න එපා. (නදී)

:       0       0

ජීවන්ත Tuesday, 11 March 2014 11:02 PM

මේ තරම් හය හතර නොතේරෙන මිනිස්සු ඉන්නවාද ලංකාවේ (දී)

:       0       0

දයාවංශ දැකුම්පිටිය Thursday, 06 March 2014 05:31 PM

ඕක මොකද්ද? වැසිකිලියට යන්න ගුවන්යානයක දොරකුත් අරින්න ගියේ.(නදී)

:       0       0

දේදුණු Thursday, 06 March 2014 06:00 PM

හරි ඒ කාන්තාව වැරදියි කියමුකෝ... ඒ උනාට මේ වගේ සිද්දි විතරමද ලංකාවේ සිසිටිවී කැමරාවට අහු වෙන්නේ? (නදී)

:       0       0

ශාන් Wednesday, 05 March 2014 09:15 AM

ඔන්න චන්දිලගේ වැඩ.(නදී)

:       0       0

ආරියසේන Wednesday, 05 March 2014 09:20 AM

කරන්නම දෙයක් නැති නිසා එය කරන්න ඇති.(නදී)

:       0       0

ගුණවර්ධන Friday, 07 March 2014 04:10 PM

වතුර බෝතලයක් ළඟ තිබිල නැද්ද ? (නදී)

:       0       0

ෂාමිලා Wednesday, 05 March 2014 11:09 AM

අනේ ඇය අම්මා කෙනෙක්නෙ. ඒක නිසා අපි ඇයට සමාව දුන්නා. බැංකුවේ ඒ නිලාදරියාට බොහොම ස්තුති වෙමු.(නදී)

:       0       0

දුෂාන් ඡානක Thursday, 06 March 2014 09:59 PM

මරු අනේ.(නදී)

:       0       0

ටෝනි නිව්යෝක් Thursday, 06 March 2014 10:06 PM

දමයන්ති ඔයා මොකද පාරේ කරන්නේ? (නදී)

:       0       0

ධම්ම Tuesday, 04 March 2014 11:00 AM

මේක ඉතින් කරන්න ඇත්තේ ලූණුගල කෙනෙක්ම වෙන්න ඕන.(අ)

:       0       0

චාරු Thursday, 06 March 2014 10:19 PM

ඒ කාන්තව පව් අපි කාට උනත් ඔහොම අමරු එන්න පුලුවන්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 06 March 2014 10:53 PM

සරත් මට මාව හොදට පාලනය කරගන්න පුලුවන්. (නදී)

:       0       0

ධනුෂ් Friday, 07 March 2014 12:00 AM

ඒ කාන්තාවත් මනුස්සයෙක්නේ.(නදී)

:       0       0

මාලක Monday, 10 March 2014 05:30 PM

ඉවසුම් නැති සුදු කාරයා දොර ඇඳේ කියන්නේ ඔන්න ඕකට තමයි (දී)

:       0       0

මෙන්ඩිස් Tuesday, 04 March 2014 11:50 AM

රටක දියුණුව භෞතිකව වුනත් මනින්නේ පාරවල් කොන්ක්‍රීට් වලින් විතරක් නෙවි. පොදු පහසුකම් වලින්. (අ)

:       0       0

අක්ෂා Wednesday, 05 March 2014 11:51 AM

පව් අනේ..(දිල්)

:       0       0

ජෝයි ඩයස් Tuesday, 11 March 2014 01:09 PM

මෙම කාන්තාවට කිසිම දොසක් කියන්න එපා. ඒක බුදුදහම අනුව පාපකර්මයක් වෙනවා. මොකද ඒ කාන්තාව දියවෑඩියා රෝගයෙන් පෙලෙන අයෙක් නම් පාලනය කරගන්න හරිම අමාරුයි. අනෙක මම අත් දුටු අත්දෑකීමක් බෙදා ගන්න කමතියි. ස්තානය ජා ඈල පොල අසල පොදු වෑසිකිලියයි. හොදට ඇදගත් විශ්‍රාමික පෙනුමෑති මහත්මයෙක් වෙව්ලමින් මගෙන් පොදු වෑසිකිලියට යාමට මුදලක් ඉල්ලුවා මම ඉක්මනට මුදල් දුන්නා. මට ගොඩක් පින්දීලා ගියේ. ප්‍රස්නේ ඒක නෙවේ. මෙවෑනි රෝගින්ට කිසිම මුදලක් අය නොකර මෙම කාර්‍ය කිරීමට අවස්තාව ලබාදිය යුතුයි. පොදු වෑසිකිලි වලට මිලක් නියම නොකොට තමන්ට කෑමති මුදලක් දෑමීමට කටයුතු කර්න්නේ නම් මෑනවි. එමෙන්ම අද ලංකාවේ දකින්නට ඉතාමත්ම අඩු මානව පහසු කමකි.(නදී)

:       0       0

භානු Tuesday, 04 March 2014 12:23 PM

මේක විශ්වාස කරන්න ටිකක් අමාරුයි .මේ ළග පාතවත් කවුරුත් හිටියේ නැද්ද (දිල්)

:       0       0

ලලිත් Friday, 07 March 2014 07:18 AM

ඉතින් දමයන්ති බ්‍රහ්මයා පිරිමින්ට කරන්න දීල තියෙන්නේ එයාලට කරන්න පුළුවන් දේවල් නේ. ගැහැනු උදවිය කරන හැම වැඩේම පිරිමින්ට කරන්න දීලත් නැහැනේ නේද? ඉතින් පිරිමි කරන හැමදේම කරන්න උත්සහ කරන්න යන්න එපා. (නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 09 March 2014 09:20 PM

ලජ්ජා වෙන්න ඕනේ අපි. කන්තාවකටවත් හදිසියකට යන්න අවශ්‍ය තැනක පොදු වැසිකිලියක් නැති රටක ජීවත් වීම ගැන. (නදී)

:       0       0

සමරනායක Friday, 07 March 2014 08:30 AM

ලලිත්'කවුද බ්‍රහ්මයා? (නදී)

:       0       0

අසෝක Sunday, 09 March 2014 10:42 PM

ඔය හැදෙන අමාරුවලට තැන කොතනද කියල හොයා ගන්නවත් බැරිවෙනවා (අ)

:       0       0

චන්දිම ජයරත්න.. Friday, 07 March 2014 08:01 PM

අනේ පව් මොනවා උනත් හදිස්සෙයටනේ වෙන්න ඇත්තේ...(අ)

:       0       0

සුරේෂ් Friday, 07 March 2014 08:04 PM

ඒ කියන්නේ අපි දියුනු වෙලා ටේලර් මැෂින් ප්‍රමාණයට වඩා පොදු වෙසිකිලි අඩු ඇති (අ)

:       0       0

බුද්ධික Friday, 07 March 2014 09:13 PM

ඒ ටී එම් එක ලග කට්ටිය ඉන්නවනේ. මෙහෙම දෙයක් කොහොමද කළේ.(නදී)

:       0       0

කාන්ති Wednesday, 05 March 2014 04:19 PM

දමයන්තිගේ කතාව ඇත්ත. ඔයිට වඩා දේවල් මටත් කියන්න තියෙනවා. (නදී)

:       0       0

නිරෝෂා ජයසිංහ Tuesday, 04 March 2014 05:31 PM

ඊයා අනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ගමේ බඩු ‘‘කූරියර්’’ කර එවලා
2024 නොවැම්බර් මස 26 385 0

පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලු‍ත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.


කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 642 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 1023 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 913 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1180 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9528 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 554 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 757 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site