හැම දෙයකටම තණ්හාව මුල්කරගත් ගෙවිලියකට සිදු වූ අපූරු සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය කෙටියෙන් මෙසේය.
මෙම ගෙවිලිය වනාහි ගෙදර දොරේ වැඩපළ මෙන්ම හේනේ කුඹුරේ වැඩ පලද කඩිසරව මනාව සිදු කරන්නියකි. කෙසේ වුවද ඇය කරන සෑම වැඩක්ම ප්‍රමාණය ඉක්මවා අධික තෘෂ්ණාවෙන් සිදු කිරීම නිසා ඇයට මුහුණ දීමට සිදුවන කටුක කර්කශ සිදුවීම් ද නැත්තේ නොවේ.
නුදුරු දිනයක ඇයගේ නිවසට තම සැමියාගේ මිතුරන් කිහිප දෙනකු පැමිණි නිසා සැමියා ඇයට තේ සාදා දෙන මෙන් දැන්වීය.
කුස්සියට ගිය බිරිඳට සීනි බෝතලය හිස් බව පෙනී සැමියාට කතාකොට ”මම ඉක්මනටම කඩේට දුවලා සීනි අරගෙන එන්නම්. ඔහේ මේ කේතලයට වතුර එකක් ගහලා තියෙනවා” යැයි පවසා හනික කඩේට යෑමට පිටත් විය.
බිරිඳ කඩයෙන් සීනි කිලෝ එකක් ෂොපින් බෑගයකට දමාගෙන නිවසට එන කෙටිම මාර්ගයත් ඔස්සේ කැලෑ පාරක් දිගේ කඩිසරව පියමනිමින් එන අතර වාරයේ පාර අද්දර දිරා ගිය ගසක් වැටී තිබෙනු දැක ”අපූරු දර කෝටු ටිකක් තියෙනවා, කෝටු කීපයක් බිඳගෙන ඉක්මනටම යන්න ඕනෑ” යනුවෙන් සිතා හනික දර කෝටු කීපයක් බිඳ එය උකුළේ හොවාගෙන නිවසට පැමිණියාය.
වතුර කේතලේ උතුරවා ගත් සැමියා තේ ගොට්ටයට තේ කොළ දමා, වීදුරු හතරක් සෝදා, බන්දේසියක් මත තබා බිරිඳ සීනි රැගෙන පැමිණෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ බිස්කට් කීපයක්ද පීරිසියකට දමාගෙන මිතුරන්ට සංග්‍රහ කිරීමටය.
මිතුරෝද වරින් වර කුස්සිය දෙසට හිස දමා ”අද අපට තේ දෙන්න පුළුවන් වෙයි ද.”යනුවෙන් විහිළු කරන්නටද වූහ.
බිරිඳ කඩිමුඩියේ පිළිකන්න පැත්තෙන් පැමිණ උකුළේ හොවාගෙන සිටි දරමිටිය දඩාස් යන හඬින් බිම දමා කුස්සියට ඇතුළු වූවාය.
සැමියා සීනි කිලෝ එක ඉල්ලීමට අත බිරිඳ දෙසට දිගු කළා පමණි.
බිරිඳ දෑතින්ම තම ඔළුව බදාගෙන,”දෙයියෝ සාක්කි, සීනි උරේ දර කෝටුවක් ඇනිලා ඔක්කොම සීනි හැලිලා. අනේ හත් දෙයියනේ දැන් මොකද කරන්නේ?”යනුවෙන් හැඬුම් ස්වරයෙන් කීවාය.
සැමියාට මළ පැන්නේය. බිරිඳගේ කෙස් වැටියෙන් අල්ලා ගත් සැමියා, ඔහේ ගියේ සීනි ගේන්න, දර ගේන්න නෙවෙයි නේද, උඹලගේ තෘෂ්ණාව තියෙන තාක් කල් අපට හරියන් නෑ යෝදියේ” කියමින් බිරිඳගේ පිට හරහා පහරවල් කීපයක් එල්ල කළේය.
ඉස්තෝප්පුවේ සිටි මිතුරන්ට කාරණය වැටහුණි. ඔවුන් ද එතැනට පැමිණ සියල්ල සාවදානව විසඳා, බඩ පිරෙනතුරු ඇල් වතුර බී මිතුරු තුමෝ සතුටින් විසිර ගියහ.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
කාන්තාවකගේ අමනුෂ්‍ය දෝෂය ඉවත්කිරීමට ආ ප්‍රධාන කටිටඩියා ඇතුළු ඔහුගේ ආවතේවයට ආ ගෝලයන් දෙදෙනකුට ගම්වැසියන් පන්න පන්නා ‘ගුටිපූජාවකින්’ සංග්‍රහ කිරීමේ
බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක ගොවියකුගේ ගෙවත්තෙහි ඇති රට දෙල් ගසෙහි මෙවර විශාල වශයෙන් දෙල් හට ගෙන තිබිණි. මේ සැරේ නම් ගාණක් ගත හැකි ගොවියා සිතුවේය.
වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.
මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක
තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වැඩි තණ්හාවට ගිහින් අම්බානට ගුටිකාලා