අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
ඉහළ නැග ඇති පොල් මිල මෙන්ම සහන මිලට පොල් නගරවාසීන්ට අලෙවි කරන පෝලිම් ගැනද දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව ඇති මේ දිනවල අපූරු සිදුවීමක් බස්නාහිර පළාතේ මුහුදුකරයෙන් වාර්තා වෙයි.
මෙහි කතානායකයා පොල් ඉඩම් හිමිකරුවකුය.
වාර්තා වන විදිහට සිද්ධිය මෙසේය.
විශ්‍රාමිකයකු වූ ඔහු උදේම අවදි වී පැය කීපයක් තම පොල් වගාව තිබෙන යාය පුරා ඇවිදින්න පටන්ගෙන ඇත්තේ මුරයට පොල් කඩන පුද්ගලයන්ගෙන් මගහැරුණු ගෙඩිය දෙක තිබෙන ගස්වලින් වැටෙන පොල් ගෙඩි ඇහිඳ ගැනීමේ අදිටනින්ය.
මෙසේ පැය ගණන් ඇවිද්දත් ඇතැම් දවස්වලට එකදු පොල් ගෙඩියක්වත් සොයා ගැනීමට ඇහිඳ ගැනීමට නොහැකි වන අවස්ථාවක මොහු යාබදවත්තේ පොල් වැටී තිබෙනු දැක හෙමින් හෙමින් එම ඉඩමේ පදිංචිකරුවන්ට හොරෙන් වැටෙන් රිංගා තමන්ගේ විදිහට පොල් ගෙඩි අටක් දහයක් ඇහිඳගෙන අතින් කටින් එල්ලගෙන එන්න හදනවාත් සමගම එම නිවෙස් හිමි ඉඩමේ හිමිකරුට වත්තේ පොල් ඇහිඳගෙන යෑමට සැරසෙන අයකු අතටම හසුවී තිබේ.
ඒත් සමඟම හොරෙන් පොල් ඇහිලු පුද්ගලයාද කලබලයට පත් වී පොල් ගෙඩි ටික එතනම දමා හිං සැරේ වැට පැන මාරුවීමට තැත් කළත් ඔහුට යෑමට නොදී තමන්ගේ වත්තේ පොල් ගෙඩි ටිකට හිමිකම් කියන අයිතිකාර පුද්ගලයා, පොල් හොරෙන් ඇහිඳින්නට පැමිණි පුද්ගලයාට ලුණු ඇඹුල් ඇතුව පැය භාගයක් පමණ කියාදී තමුන් පොලිසියට අල්ලා දෙනවා කියා අවසානයේ කියද්දි එලෙස අන්සතු ඉඩමේ පොල් හොරකමේ පැමිණි විශ්‍රාමිකයා වැඳ වැටී ඒක නම් කරන්න එපා දරුවෝ දැනගත්තොත් මට ලැජ්ජයි.
ආයේ මම ඔයාගේ වත්තේ පොල් ඇහිඳින්න එන්නේ නෑ. මට යන්න දෙන්න කියා පවසා ඇත. එවිට අර බැගෑපත් ඉල්ලීම කළ සොරකමේ ආ පුද්ගලයාට පොල් ගෙඩි ටිකට හිමිකම් කියන අයිතිකාර පුද්ගලයා අපූරු දෙයක් කල්පනා කළේය.
මම යන්න දෙන්නම් හැබැයි මේ පොල් ගෙඩි ටික ඔක්කොම ලෙලි ගලවලා කුස්සියෙන් ගෙනත් දාලා මිසක් යන්න එපා කියලා අපූරු දඬුවමක් දුන්නලු.
මොකද මේ වගේ දේකට පොලිසිගියාම වෙන රස්තියාදුව ගැනත් වන අවමානයත් සිතින් කල්පනා කරලා ලිහිල් දඬුවමක් විඳලා වැඩේ ෂේප් කර ගත්තාලු.
තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන
ඉහළ නැග ඇති පොල් මිල මෙන්ම සහන මිලට පොල් නගරවාසීන්ට අලෙවි කරන පෝලිම් ගැනද දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව ඇති මේ දිනවල අපූරු සිදුවීමක් බස්නාහිර පළාතේ මුහ
නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි. තමා සතුව යතුරුපැදියක් හා ත්
මිල අධික පිටිවර්ගයක හිස් ටින් දෙකක් නිසා සහෝදරකමත් පියාගේ මළගමට සහභාගීවීමත් දෙකම අහිමි වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි.
මේ දිනවල පොල් මිල ඉහළ යාමෙන් හා පොල් හිඟය හේතුවෙන් නිතර ගෝරනාඩු කරන තම බිරිය පුදුමයට පත් කිරීමට සිතා ස්වාමි පුරුෂයෙකු විසින් ගෙදර ගෙන ගිය පොල් ගෝනියේ ප
බඩු මිල මත හුවමාරු ක්‍රමයට හාල් ගෙනා ගැමියෙකුගේ කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
වැඩි තණ්හාවට ගිහින් රෙදි ගලෝගෙන
Lalla Tuesday, 17 December 2024 12:38 PM
ජන්ම දෝෂ...හොර හිත.