මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මියගිය සුනඛයකු භූමදානය කිරීමට පොරොන්දු වූ පුද්ගලයකු රුපියල් එක්දහස් පන්සියයක මුදලක් කුලිය ලෙස ලබාගෙන, පෝර උරයක බහා රැගෙන ගිය සුනඛයා මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක අසුනක් යට සඟවා පලායාමේ සිදුවීමක් ඉකුත්දා මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවකු නිරන්තරයෙන් පරණ යකඩ බඩු එකතු කිරීම සඳහා මත්තේගොඩ නිවාස සංකීර්ණය අවට ප්‍රදේශවලට පැමිණෙන අතර බොහෝ දෙනෙක් ඔහු හොඳින් හඳුනති.
ඒ අනුව ඉකුත්දා ඔහු මත්තේගොඩ නිවාස සංකීර්ණයට පැමිණ එහි නිවසින් නිවසට ගොස් යකඩ බඩු එකතු කරමින් සිටියදී යාබද නිවෙසක සුරතලයට ඇති කළ සුනඛයෙක්ද මියගොස් සිටියේය.
එහෙත් මියගිය සුනඛයා භූමදානය කිරීමට එම නිවෙස්වලට ප්‍රමාණවත් ඉඩකඩක් නොතිබීම නිසා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් භූමදානය කිරීමට සූදානමින් සිටියදී එම නිවසට පැමිණි මෙම පුද්ගලයා සුනඛයා භූමදානය කිරීමට පොරොන්දු වී තිබේ.
ඒ සඳහා යහමින් කුලී මුදල් ඉල්ලා ඇතත් ඊට එකඟ නොවූ නිවැසියෝ අවසන රුපියල් 1500 මුදලක් දී යාබද ඉඩමක සුනඛයා භූමදානය කරන ලෙසට දැන්වූහ. එහෙත් ඔහු පවසා ඇත්තේ නිවෙස් අසල භූමදානය නොකොට සුනඛයා සුසාන භූමියකටම රැගෙන ගොස් භූමදාන කරන බවයි.
ඒ අනුව සුනඛයා පෝර උරයක දමාගෙන ගොස් මත්තේගොඩ සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට ගොඩ වී එහි අසුනක් යට පෝර උරය සඟවා වෙනත් ස්ථානයකින් බැස ගොස් තිබේ.
එහෙත් මේ බව කිසිවක් නොදත් බස්රථ හිමිකරු දිනයේ රාජකාරී නිමවා බස් රථය පිරිසුදු කරමින් සිටියදී අසුනක් යට සඟවා තිබූ සැක කටයුතු පාර්සලයක් දැක එය ගෙන පරීක්ෂා කිරීමේදී ඒ තුළ මියගිය සුනඛයාගේ සිරුර හමුවිය.
පසුව බස්රථ හිමිකරු එම සුනඛයා භූමදානය කොට නිවෙසට ගොස් ඒ බව පවසද්දී බස් රථයේ හිමිකරුගේ නිවෙසට යාබද නිවසේ සුරතලයට ඇති කළ සුනඛයකු එදින දහවල් මියගොස් සිටි බව දැනගන්නට ලැබිණි. ඒ බව පසුව යාබද නිවැසියන්ට පවසා දිගින් දිගටම සොයා බැලීමේදී මෙම කතාවේ සුලමුල අනාවරණය විය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වළලන්නම් කියා සල්ලි අරන්: බලු කුණ බසයක පටවා යවලා