IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වී මිටියක් කැඩුණු පවුලක් සමථ කරලා

(ගල්ගමුව - නිහාල් ජයවීර)
බිඳ වැටී තිබූ විවාහයක් වී මිටියක් මගින් සමගි සම්පන්න කිරීමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් දැන ගැනීමට ලැබිණ.


සිය විවාහක බිරිය සාපරාධි අන්දමින් තමා අතහැර ගොස් සිටින බවට සැමියෙකුගෙන් ගල්ගමුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුව විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් මහතා (48369) පැමිණිලිකරුගේ නම, ගම සොයාගෙන ඔහුගේ නිවසට ගොස් ඇත්තේ පැමිණිල්ල විභාග කිරීමටය.


පැත්තක් කඩා වැටුණු වහලයක් සහිත කුඩා ගෙයක් ඉදිරිපිට ලී කොටයක් මත වාඩි වී සිටි අපිළිවෙළට කොණ්ඩය, රැවුල වවාගෙන, වැරහිලි ඇඳගත්, මැදි වයසක පසුවන පුද්ගලයකු අජිත් රාලහාමිට දැකගන්නට ලැබිණ. “තමාද අහවලා” රාලහාමි ඔහුගෙන් විමසීය. “ඔව් මහත්තයෝ ඒ මං තමයි”යි ඒ පුද්ගලයා පිළිතුරු දෙද්දී කටින් වහනය වූ මත්පැන් ගඳ නිසා රාලහාමිගේ දෙනාස්පුඩු හැකිළිණ. ඉතාමත් දුර්වර්ණ වූ ඔහුගේ දත් දෙපළ අවුරුදු තුනකින්වත් මැද නැති බව රාලහාමිට සිතිණ.


“මොකක්ද මේ ආරෝව” අජිත් රාලහාමි විමසීය. “අනේ මහත්තයෝ පුංචි දා ඉඳලා බැඳලා හිටිය ගෑනි දැන් මං ළඟට එන්නේ නෑ. ඒකි රට ගියා. අවුරුදු පහකින් විතර පස්සේ දැන් ඇවිත් ඉන්නේ. හප්පා! බලන්ඩ එපායැ තැඹිලි ගෙඩිය වාගේ. ඒත් වැඩක්යැ. ආපු දා ඉඳලා ඒකි මෙහෙ එන්නේ නෑ. ඒකිගේ අම්මගේ ගෙදරට වෙලා ඉන්නවා” පැමිණිලිකරු වංහුං කියන්නට විය.


ඒ බිරිය සිටින නිවස ගැන තොරතුරු ඔහුගෙන් අසාගෙන පොලිස් නිලධාරියා එහි ගොස් තිබේ. ඇය ඇහැටකනට පේන එකියකි. “මොකද මේ දීගමගුල ඇරෙන්න යනවා කියන්නේ” පොලිස් නිලදරුවා ඇගෙන් විමසීය.
“කොහොමද ඒ මිනිහත් එක්ක දීගමගුල් කන්නේ. පේන් නැද්ද වැද්දෙක් වගේ. අහලින් යන්ඩ බෑ ගඳ. දත් ටික මැදගන්නේ නෑ. ඇඳුම් ගොමස්කඩ වගේ. කසිප්පු බී ගෙන ගන්දස්සාරේ බෑ. මට නම් බෑ ඔය මිනිහත් එක්ක ඉන්න” ඒ භාර්යාව අඩි හප්පාගෙන කීවාය.


පොලිස් රාලහාමි ආපසු ගොස් ඇත්තේ පැමිණිලිකරුගේ නිවසටය. “තමුන් ගාව සල්ලි තියෙනවාද?” රාලහාමි විමසීය. “රුපියල් විස්සක් තියෙනවා” ඔහු කීය. “විස්සක් මොනා කරන්නද ඕයි. ගෙදර වී තියෙනවා නේද” යි රාලහාමි ඇසීය. “ඔව් වී මිටි හතරක් තියෙනවා” ඔහු කීය. “ඒකෙන් එකක් ගන්නවා එළියට” රාලහාමි දැනුම් දුනි. ඔහු පොහොර උරයකට දමා තිබූ වී මිටියක් එළියට ගත්තේය. “ඕක කඬේට අරන් ගිහින් විකුණාගෙන එනවා” රාලහාමි කීය.


“අනේ මහත්තයෝ ඒක විකුණලා හරියනවාද. ඔච්චර තමයි කැඳ බොන්න හරි තියෙන්නේ” ඔහු අදිමදි කරමින් කීය.


“ඔය වී මිටිය විකුණලා ගන්න සල්ලිවලින් හොඳ සුවඳ ගහන සබන් කෑල්ලකුයි, දත් බුරුසුවකුයි ගන්නවා. හොඳට කොණ්ඬේ රැවුල් කපා ගන්නවා. ඒ කරලා ඔය තියෙන ඇඳුම් ටික වැවට අරන් ගිහින් හොඳට හෝදලා ඒවා වේළෙනකම් තමුසේ දත් ටික මැදගන්නවා. ඊට පස්සේ වැවට බැහැලා නාලා හොඳට සබන් ගාලා ඇඟ අතුල්ලා ගන්නවා. එහෙම කරලා හවසට ගෑනි ඉන්න ගෙදර පැත්තේ යනවා. කසිප්පු බොන්නේ එහෙම නෑ හොඳේ” රාලහාමි උපදෙස් මාලාවක් දුන්නේය.


“එතකොට හරියයිද මහත්තයෝ” ඔහු ඇසීය. “හරියයිද නැද්ද බලන්න මං කීව විදිහට තමුසේ කරලා බලනවාකෝ”යි කියමින් පොලිස් නිලධාරි පිටවිය.


සති කීපයකට පසු එහි ප්‍රගතිය හෝ අගතිය ගැන දැන ගැනීමට අජිත් මහතා එහි ගොස් තිබේ. ඒ යනවිට පැමිණිලිකරු නැන්දම්මාගේ නිවසේ කොට බිත්තියක් උඩ වාඩි වී දරුවෙකු සුරතල් කරමින් සිටින අයුරු දැක තිබේ. පැමිණිලිකරු වහා නිවස තුළට ගොස් බිරිය කැඳවාගෙන ආවේය. ඔහු තමා දුන් උපදෙස් අකුරටම පිළිපැද ඇති බව රාලහාමි දුටුවේය. “දැන් දෙන්නා සමගියි නේද” රාලහාමි විමසද්දී “අනේ ඔව් මහත්තයෝ අපි දෙන්නා මේ ලෑස්ති වෙලා ඉන්නෙත් ගේ හදන්න බඩු ගේන්ඩ යන්ඩ” පැමිණිලිකරු පිළිතුරු දුන්නේය.


“බොහොම හොඳයි, බොහොම හොඳයි. එහෙනම් මං පැමිණිල්ල සමථයකට පත්වුණා කියලා පොතේ ලියන්නම්” කියමින් පොලිස් නිලධාරියා ආපසු ආවේය.

 



අදහස් (2)

වී මිටියක් කැඩුණු පවුලක් සමථ කරලා

Sumedha Monday, 14 October 2019 03:32 PM

සාධු සාධු සාධු..!!! සතුටින් අනුමෝදන් වෙන්න පුලුවන් පින්කමක්... බිඳුණු පවුලක් එකතු වුණා...

:       0       469

lalithm Thursday, 17 October 2019 02:38 AM

හොඳ මොලයක් තියෙන පොලිස් නිලධාරියෙක්. විශිෂ්ටයි.

:       0       28

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 526 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 953 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 887 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1167 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9510 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 886 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2078 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site