IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


වහලට නැග නාන කාමරේ බයිස්කෝප් බලලා

සිය දෙමහල් නිවසේ වහලේ සිවිලිමේ සිට යාබද නිවසේ නිවසට පිටින් මුළුමනින්ම ආවරනය නොවූ (වටේට බිත්ති පමණක් බැඳ වහලක් හෝ කොන්ක‍්‍රීට් නොදැමූ) නාන කාමරයේ දිය නාන කාන්තාවන් පෙන්වීමට එක් අයෙකුගෙන් රුපියල් 50 බැගින් අයකරන තරුණයකු පිළිබඳ පුවතක් රූකඩවලට ප‍්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ. හේ තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූ රූකඩවලට ප‍්‍රසිද්ධ නගරයක ජීවත්වන තරුණයෙකි. 

මත්කුඩුවලට ඇබ්බැහිවීම නිසාම නිරන්තරයෙන්ම ඔහු ළඟ මත්කුඩු තිබෙන බව පොලිසියද දැන සිටියේය. එදා ද පොලිසිය ගියේ මොහු ළඟ මත්කුඩු තොගයක් තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුවය. ඔහු සිය නිවසේ පහත මාලයේ නොසිටි නිසා පොලිසිය ඉහළ මාලයට ගියේය.

එහිදී ඔහුගේ ඉහළ මාලයේ වහලේ සිවිලිමෙන් කසුකුසු හඬක් ඇසුණු පොලිසිය මේ පිළිබඳ විමසිලිමත් වූයේ ඔහු සිවිලිමේ සිට මත්කුඩු උරනවා ඇතැයි සැලකිල්ලට ගෙනය. ඒ අනුව සිවිලිමෙන් ඇතුලේ සිටි තරුණයන් දෙදෙනකු පොලිසිය එළියට ගත්තේය. සිදුව ඇති දේ පොලිසියට වැටහුණේ එවිටය.

මොහු මත්කුඩු බීම සඳහා මුදල් සොයා ගැනීමට භාවිතා කළ අලූත් ව්‍යාපාරයක් පිළිබඳව එහිදී හෙළිවිය. ඒ යාබද නිවසේ නාන කාමරය ඔහුගේ නිවසේ සිවිලිමේ සිට හොඳින් පෙනෙන අයුරින් සිදුරක් සාදා එම නිවසේ කාන්තාවන් නාන කාමරයේ නාන අයුරු තරුණයන්ට පෙන්වීමට එක් තරුණයකුගෙන් රුපියල් පනහ බැගින් අය කිරීමය.

මේ නිවසේ නාන කාමරයේ නෑමට කාන්තාවක් පැමිණි විගස ඔහු සිය ගනුදෙනුකාර තරුණයින්ට ජංගම දුරකතනයෙන් දන්වන්නේය. ඔහුගේ දැන්වීමට අනුව වරකට පැමිණෙන තරුණයින් දෙතුන් දෙනෙකුගෙන් එක් අයකුගෙන් රුපියල් 50 බැගින් ලබාගෙන ඔහු විසින් සිය නිවසේ වහලේ සිවිලිමට බොහොම සීරු මාරුවට නංවාගෙන මේ ව්‍යාපාරය ජයටම කරගෙන යන්නේය.



අදහස් (0)

වහලට නැග නාන කාමරේ බයිස්කෝප් බලලා

ටිකිරි Monday, 24 August 2015 05:34 PM

අනේ මෙහෙම ආශාවක්? (නි)

:       0       0

අචලා Sunday, 23 August 2015 06:53 AM

සරසි, වැදගත් කොල්ලෙක් මේ වගේ කරන්නේ නෑ. නරක මිත්‍ර ඇසුර තමා මුල ඔවාට ඉතින් (ම)

:       0       0

ඉමේෂ් Monday, 24 August 2015 02:49 AM

නියමයිනේ (නදී)

:       0       0

ඉමේෂ් Monday, 24 August 2015 02:51 AM

බණ්ඩාර හොඳ කාරණයක් කිව්වේ. එ් කියන්නේ නිතර දකින කොට මේ වගේ දේවල් වෙන්නේ නැහැ කියලනේ? එහෙනම් ඇයි ලංකාවෙත් එහෙම නොකරන්නේ? (නදී)

:       0       0

සන්තුෂ් Monday, 24 August 2015 07:47 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සෑම් Sunday, 23 August 2015 08:46 AM

මෙයාට සහ මේවා බලන්ඩ එන එවුන්ට දැකිල්ලත් එක කිති කැවිල්ලක් (බ)

:       0       0

ගුණවර්ධන Monday, 24 August 2015 08:17 PM

අපෝ ලැජ්ජාවේ බැහැ මේක අහලා. ඒත් පව් කියලත් හිතෙනවා එක වෙලාවකට (නි)

:       0       0

තිලක් Saturday, 22 August 2015 07:08 AM

ගමේ පොදු නාන ළිඳක් තිබුනා. මේක වටේ අඩි හත අටක් උසට තාප්පයක් වගේ ගස් වවලා තියෙනවා. ගමේ කාන්තාවන් බොහොමයක් මෙතනට නාන්න එනවා. එක්තරා ගැටවරයෙක් මේ ගස් වැටට පිටතින් කාන්තාවන් නානකොට හොරෙන් බලන්න පටන් ගත්තා. මේ බව දැනගත් යාලුවෙකුත් මොහු සමඟ පැමිණ බලන්න පුරුදුවුණා. දවසක් මෙහෙම බලා සිටියදී දෙවනුව ආ තරුණයාගේ අම්මයි අක්කයි නාන්න ආවා. දැන් කොල්ලට ලැජ්ජයි ඒ නිසා අනිකට අතින් අල්ලලා යමු කියලා සන්කළත් ගියේ නැහැ. ඒකට තරහ ඇවිල්ලා දෙන්නා රණ්ඩු වුණා. ඒ සද්දේ ළිඳ ළඟ හිටපු ගැහැණු උදවියට ඇහිලා ඇවිල්ලා කොල්ලෝ දෙන්නා අල්ලාගෙන හොඳටම ගහලා එළෙව්වා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 24 August 2015 03:26 AM

මේ කියන නාන කාමරේ කාන්තාවන් නාන්න ඇත්තේ නිරුවතින් විය හැකියි. නාන ඇඳුම් ඇඳගෙන හිටිය නම් රුපියල් 50 ක් ගෙවල බලන්නේ මොකටද? ඔය ඕනෑතරම් කාන්තාවෝ පොදු ලිංවල ගැහැණු පිරිමි එකම වර නානවා නේ. හැබැයි සංවර කාන්තාවක් නම් නාන ඇඳුමක් නැතිව තමන්ගේ බාත්රුම් එකේවත් නාන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. මේ මනුස්සය හොරෙන් බලපු එකත් වැරදියි. නිරුවතින් නෑවා නම් ඒකත් වැරදියි. (නදී)

:       0       0

තුෂාරී Monday, 24 August 2015 10:16 AM

කාන්තාවන් නානවා බලන්න බොහෝ පිරිමින් අාසා කරනවා. එහි උගත් නුගත් කියා බේදයක් නැහැ. නමුත් මට අහන්න තියෙන්නේ ඔය පිරිමි පක්ෂයෙන්,මෙලොව එකම එක ගැහැණියකවත් පිරිමි නානවා හොරෙන් බලනවාද කියලයි. ලංකාවේ ඉන්න අසහන කාරයින්ට කියන්න තියෙන්නේ පිළිකුල් බාවනාව ප්‍රගුණ කරගෙන හිත සන්සුන් කරගන්න කියලයි. (නදී)

:       0       0

සරත් Tuesday, 25 August 2015 12:23 AM

තුෂාරි, ධන - ඍණ ආකර්ෂණය මුළු ලෝකයටම එකයි කියලනේ 8 පන්තියේදී විද්‍යාවට කියලා දුන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 24 August 2015 04:28 AM

මේ වගේ නරුමයින් තමයි තිරිසන් වැඩ වැඩි වැඩියෙන් කරන්නේ. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 25 August 2015 09:41 AM

නියම බිස්නස් එක.රුපියල් 50ක් දිලා යන්න තරම් මානසික ලෙඩ්ඩු ඉන්නවනේ.(හේ)

:       0       0

කුමාර Saturday, 22 August 2015 08:36 AM

ඒකත් හොඳ සොයාගැනීමක් තමයි (නි)

:       0       0

නිශාන් Monday, 24 August 2015 04:44 AM

රුපියල් 50 ට වැඩේ ලාබයි. සී ඩී එකක් ගන්න ගියත් රුපියල් 100 ක් වියදම් වෙනවනේ (නදී)

:       0       0

ගීතා Tuesday, 25 August 2015 01:57 AM

මට හිතෙන්නේ මේ කවදාවත් නාන්නේ නැති කට්ටියක් වෙන්න ඇති. (නි)

:       0       0

පියුමි Saturday, 22 August 2015 09:02 AM

අනේ මෙහෙමත් පිස්සු මිනිස්සු? (නි)

:       0       0

ගෞරියෙල් Saturday, 22 August 2015 10:13 AM

ඔච්චර ආස නම් අර සුද්දියෝ නාන මුහුදු වෙරළකට ගියා නම් හරිනේ (නි)

:       0       0

චාන්දනී Monday, 24 August 2015 04:57 AM

ඉසුරන්දි බොරු කිව්වට ඔයත් කැමති ඇති මෙහෙම දෙයක් වෙනවට.(නදී)

:       0       0

ගුණවර්ධන Saturday, 22 August 2015 11:25 AM

එතකොට කාන්තාවනුත් පෝළිමේ ඇවිල්ලා ඉන්නවද නාන්න? අනේ මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

සාගරිකා Monday, 24 August 2015 11:35 AM

ලැජ්ජයි අපේ සමාජයේ අය ගැන.(හේ)

:       0       0

ජයනී Monday, 24 August 2015 05:10 AM

අනුර වගේ උදවිය තමයි ස්ත්‍රී දුෂකයන්ටත්, ඒ අහිංසක පිරිමියාට කවුරුවත් කැමති නැති නිසා එහෙම කලාට කමක් නැහැ කියන්නේ.(නදී)

:       0       0

සරත් Friday, 21 August 2015 10:51 PM

බලලා ඇතිවෙන්නේ නැද්ද මන්දා.... (නි)

:       0       0

දුල්මී Monday, 24 August 2015 05:17 AM

අනුර මහත්තයා, කාන්තාවකගේ ශරීරයේ පරම අයිතිය ඒ කාන්තාවටයි. එ්ක ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයි. මේ පුවතේ සඳහන් නාන කාමරයේ සිටි කාන්තාවන් ඔබේ සහෝදරිය නැති නම් අම්මා වුනා නම් ඔබ ඔය කියපු ටිකමද මෙතන ලියන්නේ ? (නදී)

:       0       0

චාරු Monday, 24 August 2015 05:28 AM

අනුර ඔය කතාව ඔයාගේ අක්කා නංගි නෝනා දුව සහ අම්මා සම්බන්ධයෙනුත් එකඟයිද ? එහෙම වුනොත් ඒගොල්ලන් නාන තැන හොරෙන් බලපු මිනිහා නිරෝගියි , ඒ මිනිහා ගැන ඔයාට ඔත්තුව දුන්න පිරිමියාට ලෙඩක්. එහෙමද ? (නදී)

:       0       0

ජානකී Monday, 24 August 2015 05:33 AM

අනුරගේ ගෙදර නාන කාමරේ තත්වය අපිට හිතා ගන්න පුළුවන්. හැම තැනම සිදුරු ඇති.(නදී)

:       0       0

සක්විති Wednesday, 26 August 2015 02:39 AM

නාන කාමරයක් හදන්නේ කැමති විදිහට නාන්නයි. හොරෙන් බලන ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ඕනේ (නදී)

:       0       0

නෙළුම් Monday, 24 August 2015 05:39 AM

අපොයි අනුරගේ ගෙදර බැරි වෙලාවත් මේ වගේ සිවිලිමේ සිදුරු නැහැ නේද ? (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 22 August 2015 02:41 PM

මේවා මහ පහත් වැඩ. (නි)

:       0       0

බන්ඩාර රුසියාව Sunday, 23 August 2015 01:56 PM

මට නම් ඔය නිරුවත් දැකල සසර කලකිරිලා ඉන්නේ. රස්නේ කාලෙට මෙහෙ ගෑනු ළමයි සරුවාංගෙම එළියේ දමාගෙන ඉන්නේ. කිසිම කෙනෙකුට හොරෙන් බලන්න ඕනේ නෑ. නිතර දකින නිසා කවුරුවත් ඒගැන උනන්දුවක් නෑ. (නදී)

:       0       0

පතිරණ Saturday, 22 August 2015 05:02 PM

ලොකුවට හිතන මොළේ කචල් කට්ටිය තමයි ඔය පළාතේ වැඩිපුර ඉන්නේ. (නි)

:       0       0

නාරද Saturday, 22 August 2015 05:10 PM

සරත් මොන වගේ කෙනෙක්ද මන්දා? (නි)

:       0       0

අනුර Sunday, 23 August 2015 03:17 PM

මේවා නොබලා සිටින පිරිස් වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු වෙනවා හොරෙන් මේවා බලන්නේ ප්‍රසිද්ධියේ බලන්නට නොහැකි නිසා ඔවුන් මානසික ලෙඩුන් නොවේ (නදී)

:       0       0

චම්පි Saturday, 22 August 2015 06:07 PM

මහ නැහැදිච්ච ‍මිනිහෙක්නේ (නි)

:       0       0

හරිත Monday, 24 August 2015 01:54 PM

අපෝ ලැජ්ජාවේ බෑ.(හේ)

:       0       0

අචලා Monday, 24 August 2015 07:53 AM

අජිත් , "සංවර කාන්තාවක් නම් නාන ඇඳුමක් නැතිව තමන්ගේ බාත්රුම් එකේවත් නාන්නේ නැහැ , ඒක නම් වැරදි කථාවක්, ඔයා කොහොමද එහෙම කියන්නේ? (අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 24 August 2015 08:45 AM

එහෙනම් අචල නාන්නෙත් උපන් ඇඳුමෙන් වගේ. කමක් නැහැ ආශාව නේ.(නදී)

:       0       0

සරසි Sunday, 23 August 2015 02:20 AM

දැන් දැන් ලංකාවේ පිරිමින්ට තිබෙන මානසික රෝග කොච්චරද කිව්වොත් දන්නා කියන ගැහැණු ළමයෙකුට කසාදයක්වත් ජෝඩු කරන්න බයයිනෙ. (නි)

:       0       0

කාංචන Saturday, 22 August 2015 04:14 AM

මේවා බැලුවා කියලා මොකක්ද මේ මිනිස්සු ලබන සැනසීම? (නි)

:       0       0

සමීර Sunday, 23 August 2015 09:18 PM

මානසික ලෙඩ්ඩු තමයි (නදී)

:       0       0

සුබෝදිනී Monday, 24 August 2015 09:12 AM

මෙහි සමහර අයගේ අදහස් දැක්කාම පුදුම හිතෙනවා.තමාගේම නාන කාමරේ ආරක්ෂා සහිතව නිරුවතින් නැවාම ඇති වරද කුමක්ද....පිරිමින්ට ඔච්චර ආසද අප්පා ගැණු නානවා හොරෙන් බලන්න....? (අ)

:       0       0

චතුරි Monday, 24 August 2015 05:03 PM

අජිත් කරුණාරත්න , මිනිස්සු ලක්ෂ ගණන් දීලා නාන කාමර හදන්නේ තමන්ට ඕනෑ විදිහට නාන්න. නාන ඇඳුමක් ඇතුව නාන්න ඕනෑ නම් එළියේ ටැප් එකෙන් නානවනෙ. මේවා සාධාරණීකරනය කරන ඔබගේ පවුලේ ගැහැණු අය කවුරුත් නැද්ද? ඔයාගේ අදහස් වලින් පේනවා ඔයා ඉන්නේ මේ සමාජයේ ගව් ගණනක් ඈතින් කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 700 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 730 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1107 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9432 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 329 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site