පිටරට ඉන්න සැමියාට වීඩියෝ කෝල්වලින් සිය මාමණ්ඩියට හොඳින් සලකන බව පෙන්වා දුන් ලේලියකට මිනිබිරිය එය හොඳින්ම වීඩියෝ කෝල් එකකින්ම පසක් කරදුන් අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
සැමියා පිටරටය. ඔහු සිය පියාට දැක්වූවේ අසීමිත සෙනේහයකි. දැඩි භක්තියකි. තමා කුඩා කාලයේදීම මව මිය ගියදා කුඩම්මා කෙනකු නිවසට කැන්දාගෙන නොගෙන මවටත් පියාටත් දෙදෙනාටම සිටි පියා ඔහු ලොකු මහත් කිරීමට ගත් ලොකු මහන්සිය මෙයට ප්‍රධානතම කාරණයක් විය.
මේ නිසාම පියාත් ඔහුත් අතර තිබූ සම්බන්ධය ගහත් පොත්තත් පොත්තත් ගහත් අතර ඇති සම්බන්ධතාවයට එහා ගිය එකකි. ඔහු කිසිවිටකවත් පියා තනි කළේද නැත. පියාද ඔහු තනි කළේ ද නැත. එකම නිවසේ සිටි මේ දෙදෙනා ගෙවුවේ තාත්තා පුතාට වඩා මිතුරන් දෙදෙනකුගේ භූමිකාවකි. දෙන්නා අතර කිසිදු රහසක් නැති තරමටම ඔවුහු දෙදෙනා සමීප වූහ. එකතු වූහ.
සිය පුතුට කලවයස පැමිණ සිටි නිසා විවාහයකට යෝජනා කළේ පියාය. පුතු මෙයට අකමැති වූවේ සහේට ගන්නා උන්දෑගෙන් පියාට වෙනස්කම් සිදුවේ යයි තිබූ බිය නිසාය. එහෙත් අවසානයේ දී පියා ජය ගත්තේය. ඒ අනුව පුතු විවාහ දිවියට ඇතුළත්විය. කලක් ගත විය. චූටි පුතකු ද මේ යුවළට ලැබිණ. පවුලේ වියදම දරුණු විය. විදෙස් රටකට යන්න පුතු තීරණය කළේය. ඒ වියපත් සිය පියා පණ මෙන් රැකගන්නා බවට සිය භාර්යාව පොරොන්දු කරගෙනය. භාර්යාව ද එයට එක පයින්ම කැමති වූවාය. ඔහු විදෙස් ගත විය.
බිරිඳ සැරින් සැරේ ඔහුට වීඩියෝ කෝල් ගෙන සිය මාමණ්ඩියගේ රැවුල බාවන සැටි පෙන්නුවාය. ඒ විතරක්ම නොව මාමණ්ඩියට කවන පොවන සැටි වීඩියෝ කරද යැවුවාය. මේවා දුටු ඔහු තමාට මෙවැනි භාර්යාවක් ලැබීම ගැන ඇත්තෙන්ම සතුටු වූවේය. ඒ විතරක්ම නොව මෙවැනි භාර්යාවක් ලැබුණේ තමාගේ පෙර පිනට බවද සිතුවේය. භර්යාව සිය පියාට සලකන සැටි වීඩියෝ පට ඔහු වැඩකරන ස්ථානයේ අපේ රටේ අයට පෙන්ව පෙන්වා මහත් ආඩම්බර විය. සිය භාර්යාව ගැන වර්ණා කළේය.
මේ පසු බිම යටතේ ඔහු වෙනදා මෙන් සිය නිවසට වීඩියෝ කෝල් එකක් ගත්තේය. එදා එයට සහභාගී වූවේ පොඩි පුතුය. දෙදෙනා අතර තොදොල් කතා බහෙන් අනතුරුව ඔහු සිඟිත්තාගෙන් කෝ පුතේ අම්මා යැයි ඇසුවේය. අම්මා කුස්සියේ උයනවා යයි සිඟිත්තා කීය. කෝ පුතේ වෙනදා පුටුවේ වාඩිවී සිටින සීයා යැයි ද ඇසුවේය.
තාත්ති සීයා ඇඳේ යැයි චූටි පුතා කීවේය. ඇයි පුතේ සීයට මක් වෙලාද අසනීපයක්වත් හැදිලා දැයි... තාත්තා පුතාගෙන් ඇසුවේ නිකමටය. තාත්ති, සීයට පුටුවේ චූ ගියා කියලා අම්මට හොඳටම කේන්ති ගිහිල්ලා අම්මා සීයට ගැහැව්වා. සීයා අඬ අඬා ගිහිල්ලා ඇඳට ගියා.
මගෙ පුතේ අම්මා සීයට හැමදාම ගහනවද..? යයි ඔහු පුතාගෙන් ඇසුවේ දැඩි සංවේගයෙනි. නැහැ තාත්තේ සීයා ඇඳුමේ චූ කර ගත්තාම, කක්ක කර ගත්තාම තමයි අම්මා ගහන්නේ.. යයි පුංචි පුතු කී විට ඔහුට සිය භාර්යාව තමාගේ පියාට සලකන ආකාරය හොඳින්ම තේරුම් ගියේලු.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ජංගම ස්මාර්ට් දුරකතනයේ නොදන්න යූ ටියුබ් නාලිකාවක් අතපත ගාන්න ගොස් බිරියගෙන් කොසු පහර කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ වතුගෙදරින් අසන්නට ලැබ
සදාචාරවත් රටක් ගොඩනැගීම සඳහා හොරකම වංචාව නැතිව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම යැයි නිතර දේශනා කරන උපාසකයකු රට කපටි වැඩක් කර මා
කුලියාපිටිය කොළඹ සුඛෝපභෝගී බසයක කොන්දොස්තරවරයෙකි. කුඩා පාර්සල් ආදිය හිතවත් කමට රැගෙන ගොස් දීම සාමාන්‍ය සිරිත වුවත් එය ඇතැම් වේලාවල් වලට කරදර බව කියන
පිටරට ඉන්න සැමියාට වීඩියෝ කෝල්වලින් සිය මාමණ්ඩියට හොඳින් සලකන බව පෙන්වා දුන් ලේලියකට මිනිබිරිය එය හොඳින්ම වීඩියෝ කෝල් එකකින්ම පසක් කරදුන් අපූරු පුවත
පෙම්වතියට විහිළු කළා යැයි තරුණයකුගේ ඇඳුම් ගලවා විසි කර දමා යට ඇඳුම පිටින් එළවා දමා ඇතැයි කියන පෙම්වතකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමයකින් ව
විදුහල්පතිගෙන් ගරුසරු ලබන්නට ගිය සිසුවියක නිසා තම පියාගේ අතට තට්ටු වූ පුවතක් වයඹ පළාතට අයත් ගැමි පෙදෙසක පාසලකින් අසන්නට ලැබුණි. ගම්බද පෙදෙසක් වුවත් ප
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වීඩියෝ හුටපටයෙන් මායියාගේ සාත්තුව දැනගෙන