IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


විජ්ජාවක් පෙන්වන්න ඇවිත් රෙදි ගැලවෙන්න දීලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


කෙටි කෑම වෙ‍ළෙද සලට විජ්ජාවක් පෙන්නන්න හැදූ පකිස්තානුවාට ඊට වඩා ලොකු විජ්ජාවක් පෙන්වූ එම වෙළඳ සලේ තරුණයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ බස් පොළෙන් අසන්නට ලැබේ.
අම්බලන්ගොඩ බස් පොළට ඇතුළුවෙන ස්ථානයේම පිහිටි කෙටි කෑම අලෙවි සලය. මෙහි කෙටි කෑම අනෙක් තැන්වලට වඩා මිල අඩු නිසා එම වෙළඳ සල හැම තිස්සේම පාරිභෝගිකයන්ගෙන් පිරී පවතී.
සෙනඟ අතරින් එදා රිංගාගෙන ආවේ පකිස්තානුවෙකි. කතාව ඉංගීසියෙනි. රුපියල් 5000 නෝට්ටුවක් දී පාන් ගෙඩි දෙකක් ඉල්ලු‍වේය. එහි සේවකයෙකු පාන් ගෙඩි දෙක දෙන්න සූදානම්වූවිට මේ පාන් සීනි රහිත ඒවාදැයි පකිස්තානුවා ඇසීය. සීනි සහිත පාන් යයි වෙ‍ළෙඳ සලේ තරුණයා කී විට ඔහු තමා දුන් රුපියල් 5000 නෝට්ටුව ඉල්ලා ගත්තේය.


යළිත් ඔහු කමක් නැහැ පාන් ගෙඩි දෙකක් දෙන ලෙස ඉල්ලු‍වේය. සේවකයෙක් පාන් ගෙඩි දෙක දුන්නේය. පාන් ගෙඩි දෙකේ මුදල් ඉල්ලු‍වේය. පකිස්තානුවා කීවේ තමා පාන්වලට රුපියල් 5000 නෝට්ටුවක් දුන් බවය. පාන් ගෙඩි දෙකේ මුදල් ගෙන රුපියල් 5000 ඉතිරි මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. තමා රුපියල් 5000 නෝට්ටුව දුන් බව පකිස්තානුවා දිගින් දිගටම කීවේය. ඔහු එය සපත කරන්නට සිය දෙඅත ද පෙන්නුවේය.
වෙළෙඳ සලේ අයිතිකාර තරුණයා යකා නැග පුටුවෙන් නැගිට්ටේය. මම ඔයාගේ රුපියල් 5000 මැජික් එකකින් අරන් පෙන්වන්නම් යයි පකිස්තානුවාට කීවේය. ඒ සමගම තරුණයා පකිස්තානුවාගේ එක් කිහිල්ලක් අස්සේ ගසාගෙන සිටි රුපියල් 5000 නෝට්ටුව ඇදලා ගත්තේ පකිස්තානුවාට උතුර දකුණ මාරුවෙමිනි. ගත්ත පාන් ගෙඩි දෙක වෙළෙඳ සලේ මේසය උඩ තබා ඔහු හනිකට එතනින් මාරුවී ගියේ තමාට වඩා මැජික් වෙළෙඳ සලේ තරුණයා දන්නවා යයි සිතමිනි.
කවදාවත් මේ වෙළෙඳ සලට නොආ මේ ආගන්තුක පකිස්තානුවා දෙස ඔහු සෙනඟ අස්සේ ආවෙලේ සිටම අවධානය යොමු කළ මේ තරුණයා ඔහු රුපියල් 5000 නෝට්ටුව කිහිල්ලේ ගසා ගන්නා අයුරු දැක තිබීමෙන් මේ විජ්ජාව පෙන්වීමට ඔහුට හැකියාව ලැබී තිබේ.

 



අදහස් (2)

විජ්ජාවක් පෙන්වන්න ඇවිත් රෙදි ගැලවෙන්න දීලා

vernon Thursday, 25 July 2024 09:30 AM

ඉතින් මේ කතාවේ මැද තියෙනවානේ 5000 නෝට්‍ටුව ආපහු ඉල්ල ගත්තා කියලා.

:       2       3

sam Thursday, 25 July 2024 12:38 PM

කතාවට හරියටම ගැලපෙන පින්තූරේ

:       0       8

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site