IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


වැසිකිළි කවුළුවෙන් අලි හොඬක් ඇවිත්

වැසිකිළියේ උඩ කවුළුවෙන් හීලෑ අලියකු හොඬ ඇතුළු කිරීම නිසා එහි සිටි තරුණයකු මහත් බියට පත්ව ඇති වූ කලබලයක් පසුගියදා සබරගමු පළාතේ පිටිසර ගම්මානයකින් වාර්තා වේ.

ඔහු පොළ එළවළු වෙළෙඳාමේ යෙදුණ අවිවාහක තරුණයෙක් විය. දවසේ වැඩ කටයුතු නිමාකර ඔහු සෑම දිනකම වාගේ යළි නිවෙසට පැමිණෙන්නේ බොහෝ විට රාත‍්‍රී කාලයේය.

එදත් සුපුරුදු ලෙස නිවෙසට පැමිණි ඔහුට රාත‍්‍රී ආහාරයෙන් පසු වැසිකිළියට යාමට අවශ්‍යතාවක් ඇතිවිය.

විදුලි පන්දමක් රැගෙන නිවෙස අසල ඇති වැසිකිළියට ඇතුළු විය. ටික වේලාවක් ගිය පසු ඔහු දුටුවේ අලියකුගේ හොඬක් හෙමින් සීරුවේ එහි කවුළුවෙන් ඇතුළට පහත් වෙන බවයි.

බලාපොරොත්තු නොවූ මේ සිදුවීමෙන් බියටත් කම්පනයටත් පත් තරුණයා මහා හඬින් කෑගසන්නටත්, හඬන්නටත් පටන් ගත්තේය.
ඔහුගේ හඬට කලබලයට පත් ඔහුගේ නිවැසියෝ වහා දුව ආහ.

සැහෙන වේලාවකට පසු තරුණයාගේ බිය පහව ගිය පසු නිවැසියන් ඔහුට පැවැසුවේ එම දිනවල එම ප‍්‍රදේශවල ගස් ඇදීමට ගෙනවිත් සිටි අලියකු රාත‍්‍රී කාලයේ ඔවුන්ගේ වත්තේ බැඳ සිටි බවයි. අලියා විදුලි පන්දමේ ආලෝකය දැක ඒ තුළට හොඬ දමා තිබිණ.

කෙසේ හෝ මේ සිද්ධිය ඔහුගේ මිතුරකු දැනගෙන පොළේ මිතුරන්ට පැවැසීම නිසා ඔහුගේ මිතුරන් දැන් නිතරම අහන්නේ ”ඊට පස්සේ අලි හොඬක් දුටුවේ නැතිද” යනුවෙනි. එවිට ඔහු මිතුරන්ට හොඳහැටි දොස් පවරමින් මගහැර යයි.

 



අදහස් (0)

වැසිකිළි කවුළුවෙන් අලි හොඬක් ඇවිත්

පොරමොලා -බින්තැන්න Wednesday, 04 December 2013 12:54 PM

අනේ කොලුවෝ උඹට නිදහසේ ඒකවත් කරගන්න දුන්නේ නැහැනේ මේ වල් අලියා. වරෙන් කොල්ලෝ බින්තැන්නට ඕනේ තරම් ඉඩ තියෙනවා.(නදී)

:       0       0

චන්දි Wednesday, 04 December 2013 05:32 PM

සමදරා, ආරියදාස ගැන මට දැන් නම් ඇත්තට කණගාටුයි. වෙන අය තමන්ගේ නමින් අදහස් දානකොට ඇතිවෙන්නේ කියන්න බැරි බයක් සහ තනිකමක්. හරියට අසරණ වෙනවා. මම මෙහෙම කියන්නේ මගේ නම පාවිච්චි කරලත් සමහරු අදහස් දමලා තිබුනා. අනේ එහෙම කරන්න එපා යහලුවනේ (නි)

:       0       0

නන්දලාල් Wednesday, 04 December 2013 05:34 PM

පහන්ගේ කතාව හරි. දැන් අලින්ට වම ,දකුණ විතරයි පෙනෙන්නේ.ඉදිරිය පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

මෝහමෙඩ් ෆාරුක් Tuesday, 10 December 2013 02:54 PM

අලියා බලනවා ඇති මහා රෑට පොඩි ගෙයක මොනවද කරන්නේ කියලා. වැසිකිලියක් කියල දැන හිටියා නම් අලියා හොඞේ නොදා ඉන්නවා. (ස)

:       0       0

සමදරා Thursday, 05 December 2013 07:25 PM

අයියෝ සමන් මට උනෙත් ඔය වගේ වැඩක් .(නදී)

:       0       0

සමදරා Thursday, 05 December 2013 07:33 PM

මට 6 න් පස්සේ එලි බහින්න බයයි ..අලි එන නිසා .(නදී)

:       0       0

රාජකරුණා Tuesday, 10 December 2013 02:59 PM

සමදරා ඔයා ඔය කුඹි එක්ක වැඩිය නටන්න එපා. (ස)

:       0       0

සමදරා Thursday, 05 December 2013 07:51 PM

අලි ප්‍රශ්නය නිශා මම කොමඩ් එකක් ගෙන්න ගත්තා. ඒක දැන් අපේ සාලේ තියෙන්නේ .(නදී)

:       0       0

සත්‍යා Thursday, 05 December 2013 06:44 AM

මා අසා ඇති අන්දමට අලියාට හැරෙන්න පුළුවන් පැත්තට තමයි ඌ හැරෙන්නේ. ඕක දන්නා කුඹියා පන්සල පැත්ත තෝරා ගත්තේ අලියට ඒ පැත්තට හැරෙන්න අපහසු වෙයි කියා හිතාගෙනයි. නමුත් ගණ දෙවියන්ටත් මොළය ආවේ අලියාගෙන් නිසා, අලියා කොහොම හරි අමාරුවෙන් හෝ පන්සල පැත්තට ගමන් කළ නිසා කුඹියාගේ උපකල්පනය වැරදුනාලු. (නි)

:       0       0

සමදරා Wednesday, 04 December 2013 06:10 PM

පහන්, ඔයාටවත් බැරිද මගේ තනි වී අදුරු වුණ ජීවිතයට පහනක් වෙලා අලෝකමත් කරන්න! (නි)

:       0       0

හේරත් Thursday, 05 December 2013 06:53 AM

පන්සලේ අලියා නේද මේ? (නි)

:       0       0

නිල්මිණි බත්තරමුල්ල Thursday, 05 December 2013 01:26 PM

සහන්, ඔයා ලියල තියෙන්නේ මනසේ සිතුවිල්ලක් උනත් ලොකු ඇත්තක් ඒ තුල ගැබ් වෙලා තියනවා කියල මට දැනුනා. මේ ඛේදවාචකය තමයි එසැන මේ සුන්දර තීරය නොවැදගත් කලේ .අපි බුද්ධිමත් පිරිසක් ලෙස වචන වලට හෝ කතා වලට නොරැවටිය යුතුයි .එසේ වු කල අපිට උගත් පිරිසගේ අදහස් නොලැබී මේ වගේ පහත් අදහස් දමන නුගත් පිරිසක් වටා කොටු වෙන්න වීම කණගාටුවක් .ඔබ යම් පණිවිඩයක් ලබා දුන්නට ස්තුති .මම ඉල්ලා සිටිනවා අපේ පැරණි මහත්ම මහත්මීන්ට එසැන රසවත් කරන්න කියලා. (ස)

:       0       0

අජිත් Thursday, 05 December 2013 08:22 PM

මේ නිල්මිණි බත්තරමුල්ල කියන කෙනත් ටිකක් ඕනාවට වැඩියි වගේ. .(නදී)

:       0       0

ජනනි Thursday, 05 December 2013 07:15 AM

පත්මේ කුඹියා ගොඩට ආවේ නැත්තේ සෙරප්පු දෙක නැති හින්දද? (ස)

:       0       0

සිරි බිරිස් Thursday, 05 December 2013 08:24 PM

ඔන්න පෙත්ත අහුවෙලා ලු කාටද? අලියාගේ බඩෙන් ලු ආවේ. බබා හම්බ වෙන කොට වීඩියෝ කොරලලු. තාම වාසගම එක්ක තාත්ත නම දීල නැතිලු... හුරේ...යමුකෝ පෙළපාලියක්..(නදී)

:       0       0

මල්හාමි මාමා Thursday, 05 December 2013 07:18 AM

අන්න අලියට පපුවේ අමාරුව හැදිලා...ගඳට?(නදී)

:       0       0

සමදරා Wednesday, 04 December 2013 06:40 PM

පහන් පුතේ මට කියහන් උගේ කකුල් කීයක් තිබුනද කියල .(නදී)

:       0       0

නුගේගොඩ Wednesday, 04 December 2013 01:52 PM

මල්ලි හොඳ වෙලාවට උඩ බලාගෙන හිටියේ. මම හිටිය නම් බෙල්ලෙන් අල්ලනකන් දන්නෙම නැහැ ඔං...... (ස)

:       0       0

බබා Wednesday, 04 December 2013 01:57 PM

අලියත් එබෙන තැන්. (ස)

:       0       0

ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 01:56 PM

සහන් මම කිව්වා හරි නේද? (ස)

:       0       0

ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 02:02 PM

සහන් අන්තිම වැකියේදී ඔයාට වැරදිලා. පෙත්තා අයියා අලියාගේ බඩෙන් දැන් එළියට ඇවිත්.. ඔයා දන්නේ නැතුවට වෙන නමකින් (එයාට තියෙන නම් දහසින් එකක්)මේ තීරයේත් අදහසක් දාලා තියෙනවා.. මම හරි නේද පෙත්තා අයියේ? (ස)

:       0       0

සිරිබිරිස් Tuesday, 10 December 2013 09:41 PM

ඕක සුළු දෙයක්ද? බලන්න.නොසන්ඩාලයකුගේ වැඩක් නිසාවෙන් වැසිකිළි පෝච්චියට ‘‘ඇළවී‘ සිටින්නට සිදුවූ හැටි? (නි)

:       0       0

ශාන්ති Saturday, 07 December 2013 01:52 AM

සමන් මොකක්ද ඒ කරපු වැඩේ ? (නදී)

:       0       0

අශෝක Wednesday, 04 December 2013 07:05 PM

මම හිතන්නේ මේ අලියා රියදුරු පාසලක උපදේශක කෙනෙක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

පද්මේ Wednesday, 04 December 2013 02:08 PM

ඔන්න දවසක් අලියෙක් හිටු කියල කූඹියෙක් පස්සේ එලවනවලු.කූඹියා පණ කඩාගෙන දුවන කොට තුන් මං හන්දියක් හම්බ වුනාලු.එක පැත්තක පන්සලක්ලු අනික් පැත්තේ ඉස්කෝලයක්ලු.අනික් පාරේ කඩයක්ලු.කූඹියා ඕන දෙයක් කියල පන්සලට ගියාලු.අලියා තුන්මං හන්දියට ඇවිල්ල හොල්මන් වෙලා හෙව්වලු මොන පැත්තටද මු ගියේ කියලා.පස්සේ අලියා පන්සලට තමයි ගියේ කියල කූඹියව අල්ලගත්තලු.කොහොමද අලියා දැනගත්තේ? (ස)

:       0       0

නිලූෂි Thursday, 05 December 2013 08:15 AM

පද්මේ අයියේ, අලියා හොයා ගත්තෙ කූඹියගෙ සෙරෙප්පු දෙක ගලවලා ගිය නිසා පන්සල ඉස්සරහා... (ස)

:       0       0

ශාන්ත Saturday, 07 December 2013 06:20 PM

ශාන්ති උදේම අරගෙන කේන්ති (ස)

:       0       0

ඉන්දු ලංඩන් Wednesday, 04 December 2013 02:24 PM

ගෙදර මිනිස්සු නම් නියමයි. හදිස්සියේ අලියාගෙන් ජීවිතයට කරදරයක් වුණානම්.. සමහර හීලෑ අලි වුණත් වෙලාවකට නපුරු වෙනවා. ඒ මනුස්සයාට ආයේ වැසිකිලි යන්නත් බය හිතේවි.(නදී)

:       0       0

ඉන්දු - ලන්ඩන් Wednesday, 04 December 2013 02:27 PM

පද්මේ අයියේ, කූඹියාගේ අඩි පාර දැකලාද? (ස)

:       0       0

සමදරා Thursday, 05 December 2013 10:25 PM

ඔව් ඔව් අජිත්, හරි. මටත් තේරුණා. (නි)

:       0       0

දිසානායක Friday, 06 December 2013 05:37 PM

චන්දිගේ අලි හොඩවැල අදහසේ ගැබ්වී තිබෙන්නේ කුමක්ද? (නි)

:       0       0

නිල්මිණි බත්තරමුල්ල Thursday, 05 December 2013 03:43 PM

නිල්මිණි බත්තරමුල්ල 2013-12-05 13:26:08 ප්‍රතිචාරය මගේ අදහසක් නෙමෙයි. (ස)

:       0       0

මනෝ Saturday, 07 December 2013 05:50 AM

අනේ ඔයා කේන්ති ගන්ට කාරී නෑ මැණිකේ.(නදී)

:       0       0

පොරමොලා -බින්තැන්න Saturday, 07 December 2013 05:52 AM

අනේ අලියෝ මාව බය වෙයි කියලා හිතුවද?(නදී)

:       0       0

කැලුම් Thursday, 05 December 2013 09:19 AM

අලියාට හොඳ ඉවක් තියන බව කවුරුත් දන්නේ නැද්ද??? (ස)

:       0       0

තරුණයා Wednesday, 04 December 2013 02:56 PM

මම මේ සමදරාව මතක් කළා විතරයි අලියා හොඩ දැම්මේ. මූත් සමදරාගේ පිල්ලියක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

සිරිබිරිස් Friday, 06 December 2013 06:55 PM

ආ ...ආ..මේ අල්ලපු ගෙදර මොහමඩ් අලි නේ ඇවිල්ලා තියෙන්නේ (නි)

:       0       0

සංජීව Wednesday, 04 December 2013 03:05 PM

සෙරප්පු ගලවල පන්සලට ඇතුල් වෙන්න ඇත්තේ නේද පද්මේ?.(නදී)

:       0       0

නුගේගොඩ Wednesday, 04 December 2013 03:16 PM

කොහේ ගියත් කුඹි ඉන්නවනේ. පන්සලේ කුඹි දැකල අලියා හිතල මේ අර කුඹිමයි කියලා. නේද පත්මේ අයියේ. (ස)

:       0       0

මොහමඩ් Friday, 06 December 2013 12:16 AM

චික් විතරක්! මෙයා ගැහැනු අලියෙක්ද? (නි)

:       0       0

තිලිණ Wednesday, 04 December 2013 03:30 PM

පත්මේ කූඹියගේ සෙරෙප්පු දෙක දැකල නේද අලියා හොයා ගත්තේ? (ස)

:       0       0

රූපවතී රත්නායක Wednesday, 11 December 2013 05:44 AM

ඔය වැසිකිළිය කොමෝඩ් වැසිකිළියක්ද? මේ මැන්චස්ටර් වල තියෙන්නේ ගොඩාක් වළ වැසිකිළි. යන්න හිතෙන්නේ නැහැ (නි)

:       0       0

සිසිර Sunday, 08 December 2013 02:59 AM

කරමුද ශාන්ති කරුමයක් වත්...ආයුබෝ වේවා...(අ)

:       0       0

පොරමොලා -බින්තැන්න Wednesday, 04 December 2013 10:22 AM

හැබෑව නේන්නම්.....මහා කැත වැඩ කරන අලියෙක්... පන්දම දැක්ක ගමන් හොඬ දමනවා..දහ අලියා... (ස)

:       0       0

සමදරා Thursday, 05 December 2013 12:16 AM

අපේ තාත්තා මට ඒ දවස් වල අලි පන්නන මන්තර ඉගැන්නුවා.දැන් මේවා භාවිතා වෙනවා අඩුයි.පැරණි අය ළග තිබෙනවා (නි)

:       0       0

දිසානායක Sunday, 08 December 2013 06:17 AM

අලි හොඩේ ඇතුළට දැම්මේ ආදරේ පෙන්නන්නද? (නි)

:       0       0

හෙළයා Wednesday, 04 December 2013 10:43 AM

මොනවා නැතත් විරේක නැතුවම හොඳට බඩ සුද්ද වෙන්න ඇති. (ස)

:       0       0

සමන් Thursday, 05 December 2013 05:34 PM

අපේ බෝඩිමේ පොඩි අයට කරදර කරන මදාවි කොල්ලෙක් හිටියා. අපි වැසිකිළියට ගියහම එයා දොර ළග පුටුවක් තියලා උඩට නැගලා ඇතුළට එබෙනවා​. දවසක් අපි සැළසුම් කළා එහෙම එබෙනකොට අමතක නොවන වැඩක් කරන්න​. වැසිකිළි පෝච්චිය සුද්ධ කරන බුරුසුව වැසිකිළි වලට දාලා අරගෙන එබෙනකොටම මූන පුරා ඇතිල්ලුවා​. කතාව බෝඩිමේ විතරක් නෙමෙයි පාසල පුරාම පැතිරුනා. ඊට පස්සෙ අපිට කිසි කරදරයක් තිබුනෙ නැහැ. (නි)

:       0       0

රසික විතාන Wednesday, 04 December 2013 10:50 AM

අලියෙක් කිට්ටුව සිටින බව නිවසේ අය කලින් නොකීව එක ලොකු වරදක්, අපේ ගෙවල් වලනම් ආගන්තුක බල්ලෙක් ඇවිත් හිටියත් නිවසට ප්‍රමාධවී එන අයට දැනුම් දෙන සිරිතක් තියෙනවා. (දිල්)

:       0       0

පැංචි Sunday, 08 December 2013 07:02 AM

නැතිලු...ආදරේ කරන්නමලු. (නි)

:       0       0

සහන් බණ්ඩාර Thursday, 05 December 2013 10:51 AM

මෙන්න මේකයි වෙලා තියෙන්නේ. අලියා මඟ එනකොට සමදරාලගේ ගේ අහල තිබිච්ච පොල් ගහකින් පොල් අත්තක් කඩාගෙන කාලා. ඉතින් සමදරාලගේ ගෙයි වටේ නිතර කැරකෙන පෙත්තට හදිස්සියට පැනගන්න බැරිවෙලා. අලියාගේ බඩේ ඉඳන් කෑ ගහන්න ට්‍රයි කොරනවා 'සමදරා මාව බේරගන්න කියලා. හැබැයි පෙත්ත හීනෙනුත් කියවන්නේ 'සමදරා, සමදරා' කියල විතරක්ම නිසා, පෙත්තට වචන පිටවෙන්නේ 'සමදරා, සමදරා' කියල විතරමයි. (අලියාගේ බඩ ඇතුලේ වයි ෆයි සිග්නල් වීක් හින්දා දැන් පෙත්ත එසැනට එවන අදහස් එන්නෙත් නැත්තේ ඒකයි.) (ස)

:       0       0

සමදරා Wednesday, 04 December 2013 04:12 PM

හරි මට කියන්න කූඹියා කසාඳ බැඳපු එකෙක්ද නැති එකෙක්ද? (ස)

:       0       0

පවන් Thursday, 05 December 2013 01:23 AM

මේ අලිත් කරන වැඩ? (නි)

:       0       0

පී. Tuesday, 10 December 2013 12:39 AM

කිසි නිදහසක් නැහැ මේ රටේ. (නි)

:       0       0

සමදරා Wednesday, 04 December 2013 04:21 PM

කැකුණ දුරේ පන්සලේ සෙරෙප්පු දාගන මම යන්නේ නැහැ එනකොට දා ගෙන එනවා. අපේ දෙමුපියෝ අපිට පුරුදු කලේ එහෙම (ස)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 04 December 2013 04:44 PM

ඔන්න මේ ඊයේ පෙරේදා සමදරලගේ ගෙවල් පැත්තේ පාර අද්දරින් අලියෙක් යන සද්දේ ඇහිලා, පැගිරි වියේ පුරුද්දට ඉස්තෝප්පුවේ තිබ්බ කනප්පුවත් පෙරලගෙන, සමදරා දුවල ආවේ අලියව බලන්න කියලා. හැබැයි, සමදරා එලියට ආව විතරයි, මෙන්න අලියා කියාපි ' සමදරා ..සමදරා.......'. ඉතින් කවදාවත් සිංහල කතා කොරන අලියෙක් ගැන අහල නැති සමදරා ඈතින් ඈතින් ඉදන් අලියාගේ වටේ බලල චෙක් කොලා, හන්දියේ ඉඳල උදේ පස්සෙන් ආපු කොලු ගැටයාවත් කොලොප්පොමක් කරනවද කියලා.. ම්හ්..මෙන්න ඒ වෙනුවට ආයේ අලියාගේ කටින් ඇහෙනවා.... 'සමදරා.......සමදරා...' කියලා. කාටහරි කියන්න පුලුවන්ද මක්කෙයි වෙලා ඇත්තේ කියලා. (ප.ස.මේක හීනයක් නම් නොවේ) (ස)

:       0       0

ශාන්ති Wednesday, 04 December 2013 11:33 AM

කවුද අනේ බය වෙන්නේ නැත්තේ. එයා අඩලා, කෑගහලා, බේරුනා. මම නම් බයටම මැරෙනවා.කොහොම හරි උදේම මම හිනා උනා, පොරමොලගේ කතාවට. ගොඩක් ස්තුතියි. (ස)

:       0       0

හපන් මඩු Wednesday, 04 December 2013 04:44 PM

මගේ වාහනේ පස්සේ අලියෙක් පන්නගෙන ආව මම වාහනේ වමට සිග්නල් දාල කෙලින්ම ගියා අලියා වමට තිබුණු පාරේ ගියා . (අ)

:       0       0

සමදරා Sunday, 08 December 2013 08:04 AM

අනේ අනේ දිසා.... (නි)

:       0       0

හෙළය Wednesday, 04 December 2013 11:43 AM

ඒ දවස් වල පන්සලේ පින් බත් කන අලියෙක් ආවා ගියා මතකයි මටත්. (ස)

:       0       0

පී. Wednesday, 11 December 2013 08:13 AM

(කෝ) මොඩ් වැසිකිළියක් තමයි අක්කේ... (නි)

:       0       0

නුගේගොඩ Wednesday, 04 December 2013 04:59 PM

පහන්, ඔය කියල තියෙන්නෙ ගැඹුරු දෙයක් කියලයි හිතෙන්නේ අපි හැමෝටම. (ස)

:       0       0

දචන්දි Wednesday, 11 December 2013 08:36 AM

රූපා, මට ඔයා ගැන දුකයි. මම හිතුවේ එන්ගලන්තේ ගොඩක් දියුණුයි කියලා. ලංකාවේ හැම වැසිකිළියකම පිරිසිඳු කීරීමට බුරුසුවක් තබා ගන්න කියා මා මේ වෙලාවේ ඉල්ලනවා. අලි හොඩවල් නැවත්වීමට දොරේ හොඳ අගුල් සවි කර ගන්න (නි)

:       0       0

සිරී Sunday, 08 December 2013 08:53 AM

දිග හොඩයක් වහාම හුවමාරුවකට. අයිති කරු විදේසගත වෙයි. වහාම විමසන්න.(නදී)

:       0       0

පද්මේ Wednesday, 04 December 2013 05:15 PM

සංජීව,තිලිණ හරියට හරි.එතකොට අලියයි කූඹියයි නාන්න ගියාලු.අලියා නාලා ආවලු.කුඹ්යා නැවේ නැතිලු. ඇයි ඒ ? (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Wednesday, 04 December 2013 05:17 PM

නුගේගොඩ අයියේ, ඔයා පහන් කියලා තියෙන්නේ සහන්ට නේද? පහන් මඩුගල්ලේ නම වෙනස් කරලා වගෙයි " (නි)

:       0       0

බස්නායක Thursday, 05 December 2013 06:41 PM

මට හිතෙන්නේ සත්‍යාගේ කතාව හරි (නි)

:       0       0

සිරිබිරිස් Sunday, 08 December 2013 09:05 AM

සිරි අයියේ, සමදරාට හුලං තමා (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 04 December 2013 12:22 PM

වැඩ අහවර කරලා ගෙදර එන මනුස්සයා දැනුවත් කරන්න ගෙදර අය දැනගන්න ඕන.අනේ මන්දා ගෙදර ඈයොත්...... (ස)

:       0       0

චන්දි Friday, 06 December 2013 06:03 AM

මේ අලි හොඩවැල කොට එකක් හින්දා පුද්ගලයා බේරිලා (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Wednesday, 04 December 2013 05:21 PM

සහන්,අලියා සමදරා අක්කාගේ යාළුවෙක්ව ගිලලාද? (නි)

:       0       0

චන්දි Wednesday, 11 December 2013 09:31 AM

සමාවෙන්න, ඉහත අදහස මගේ අතින් වැරදිලා දචන්දී නමින් ටයිප් වුණා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 547 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 668 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1065 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9374 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 855 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 321 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 495 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site