කරන්දෙණිය - එම්.සුසිල් පියන්ත
එක මග ගොස් කළ විහිළුවක් නිසා අඹ යහළුවාගේ ලක්ෂ ගණනක රිය අනතුරු රක්ෂණය වන්දිය අහිමි කළ අපූරු මිතුරකු පිළිබද පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
දෙදෙනාම ව්‍යාපාරිකයෝය. දෙන්නාට දෙන්නා නැතිවම බැරිය. දුකේදීත් සැෙප්දීත් දෙදෙනාම සිටියේ එකටය. එක පයින්මය. ඒ නිසාම මිතුරා සිය රථ වාහනය අනතුරට ලක්වූවේ යයි කියමින් ඉල්ලා තිබූ රක්ෂණ වන්දිය ලබා ගැනීමට අදාළ රක්ෂණ ආයතනයට ගියේද එකටය. ඒ ඔහුගේ රථ වාහන රක්ෂණ වන්දිය ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබූ දැනුම්දීමට අදාළවය. රුපියල් ලක්ෂ තුනකට වැඩි වන්දි මුදලක් ඔහුගේ අනතුරට ලක්වූ වාහනය වෙනුවෙන් වෙන්වී තිබිණ.
එහි ගිය ඔහු මේ රක්ෂණ සමාගමේ තමාට මේසා විශාල මුදලක් අනුමත කරදීමට කරඋර දුන් නිලධාරීන්ට තේපැන් සංග්‍රහයකට අවශ්‍ය කේක් ඇතුළු දෑ මිලදී ගැනීමට ඔහු ගියේ මිතුරා එම ආයතනයේ සිටියදීය.
එහි සිටි මිතුරා සිය විහිළුව පටන් ගත්තේ එතැන් සිටය.
මේක නියම රිය අනතුරක් නෙමෙයි. එයා ඕන කමින්ම වාහනය හප්ප ගත්තේ. නැත්නම් කොහොමද වාහනයේ දෙපැත්තේම දොරවල්වලට හානි වෙන්නේ. මට පුළුවන් ඕනෑනම් එයා වාහනය හප්ප ගත්ත තැනත් පෙන්වන්න. ඔයාලාට මොළයක් තියෙනවද ඕනකමින්ම හප්ප ගත්ත වාහනයකට රක්ෂණ වන්දි දෙන්න. ඔයගොල්ල ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද? දැයි ඔහු නිලධාරීන්ගෙන් ඇසුවේය.
තේ පැන් සංග්‍රහයට අවශ්‍ය දේ රැගෙන මිතුරා රක්ෂණ ආයතනයට එනවිට සිදුවිය යුතුදේ සිදුවී හමාරය. මේක ඕනෑ කමින් හප්ප ගත්ත එකක් බවට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් පැමිණිල්ලකුත් තියෙනවා .ඒ නිසා මේ රක්ෂණ වන්දිය ලබා දෙන්න හැකියාවක් නැහැ යයි එම ආයතනයෙන් දැනුම් දුන්විට ඔහුට හීන් දහඩිය දැම්මේය. ආපසු නිවෙස කරා එනවා හැර ඔහුට වෙනත් විකල්පයක් නොතිබිණ.
මේ කෙසේවෙතත් මේ මිතුරෝ දෙදෙනා තවමත් මිතුදමෙන් බැඳී සිටින්නේ රක්ෂණ ආයතනයට විහිළුවටමෙන් අලි බොරුවක් කීවේ කවුදැයි කියා නොදන්නා නිසාය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විහිළුවක් මුවාවෙන් ගින්නක් අවුලා යාළුවාට ලක්‍ෂ 3ක් නැතිවෙලා
ganegoda Tuesday, 20 December 2022 01:51 PM
යාලුවොත් එක්ක පාරේ ගියොත් ලැබෙන්න තියන දේ නැති කරනවා .ගෙට වැද්ද ගත්තොත් මුළු පවුලම විනාශයට පත්වෙනවා .සිරිලක් යහළුවෝ